ඩෙංගු මෙන් කොවිඩ් සමඟත් ජීවත් වෙන්න වෙනවා…

September 12, 2021 at 8:40 am | lanka C news
ඩෙංගු මෙන් කොවිඩ් සමඟත් ජීවත් වෙන්න වෙනවා…

ඩෙංගු රෝගය පාලනය කර ගනිමින් ජීවත් වන ආකාරයට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළාය.

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමඟ මේ නව තත්ත්වය මතුව ඇති බව පැවසූ මලවිගේ මහත්මිය සැමදා කොවිඩ් සමඟ ජීවත් විය නොහැකි බැවින් මහජන සෞඛ්‍ය වැඩසටහන්වලින් ඉගෙන ගැනීමට සිදුව ඇති බවත් පැවසුවාය.

නීලිකා මලවිගේ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ කොවිඩ් 19 අභියෝගය හමුවේ ඉදිරි ගමන යන මැයෙන් මාර්ගගතව කොළඹදී පැවති මාධ්‍ය සංවාදයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරිය මෙසේද කීවාය,

ඩෙංගු රෝගය අපේ රටේ පවතිනවා. අප ඒ රෝගයත් සමඟ එය පාලනය කර ගනිමින් ජීවත් වෙනවා. ඒවගේ මේ අවස්ථාවේ කොවිඩ් රෝගය සම්බන්ධයෙන්ද එවැනි මට්ටමකට පැමිණීමටයි අපට සිදු වන්නේ. මේ නව තත්ත්වය ඇති වන්නේ වේගයෙන් ප්‍රචලිත වන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමඟයි. ඒත් හැමදාම අපට කොවිඩ් සමඟ කාලය ගත කළ නොහැකියි. අපගේ මහජන සෞඛ්‍ය වැඩසටහන්වලින් ඉගෙන ගත යුතුයි. වැදගත් වන්නේ මරණ වැළැක්වීමයි. දැන් ඇති වී තිබෙන අනිත් සංවාදය තමයි කාටද එන්නත දෙන්නේ කියන කාරණය.

මෙය තීරණය කිරීම ඉතා අපහසු ප්‍රශ්නයක්. 60ට වැඩි වැඩිහිටියන්ට වැඩියෙන් ලබා දෙනවාද නැතිනම් අවුරුදු 20ට වැඩි තරුණ පරපුරට ලබා දෙනවාද ළමයින්ට එන්නත දෙනවාද වැඩිහිටි පරපුරට තුන්වැනි මාත්‍රාව දෙනවාද යන්න තීරණය කිරීම අභියෝගාත්මකයි. වැදගත් කාරණය තමයි එන්නත් ගත් අයත් මරණයට පත් වෙනවා.

ඇතැම් මාධ්‍යවලින් කොවිඩ් රෝගය වැලඳුණු අය පෙන්වන්නේ මහා අපරාධකාරයන් පෙන්වනවා වගේ. මේ වරදත් නිවැරැදි විය යුතු කාරණයක්.

– බුද්ධි කරුණාරත්න

23,124 views

21 Comments to “ඩෙංගු මෙන් කොවිඩ් සමඟත් ජීවත් වෙන්න වෙනවා…”

  1. නමුත් ප්‍රතිකාර කිරීමට තහංචි පනවා නොමැත,.! says:

    තමා කෙරෙහි ව්ශ්වාශයක් නොතබන මිත්‍යා දෘෂ්ටිකයන් මරණයේ මළ කෝණය තුළින් මුදවා ගැනීම, ඉතාමත් අසීරු
    නිශ්ඵල ක්‍රියාවක්ද ළෙසින් ඉසිවරයන් වහන්සේ විසින් හඳුන්වාදෙනු ළබයි….
    නමුත්,. ප්‍රතිකාර කිරීමට තහංචි පනවා නොමැත,.!

  2. ගෞම් ඊයාරාජ් says:

    ඔක්කොම එක්ක ජිවත් උනා කියහංකො අමූ මෝඩයො රට පාලනය කරනකොට , ඒකත් එක්ක ජිවත් වෙන්නේ කොහොමද කියලා කියන්නකො නොනා ?

  3. Donglee says:

    එතකොට අර එන්නත ගැහුවේ නිඉලිකගේ පුක සිතල කරගන්නද අනේ හුකේ නන්නනේ බබරු නටයි ගම්මානේ දැන් කොමිස් ඉවරවෙගනද යන්නේ

    • ගෞම් ඊයාරාජ් says:

      මෙහෙමයි එක්කො මෙයාට මතවාදයක් නෑ , නැත්තං කාටහරි කඩේ යනවා ,එක්කො ලොකේ වෙන එක දෙයක් අල්ලං වටේ යනවා. මෙහෙමයි ; අද ඩෙන්මාර්කය රටෙන් අතිශය බහුතරයකට කොවිඩ් එන්නත්කරනය කරලා , රටේ තිබු කොවිඩ් නිතීරිතී සැහෙන්න සිහිල් කරලා , සාමන්‍ය කරනය වූ පලමු යුරොපා රට බවට පත්වෙනවා. ඒ සත්‍ය දත්ත අනුසාරයෙන් , ප්‍රභල විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ , අපේ රටවල් එහෙම වෙන්න බැරිද ? බැරිකමක් නෑ පුලුවන් : එත් පැහැදිලි හා නිවැරැදි දත්ත ,විද්‍යාත්මක එන්නත්කරණය සහ ක්‍රමවේද , විද්‍යාත්මක ප්‍රවේශයක් තුල නව සාමන්‍යකරණයට සිරූ මාරූ වීම තුලින් පුලුවන් , එත් ඇන්දිලෙනුයි ,බොරුවෙනුයි ,උද්දච්ච කමෙනුයි ඒක කරන්න බෑ.

  4. Sri Lankan says:

    Still we couldnt find a vaccine for Dengi