ඩෙංගු පැතිරී ජනතාව මිය යන්නේ අධිකරණය කුණු දැමීම තහනම් කරන නිසා..

July 6, 2017 at 1:20 pm | lanka C news
ඩෙංගු පැතිරී ජනතාව මිය යන්නේ අධිකරණය කුණු දැමීම තහනම් කරන නිසා..

කසළ බැහැර කිරීම අත්හිටුවමින් අධිකරණය විසින් තහනම් නියෝග ලබාදීමෙන් සිදුවන්නේ ඩෙංගු ඇතුළු විවිධ රෝග පැතිරී ජනතාව මරණයට පත්වීම යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න අසන අවස්‌ථාවේදී ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එජාප මන්ත්‍රී එස්‌. එම්. මරික්‌කාර්, මුජිබර් රහුමාන්, ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස, බිමල් රත්නායක, එජනිස මන්ත්‍රී පද්ම උදයශාන්ත යන මහත්වරු අගමැතිවරයාගෙන් ඊයේ ප්‍රශ්න කර සිටියහ. එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේද කීවේය.

නාගරික කසළ බැහැර කිරීමට නිසි ස්‌ථානයක්‌ නෑ. ඒ නිසා ගැටලු මතුව තිබෙනවා. මේ සඳහා ස්‌ථිර ස්‌ථානයක්‌ යොදා ගැනීමට කටයුතු කරනවා. ඒ ඒ පළාතට සුදුසු ලෙස කසළ කළමනාකරණයට අවශ්‍ය උපදෙස්‌ ලබාදී තිබෙනවා. යන්ත්‍රානුසාරයෙන් කොම්පෝස්‌ට්‌ නිපදවීම සඳහා පළාත් නවයට යන්ත්‍ර නවයක්‌ (9 ක්‌) ප්‍රතිචක්‍රීය ව්‍යාපෘති විසි පහක්‌ (25 ක්‌) ලබාදීමට කටයුතු කර තිබෙනවා. කසළ ප්‍රවාහනයට යන්ත්‍ර සීයක්‌, කොරියානු සහනාධාර යටතේ තවත් වාහන එකසිය පනහක්‌ මිලට ගැනීමට කටයුතු කරනවා.

රාජපක්‍ෂ පාලනය ණය කන්දක්‌ වගේම කුණු කන්දකුත් ඉතිරි කළා. රාජපක්‍ෂලා වගේ අපි මේ ප්‍රශ්නවලට බයේ පැනලා යන්නේ නෑ. ඉදිරි පරපුරට ණය බර නැති කුණු නැති හෙටක්‌ උරුම කර දෙන්න අප කටයුතු කරනවා. එදා කුණු සියල්ල ගෙන ගියේ කුණු කන්දට. අද කුණු කන්ද නෑ.

දැනට දොම්පෙට, මුතුරාජවෙලට, කරදියානට කුණු ගෙනයනවා. මුතුරාජවෙල සමහර තැන්වලට කුණු දැමීමෙන් හානි සිදුවෙනවා. කරදියානට, මුතුරාජවෙලට කුණු දැමීම අධිකරණයෙන් තහනම් කරලා. කොළඹ නගරයේ කුණු කොහොමහරි ශුද්ධ කරන්න අප කටයුතු කරනවා. දෙහිවල ගල්කිස්‌ස, කෝට්‌ටේ ප්‍රශ්නයක්‌ නෑ. කොළඹ, කොළොන්නාව, කඩුවෙල, බියගම, කැලණිය මේ ප්‍රශ්නය තියෙනවා.

