ඩෙංගු ආපදා තත්වයක් ප‍්‍රකාශයට පත් කරන්න යයි.. රණවිරුවන් කුණු අදින්න දමන්න සූදානම්..

June 16, 2017 at 6:37 am | lanka C news
ඩෙංගු ආපදා තත්වයක් ප‍්‍රකාශයට පත් කරන්න යයි.. රණවිරුවන් කුණු අදින්න දමන්න සූදානම්..

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම සදහා බලපා ඇති කසල කළමණාකරණය විධිමත් නොවීම හේතුවෙන් තාවකාලික විසදුමක් ලෙස ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර සති දෙකක කාලයක් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය යොදවා කසල කළමණාකරණය කිරීමෙි වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් සදහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පස්වරුවෙි පැවැති සාකචිඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

මෙම සාකචිඡාවට හෙට්ටිගොඩ පෞද්ගලික සමාගමෙි නියෝජිතයින් එක්ව සිටි අතර, ඔවුන් පාසල් 500 ක දරුවන් දැනුවත් කිරීමෙි වැඩපිළිවෙලක් ආරම්භ කිරිමට මෙහිදී පොරොන්දු විය.

මෙම සාකචිඡාවෙි දී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ඩෙංගු රෝගය ලෝකය පුරාම වර්තමානයේ ව්‍යාප්ත වී තිඛෙනවා. එහිදී කසල කළමණාකරණය ඉතාම වැදගත්. ඒ සදහා දැඩි නීති රීති ගෙන ආ යුතුයි. කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල තවමත් කසල ගොඩගැසී ඇති අයුරු දක්නට ලැඛෙනවා. පසුගිය රජය සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කසල කළමණාකරණය සහ නගර පවිත්‍ර කිරීම් සිදු කළේ ත්‍රීවිධ හමුදාව යොදවමින්. ඒ ආකාරයට ත්‍රීවිධ හමුදාව යොදවා කසල කළමණාකරණය සහ පවිත්‍ර කිරීමෙි කටයුතු ආරම්භ කළ යුතු බව මම ජනාධිපතිවරයාට යෝජනා කළා. තව ද ඩෙංගු පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ හදිසි රැස්වීමක් පවත්වා පළාත් සභා සහ පළාත් පාලන ආයතන දැනුවත් කිරීමෙි වැඩසටහනක් ආරම්භ කළ යුතුයි. කසල කළමණාකරණය සදහා ජනතාවගේ දායකත්වය ද විධිමත්ව ලැබිය යුතු අතර, තම නිවාස වල එකතු වන කසල විනාශ කිරිමට ජනතාව පියවර ගත යුතුයි” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

13 views
Main News