ඩෙංගු රෝගීන් කළමණාකාරණයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්..

June 21, 2017 at 2:31 am | lanka C news
ඩෙංගු රෝගීන් කළමණාකාරණයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්..

අයි.ඩි.එචි ජාතික බෝවන රෝග විද්‍යායතන, මිීගමුව දිස්ත්‍රීක් මහ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ රත්නපුර මහ රෝහල යන රෝහල්වලට ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් පැමිණීම හේතුවෙන් රෝගී කළමණාකරණ සේවාව විධිමත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී මෙි පිළිබදව දිර්ඝ ලෙස සාකචිඡා විය.

මෙම රෝහල්වල තදබදය අවම කිරිම සදහා තලංගම, වෑතර, පිළියන්දල යන රෝහල් මෙන්ම ආනියාකන්ද සහ දංකොටුව යන ප්‍රාදේශිය රෝහල්වලට ද ඩෙංගු රෝගීන් ඇතුලත් කිරීමට කටයුතු යොදා ඇත. රත්නපුර මහ රෝහලේ දැනට ඉදිකර ඇති නව ගොඩනැගිල්ල ද ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා යොදා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. මෙම රෝහල්වලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල තාවකාලිකව අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත. පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම්ලාභීන් ද මෙම රෝහල්වලට තාවකාලිකව අනුයුක්ත කිරීමට තීරණය කර තිබෙි.

මෙම රෝහල් වලට අවශ්‍ය ඩෙංගු රෝගී නිරික්ෂණ යන්ත්‍ර ද කඩිනමින් ලබාගැනීමට කටයුතු යොදා ඇත. සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය මඟහරවා ගැනීම සදහා සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් ලබාදීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමෙින්තුව තීරණය කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට රෝගීන් ඇතුලත් කර ගැනීම ද අඛණ්ඩව සිදූ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

මෙි අතර ජාතික පාසල් 253 ක පාසල් දරුවන් යොදා ගනිමින් සෑම දිනකම පෙරවරු 11.00 සිට 12.00 දක්වා කාලය තුල එම පරිශ්‍ර පිරිසිදූ කිරීමෙි වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංහය සහ සෞඛ්‍ය අමාත්‍යාංහය ඒකාබද්ධව ආරම්භ කිරිමට ද නියමිතය. අවධානම් දිස්ත්‍රික්ක 06 ක රෝහල් සහ අනෙකුත් සේවා කටයුතු සමිබන්ධීකරණය කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වෙත එක් එක් දිස්ත්‍රීක්ක බාර දී ඇත. කෙටි කාලීන විසදූම් මගින් රෝගය පැතිරයාම පාලනය කිරිම ඔවුන්ට පැවැරී ඇති වගකීමක් වෙයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

10 views

One Comment to “ඩෙංගු රෝගීන් කළමණාකාරණයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්..”

  1. lal says:

    ඉස්පිරිතාලේ ඇදන් යට ඉන්නා ජනතාවගේ කැමැත්ත වන්නේ කුමක්ද?
    ඹවුන් ඡන්දය දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට සිංගප්පූරැවට ගොස් බෙහෙත් ගැනීමටය.

Main News