ඩෙංගු නිසා යාපනය සරසවියේ විද්‍යා අංශය වසයි.. සරසවි සිසුවෙකුත් ඩෙංගු මාරයාට බිලි.. තවත් පිරිසක් රෝහලේ..

August 24, 2017 at 2:17 am | lanka C news
ඩෙංගු නිසා යාපනය සරසවියේ විද්‍යා අංශය වසයි.. සරසවි සිසුවෙකුත් ඩෙංගු මාරයාට බිලි.. තවත් පිරිසක් රෝහලේ..

යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිසුවෙකු ඩෙංගු උණ වැළඳීමෙන් මිය යාමත් විදයා අංශයේ සිසුන් 09 දෙනෙකුට ඩෙංගු උණ වැළඳීමත් නිසා ඊයේ (23) සිට ලබන සැප්තම්බර් මස 04 වනදා දක්වා විද්‍යා  අංශයට නිවාඩු ලබා දීමට යාපනය උපකුලපති රත්නම් විග්නේෂවරන් මහතා පියවර ගෙන ඇත.

යාපනය සරසවියේ විද්‍යා අංශයේ පළමු වසරේ ඉගෙනමු ලැබූ වව්නියාව මදවයිත්තිකුලම් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විජයරත්නම් වින්දුෂන් නැමති සිසුවා යාපනය සරසවියේ කොණ්ඩාවිල් නේවාසිකාගාරයේ සිටියදී දින තුනක් තිස්සේ ඩෙංගු උණ වැළඳීමෙන් පසුව පසුගිය 20 වනදා යාපනය රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් ඇත.

පසුව විද්‍යා අංශයේම සිසුන් 09 දෙනෙකුට ඩෙංගු උණ වැලඳ ඇති අතර ඉන් සිංහල සිසු 08 ක්ම සිටි අතර අදාල සිසුන්ද ප්‍රතිකාර ලබා ගැනීමය රෝහල්ගත් වී ඇත.

මේ හේතුව නිසා සිසුන් පිරිසක් විසින් විද්‍යා අංශ පීඨාධිපති එම් කුගනාදන් මහතාගෙන් ඉල්ලා ඇති අතර ඒ පිළබඳව යාපනය උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසුව අද දහවල් 12න් පසුව විද්‍යා අංශයට නිවාඩු ලබා දීමට තීරණය කොට ඇත.

මේ අනුව විදයා අංශයේ අධයාපනික කටයුතු නැවත ඇරඹෙන්නේ සැප්තම්බර් මස 04 වනදා වන අතර ඊට පෙර ඩෙංගු උවදුර මැඩපැවත්වීමට කටයුතු කරන බවට යාපනය විශවවිද්‍යාල පාලනාධිකරිය සිසුන් වෙතට දැනුම් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

44 views
Main News