ඩුබායි සාදය මධුෂ්ගේ බව යන්න කලින්ම දැන සිටියා.. නදිමාල් CIDට කියයි.. ගුවන් ටිකට් දී ඇත්තේ මධුෂ්ගේ අනියම් බිරිදයි..
March 28, 2019 at 10:40 am | lanka C news
තමන් සහභාගී වන්නේ පාතාල නායක මාකදුරේ මධුෂ්ගේ සාදයකට බව පසුගිය පෙබරවාරි 05 වැනිදා ඩුබායි සාදයට සහභාගී වීමට පෙර දැන සිටි බව නදිමාල් පෙරේරා රහස් පොලීසියට පවසා ඇති බව හිරු රූපවාහිනිය වාර්තා කලේය.
තම පියා වන ගායන ශිල්පී අමල් පෙරේරා ඒ බව තමන්ට දැනුවත් කලේ යයි නදිමාල් පෙරේරා ප්‍රකාශ කර තිබේ.
මෙරටට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කරද්දී ඔහු මේ බව හෙලි කර තිබේ.
ඊයේ දිනයේ නදිමාල් පෙරේරාට මෙරටට ඒමට ගුවන් ටිකට් පත ලබා දී ඇත්තේ ඩුබායිහි සිටින මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිද යයිද උසස් පොලිස් නිලධාරියෙක් උපුටමින් හිරු රූපවාහිනිය වාර්තා කලේය.
mun okkoma danagena thama weda…
මොවුන් කලාකරුවන් ලෙස, මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සබඳතා පවත්වීම අතිශයින්ම නින්දිත ය. ඩුබායි පොලීසියට අසුවූ බැවින් මේ තොරතුරු එළිදරව් විය. එසේ නොමැති නම් මොවුන්ගේ ඉදිරි ක්‍රියා කාරකම් කුමන ආකාරයකට සිදුවේද යන්න අභිරහස් ආකාරය. මේ රට විනාසයට ඇද දමා මත් ද්‍රව්‍ය වලින් උපයන මුදල් වලින් යැපීමට, පොලීසියට අවශ්‍යව සිටි ප්‍රබල පාතාල අපරාධ කරුවන් සමග සබඳතා පවැත්වීම, මොවුන් කලාකරුවන් ලෙස කර ඇත්තේ මෙරට සහෘද ජනතාව හා සමස්ත රටම නොසලකා හැරීමකි. රැවටීමකි. කලාකරුවකුට ගෞරවය කළ යුත්තේ, කලාකරුවෙකු වශයෙන් මානව ප්‍රජාවේ යහපත වෙනුවෙන් තම නිර්මාණ දායකත්වය සලසන තාක් පමණි. කලාව තුලින් තම නිහීන, සමාජ විරෝධි ක්‍රියාවන් වසා ගැනීමට කිසිසේත් ම ඉඩ නොතැබිය යුතුය.
mrvin kiyana thaththa nisa amal raja una, amalkiyana thaththa nisa nadimal balu una.