ඩෙංගු ප්‍රතිකාර සදහා පුද්ගලික රෝහල්වලින් පැය 02ක් තුල නිකුත් නොකරන පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තා ප්රතික්ෂෙප කෙරේ..
July 22, 2017 at 2:22 am | lanka C news
ඩෙංගු රෝගීන් පෞද්ගලික රෝහල්වලින් සිදු කරන පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තාව පැය 02 ක් ඇතුළත නිකුත් කිරීමට නොහැකි වුවහොත් ප්‍රතිකාර කිරීමට එය වලංගු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේය. ඇතැම් පෞද්ගලික රෝහල් පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට පැය 02 කට වැඩි කාලයක් ගන්නා බවට වෛද්‍යවරුන්ගෙන් ලැබුන පැමිණිලි මත අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව කියා සිටියේය. වාර්තා ප්‍රමාද වීම නිසා ප්‍රතිකාර කිරීමෙි ගැටළු මතුවන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. එම නිසා පෞද්ගලික රෝහල්වලින් පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තා පැය 02 කට පෙර නොලැඛෙන්නේ නම් රජයේ රෝහලකට පැමිණ නොමිලේ පරීක්ෂණ කටයුතු සිදු කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි. රජයේ රෝහල්වල පැයක් තුල පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තා ලබාදෙන අතර, කොළඹ ජාතික රෝහලේ ව්නාඩි 10 කින් රුධිර පරීක්ෂණ වාර්තාවක් නිකුත් කරයි.
මෙි අතර ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා දිවයින පුරා පිහිටි වරාය වල ඉවත් කරන ලද බොට්ටු ව්නාශ කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු ව්ය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ධිවර සහ ජලජ සම්පත් අමාත්‍යවරයා දුරකථනයෙන් සාකචිඡා කර ඒ සදහා ව්ශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලදි.
තව ද දිවයින පුරා සියළුම පාසල්වල ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් සහ රාජ්‍ය ආයතනවල ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබදව ද මෙහිදී සාකචිඡා කෙරුනි. එහිදී සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අධ්‍යාපන අමාත්‍ය අකිල ව්රාජ් කාරියවසම් මහතා සමග දුරකථනයෙන් මෙි පිළිබද සාකචිඡා කළ අතර, එහිදී මිීලග සිකුරාදා සියළුම පාසල්වලට නිවාඩු ලබා දී පාසල් පිරිසිදු කිරීමෙි දීප ව්‍යාප්ත වැඩපිළීවෙලක් දියත් කිරීමට තීරණය ව්ය. ලබන සෙනසුරාදා සහ ඉරිදා දිනවල සියළුම රාජ්‍ය ආයතන පිරිසිදු කිරීමට ද නියමිතය.
– ප්‍රසන්න අධිකාරි
ඩෙඞුවෝ ගිහින් ගහපන් යමපාලන පියාට ඉඤෙක්ෂමක් අපසු ගොඩ නොඑන්නම?