ඩෙංගු මදූරු පාලනය පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව බාරදෙයි..
July 12, 2017 at 2:34 am | lanka C news
සති 04 ක් තුල ඩෙංගු මදූරු ඝණත්වය සහ රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50 ක් දක්වා අඩු කිරීමෙි සැළසුම් සහිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් විසින් සකස් කළ ක්රමෝපායන් සහිත වාර්තාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට බාරදෙන ලදි. ඒ නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී ය.
මෙම වාර්තාව සකස් කිරීම සදහා ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් වෛද්‍යවරුන් සිවි දෙනෙකු ලෝක සෞඛ්‍ය සංවිධානය නම කර තිබුනි. ඔවුන් දිවයින පුරා සංචාරය කරමින් මෙම වාර්තාව සකස් කළ අතර ඒ පිළිබදව අමාත්‍ය ණ්ඩලය ද දැනුවත් කිරිමට නියෝජිත කණ්ඩායම සහභාගි විය.
ශ්‍රී ලංකාවෙි ඩෙංගු රෝගය පැතිරීම ආරම්භවීමත් සමග රෝහල් ප්‍රතිකාර සේවා නිසි අයුරින් සිදූ කර ඇති බවත්, මරණ සංඛ්‍යාව පාලනය කිරිම ඉතා හොද ලක්ෂණයක් බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් මෙහිදී පෙන්වා දූන්හ. වියට්නාමය, ලාඔිසය, කාමිබෝජය වැනි රටවල ද මෙි වනවිට මදූරු ඝණත්වය වැඩිවී ඇති බවත්, මෙම සාකචිඡාවෙි දී හෙළි විය.
– මාධ්‍ය ඒකකය
කරුණාකර මේ ගැන කල්පනා කර බලන්න.
✓ සියලු මදුරු දශ්ට කිරීම් නතර වුවහොත් ඩෙංගු රෝගය සතියකින් දිවයිනෙන් සහමුලින් තුරන්වෙයි.
✓ සියලු ඩෙංගු රෝගීන් හට මදුරුවන් දශ්ට කිරීම නතර වුවහොත් සති පහකින් (5) ඩෙංගු රෝගය තුරන් වෙයි.
✓ සියලු ඩෙංගු රෝගීන්ගෙන් අඩක් හට මදුරුවන් දශ්ට නොකෙරුවොත් මාස හතරකින් (4) ඩෙංගු රෝගය තුරන් වෙයි.
ඩෙංගු මදුරු සංහාරය ක්‍රියාවට නංවන අතර, දැන්වත් අපට හැකි සෑම ක්‍රමයකින් අඩු ගණනේ හඳුනාගත් ඩෙංගු රෝගීන් මදුරුවන් දශ්ට කිරීමෙන් ප්‍රවේසම් කෙරුවහොත්, අපට ඩෙංගු රෝගය අවම කොට, අවසානයේදී රටෙන් තුරන් කල හැකි බව අපගේ විශ්වාසයයි.
කරුණාකර බලන්න: http://eradicatedengue.blogspot.com/2017/07/blog-post.html