ඩෙංගු රෝගීන් 71,000ක්.. මරණ සංඛ්‍යාව 226ක්..

July 4, 2017 at 8:40 am | lanka C news
ඩෙංගු රෝගීන් 71,000ක්.. මරණ සංඛ්‍යාව 226ක්..

ඩෙංගු උවදූර වැළැක්වීම පිළිබද විශේෂ සාකචිඡාවක් ඊයේ (03) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙම සාකචිඡාවෙි දී ඩෙංගු රොගීන් සහ ඩෙංගු මරණ පිළිබදව දත්ත සැකසීම පිළිබදව අවධානය යොමු විය. දත්ත සැකසීම උදෙසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 10 ක් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයට අනුයුක්ත කරන අතර ඔවුන් දෛනිකව එම වාර්තා සකස් කළ යුතු වෙයි. මෙි වනවිට ඩෙංගු රෝගීන් 71,000 ඉක්මවා ඇති අතර, සිදූව ඇති මරණ සංඛ්‍යාව 226 කි.

රාගම ශික්ෂණ රෝහලේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඉදිකරන ඩෙංගු අධිසත්කාර ඒකකය තව තෙදිනක් තුල ආරම්භ කිරිමට මෙහිදී තීරණය විය. ඒ සදහා හෙද හෙදියන් 30 ක් සහ වෛද්‍යවරුන් ලබාදීමට ද ඩෙංගු රෝගීන් සදහා අවශ්‍ය විපරම් කිරීමෙි යන්ත්‍ර 10 ක් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි. ඩෙංගු උවදූර පාලනය කරන තුරු එය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කළමණාකරණය කිරීම සහ අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සදහා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරින්ගේ සහභාගීත්වයෙන් දෛනිකව රැස්වීම් පවත්වා අවශ්‍ය පියවර ගැනීම ඔහුට පැවැරී ඇති වගකීම වෙයි. ඩෙංගු රෝගීන් සදහා ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය අවශ්‍ය තරම් තොඟ පවත්වාගෙන යාම පිළිබදව ද මෙහිදී සකචිඡා කෙරුනි.

මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවියක් ඩෙංගු රෝගයට ගොදූරුවීම පිළිබදව මෙම සාකචිඡාවෙි දී අවධානය යොමු විය. එම විශ්ව විද්‍යාලයේම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තිදෙනෙකු සිටින බව මෙහිදී හෙළි විය. පළමු ඩෙංගු රෝගියා වාර්තා වූ පසු ධූමායන කටයුතු සහ පරිශ්‍ර පිරිසිදූ කිරීම සිදූනොකිරිම ගැටලුවක් බව වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දූන්හ. සියලුම විශ්ව විද්‍යාලවල ධූමායන කටයුතු සිදූ කිරිම හා පරිශ්‍ර පිරිසිදූ කිරීම උපකුලපතිවරුන්ගේ අධීීක්ෂණය යටතේ විධිමත්ව සිදූ කිරීමට ද තීරණය විය. මොරටුව විශ්ව විද්‍යාලයේ ඊයේ (03) උදෑසන ධූමායන කටයුතු සහ පරිශ්‍ර පිරිසිදූ කිරීම් සිදූ කළ අතර එහිදී ඩෙංගු මදූරු කීටයින් බෝවන ස්ථාන 15 ක් සොයා ගන්නා ලදි. තව ද එම විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කළාප වල ද මදූරුවන් බෝවන බව හෙළි වී ඇත. ඩෙංගු රෝගයට ගොදූරුවන පාසල් දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බව ද හෙළි විය.

කොළඹ ජාතික රෝහලේ ඩෙංගු රෝගීන් සදහා අවශ්‍ය පහසුකම් සහිත වාට්ටු 02 ක් සකස් කර ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

128 views
Main News