ඩෙංගු පාලනයට සුව ඇමැති ධූමායන යන්ත්‍ර බෙදයි..
February 24, 2017 at 2:21 am | lanka C news
ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරිම සදහා ධූමායන යන්ත්‍ර 30 ක් බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට ඛෙදාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.
ජර්මනියෙන් ආනයනය කරන ලද මෙම ධූමායන යන්ත්‍රයක වටිනාකම රුපියල් එක්ලක්ෂ 50,000 ක් පමණ වෙි.
මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයට ධූමායන යන්ත්‍ර 10 ක්. කළුතර දිස්ත්‍රික්කයට 10 ක් සහ ගමපහ දිස්ත්‍රික්කයට 10 ක් බැගින් ඛෙදා දෙන ලදි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ධූමායන කටයුතු සහ නිවාස පරීක්ෂා කිරීම සදහා ක්ෂේත්‍ර නිලධාරීන් 500 ක් බස්නාහිර පළාත සදහා කඩිනමින් බදවා ගන්නා බවයි. 2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් බවට සැක කෙරෙන රෝගීන් 15,180 ක් වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා වී ඇති අතර, ඉන් සියයට 43.05 ක් බස්නාහිර පළාතෙන් වාර්තාවීම ද විශේෂත්වයකි.
මෙම යන්ත්‍ර ඛෙදාදීමෙි අවස්ථාවට වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඒ.එල් ෆරීඩි මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය