ඩෙංගු මර්ධනයට උතුරත් සැරසෙයි..

July 19, 2017 at 2:05 am | lanka C news
ඩෙංගු මර්ධනයට උතුරත් සැරසෙයි..

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පොලීසිය මෙන්ම සාමාන්‍ය ජනතාවද ඩෙංගු උවදුර මර්ධනය කිරීමට විවිධ වැඩසටහන් ආරම්භ කොට ඇත.

රටටම බලපා ඇති ඩෙංගු උවදුර පිළිබඳව උතුරේ ජනතාව පූරණ දැනුවත් කිරීම් කටයුතු උතුරු පලාත් සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුවත් කිරීමේ කටයුතු සිදු වන අතරම සෑම ප්‍රදේශයකම මංමාවත්, ඇල මාර්ග අවට හා කානු පද්දතීද පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි.

උතුරු පලාතේ වැඩිම ඩෙංගු අවධානමක් ඇති වව්නියාව දිස්ත්‍රීක්කයේ ඩෙංගු මර්ධනය කිරීම සඳහාද බලධාරීන් විසින් විවිධ වූ වැඩසටහන් දියත් කොට ඇති අතර ඒ සඳහා වව්නියාව පොලීසියේද සහය ලැබී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

142 views
Main News