ඩෙංගු කීටයන් ඇල්ලුවොත් මුදල්..

July 2, 2017 at 12:40 pm | lanka C news
ඩෙංගු කීටයන් ඇල්ලුවොත් මුදල්..

ඩෙංගු මදුරු කීටයන් අල්ලා රජයට බාරදෙනු ලබන පුද්ගලයන්ට මුදලක් ගෙවීමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා යෝජනා කර තිබේ.

ඇමතිවරයා පවසන්නේ ඩෙංගු රෝගය මර්දනය කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කල බවයි.

පකිස්තානයටද බලපෑ ඩෙංගු අධි වසංගත තත්වය පාලනය කිරීමට මෙම උපක‍්‍රමය භාවිත කල අතර ඩෙංගු කීටයන් අල්ලාගෙන එන අයෙකුට රුපියල් 2000ක මුදලක් දුන් බවද ඇමතිවරයා කියයි.

ඩෙංගු කීටයන් ගෙනවිත් දුන් පසු ඩෙංගු මර්දනය ඒකකයන් එම ස්ථානයට ගොස් කීටයන් විනාශ කරන බවද ඔහු වැඩි දුරටත් කියයි.

180 views

12 Comments to “ඩෙංගු කීටයන් ඇල්ලුවොත් මුදල්..”

  1. කරුණාකර මේ ගැන කල්පනා කර බලන්න.
    ඩෙංගු ප්‍රශ්නය ගැන අප දන්න දේ:-
    ✓ ශ්‍රී ලංකාව දිවයිනකි.
    ✓ ඩෙංගු යනු වෛරසයක් නිසා සෑදෙන රෝගයකි.
    ✓ ඩෙංගු වෛරසය මදුරුවෙක් මගින් පතුරුවයි.
    ✓ ඩෙංගු වෛරසයට විවෘත පරිසරයේ ජීවත් විය නොහැකිය.

    ඉහත දේ සත්‍ය නම් පහත දේත් සත්‍ය විය යුතුය:-
    ✓ සියලු මදුරු දශ්ට කිරීම් නතර වුවහොත් ඩෙංගු රෝගය සතියකින් දිවයිනෙන් සහමුලින් තුරන්වෙයි.
    ✓ සියලු ඩෙංගු රෝගීන් හට මදුරුවන් දශ්ට කිරීම නතර වුවහොත් සති පහකින් (5) ඩෙංගු රෝගය තුරන් වෙයි.
    ✓ සියලු ඩෙංගු රෝගීන්ගෙන් අඩක් හට මදුරුවන් දශ්ට නොකෙරුවොත් මාස හතරකින් (4) ඩෙංගු රෝගය තුරන් වෙයි.

    ඩෙංගු මදුරු සංහාරය ක්‍රියාවට නංවන අතර, දැන්වත් අපට හැකි සෑම ක්‍රමයකින් අඩු ගණනේ හඳුනාගත් ඩෙංගු රෝගීන් මදුරුවන් දශ්ට කිරීමෙන් ප්‍රවේසම් කෙරුවහොත්, අපට ඩෙංගු රෝගය අවම කොට, අවසානයේදී රටෙන් තුරන් කල හැකි බව අපගේ විශ්වාසයයි.

    කරුණාකර බලන්න: http://eradicatedengue.blogspot.com/2017/06/blog-post.html

Main News