ඩෙංගු උවදුරින් බෙිරීමට සැවොම එක්විය යුතුයි..

June 26, 2017 at 2:13 am | lanka C news
ඩෙංගු උවදුරින් බෙිරීමට සැවොම එක්විය යුතුයි..

ඩෙංගු උවදුරින් බෙිරීමට සැවොම එක්විය යුතු බව ජාතික ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධිීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ඊයේ (24) දින සිට ආරම්භ විය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලීසියේ සාමාජිකයින් 1000 ක අමතර පිරිසක් මෙි සදහා යොමු කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, පළාත් පාලන අමාත්‍යාංශ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

එම ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඒ පිළිබදව දැනුවත් කිරීමෙි වැඩසටහනක් ඊයේ (24) පෙරවරුවෙි නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශ්‍රවණාාගාරයේ දී පැවැත්විනි.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 හි ග්‍රාම නිලධාරි වසම් 557 ක ඒකක 2600 ක් තුල මෙම වැඩසටහන ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන මගින් සෑම සිකුරාදා දිනයකම රාජ්‍ය හා පුද්ගලික කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරිම, සෙනසුරාදා දිනයන් හීදි නිවාස ආශ්‍රීත පරිශ්‍ර පිරිසිදු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමට නියමිතය.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 න් 14 ක්ම අධිඅවධානම් කළාප ලෙස හදුනාගෙන ඇත. එම නිසා මෙි මොහොතේ ඩෙංගු උවදුර ජාතික අවශ්‍යතාවයක් සේ සළකා මහජනතාව කටයුතු කළ යතු බවත්, ඒ සදහා අවශ්‍ය අන්තර් අමාත්‍යාංශ මැදිහත්වීම සහ රෝගී ජිවිත බෙිරා ගැනිමෙි කාර්යයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ තමන් ඇතුලු සියළු සෞඛ්‍ය සේවකයින් එක්වී සිටින බව ජාතික ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධිීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පැවැසීය. විවිධ පාරිසරික සාධක මත සෑම දිස්ත්‍රික්කයකින්ම ඩෙංගු රෝගීන් වාර්තා වන බැවින් හැකි සෑම අවස්ථාවක දීම මදුරුන් බෝවීමට හැකි ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන්නැයි ඒ මහතා මෙහිදී වැඩි දුරටත් ඉල්ලා සිටින ලදි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

48 views

One Comment to “ඩෙංගු උවදුරින් බෙිරීමට සැවොම එක්විය යුතුයි..”

  1. වෙදහාමිනේ says:

    අනේ මතු බුදුවෙන බුදුන් දැක නිවන් දැකපං ඩෙංගු මදුරුවෝ! කරුණාකරල අර දියවන්නාවේ ඉදන් රට කන හැතගේ තට්ටමේම කා ලා ඔවුන් මේ රටෙන් තුරන් කරපං අසරණ මිනිස්සු බේරල.

Main News