උසාවි නියෝග දෙන්න ගියොත් කොළඹ කුණු වැඩිවිය හැකියි. කුණු අඩුවෙන්නේ නෑ. මේවා අත්‍යවශ්‍ය සේවා. ඒවාට කොහොමද නියෝග දෙන්නේ. කරුණු සොයාබලා අනෙක්‌ පාර්ශ්වත් කැඳවා සාකච්ඡා කරලා තීරණයක්‌ දීමේ වගකීම උසාවිවලට තියෙනවා. මේ බරපතළ ප්‍රශ්නයක්‌. ඩෙංගු හැදිලා මිනිස්‌සු මැරෙනවා. මෙහෙම තහනම් නියෝග දුන්නොත් රටේ ලෙඩ රෝග පැතිරෙනවා. හමුදාව, පොලිසිය, නගර සභා ලෑස්‌තියි මේ කුණු බැහැර කරන්න. ඒ අනුව උසාවිත් කටයුතු කළ යුතුයි.

ශ්‍රී ලංකාව තුළ සිංහල දෙමළ මුස්‌ලිම් ජනතාවට සාමකාමීව ජීවත් විය හැකි වාතාවරණයක්‌ අප සකස්‌ කර තිබෙනවා. අන්තවාදීන්ගේ අරමුණ ජාතිවාදය අවුස්‌සා රට තුළ අස්‌ථාවරත්වය ඇති කිරීමයි. සමහර ජනමාධ්‍යත් ජාතිවාදය, ආගම්වාදය අවුස්‌සන ආකාරයේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. සෑම පොලිස්‌ වසමකම දිවා රාත්‍රි මුර හා පාබල සංචාර සහ ප්‍රජාව දැනුවත් කිරීමේ කටයුතු සිදුකරමින් මේ තත්ත්වය පාලනයට කටයුතු කරනවා. මුස්‌ලිම් පල්ලි, බෞද්ධ සිද්ධස්‌ථානවලට හානි වූවානම් සහන ලබාදීම අපේ ප්‍රතිපත්තියයි. මේ අපරාධවලට හවුල් වූවන් ආරක්‍ෂා කරන්න කිසිවකු කටයුතු නොකළ යුතුයි. ජාතිවාදයට ආගම්වාදයට අපේ රටේ ඉඩක්‌ නෑ. එවන් අසත්පුරුෂකම් සිදුකරන අයට හිමිවන්නේ ඉතිහාසයේ කුණු බක්‌කිය බව කිව යුතුයි.

– දිවයින

27 views

6 Comments to “ඩෙංගු පැතිරී ජනතාව මිය යන්නේ අධිකරණය කුණු දැමීම තහනම් කරන නිසා..”

  1. රාහුල කොලුවා says:

    උසාවිය වසා දැමූ විට ඩෙංගු මදුරුවා මිය යනු ඇත…

  2. ඩෙංගු මදුරී says:

    ඔය කෝලමක් වගේ ඉන්න තොල් රතු මහත්තය හිතන් ඉන්නෙ අපේ පැටවු කුණු ගොඩේ හැදෙන පනුවො කියලද ?

  3. lalith says:

    ඔක්කොම කුනු වික්ටෝරියා පාක් එකට දාන්න

  4. හොරාගෙ බාප්පා says:

    නලුවෙක් නෙවෙය් මොලයක් කියපු එකාට මොලේ කඳුලක් නැහැ. තෙත් බිම් වලට කුනු දමන්නෙ මොන හොරාද පකෝ.

  5. Niru says:

    This bugger has only got his mother to blame now

  6. Aurora says:

    නගර සභා ප්‍රදෙශියසභා චන්දෙන් SLFP එකේ රෙදි ගැලවෙන බවත් ඒකෙන් බොරුපති හතරගාතෙන් වටෙනබව දන්නා නිසාත් චන්දෙ කල් දමා විකාර කතා කියවමින් යනවා. මහජන නියෝජිතයෝ හිටියනම් එක් එක් ප්‍රදේශයට ගලපෙනවිදියට මදුරු මර්ධනය කරන්න තිබුන. ලක්ෂ 62 ජනවරමේ අද තත්වය ලක්ෂ 31 න් පහල බැහැල බව හැන්ගීමේ චේතනාවෙන් චන්දෙ නොතියන උන් මේ ඩෙංගු වසංගතයට වගකියන්න ඕනෑ. මේවා රෝගී මරණ නොවෙයි, මිනීමැරුම්.

Main News