ඩුබායි සිටි තවත් දෙදෙනෙක් පිටුවහල් කරයි.. මාකදුරේ මධුෂ්ගේ ඩුබායි අභියාචනයේ තීන්දුව අදයි..
April 18, 2019 at 9:20 am | lanka C news
ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාතාල නායක මාකදූරේ මදූෂ් ඇතළු පිරිස සමඟ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද දිනයේ මෙරටට පිටුවහල් කර තිබේ.
ඔවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපලේදී රහස් පොලිසියේ භාරයට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේවන විට ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
අද දිනයේ මෙලෙස පිටුවහල් කර ඇත්තේ පියල් පුෂ්පකුමාර සහ මොහොමඩ් අෆ්රිඩි මොහොමඩ් ඉන්හාම් නම් දෙදෙනෙකි.
මේ අතර තවදුරටත් ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් විසින් ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ඩුබායි ආරංචි මාර්ග සඳහන් කරයි.