ඩෙංගු රෝගීන් 80,000 පනී.. 245ක් මියයයි..
July 9, 2017 at 8:02 am | lanka C news
දිිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක පවතින ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කළ හැකි කඩිනම් ක්රමවෙිදයක් සකස් කර ලබන සදුදා (10) වනවිට වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයට නියෝජිතයින්ට දැනුම් දෙන ලදි.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වී ශ්‍රී ලංකාවෙි ඩෙංගු උවදුර පිළිබදව විශේෂ සාකචිඡාවක නිරත විය. එම නියෝජිත කණ්ඩායමට තායිලන්තයේ ඩෙංගු රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමෙි විශේෂඥ වෛද්‍යවරයෙකු, වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ඇතුලත් වෙයි. මෙම නියෝජිත කණ්ඩායම ඩෙංගු රෝගය දැනට පැතිර ඇති දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට ද නියමිතය. මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් ඩෙංගු රෝගය කළමණාකරණය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන ලදි. තව ද මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම ඉතා හොද ලක්ෂණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත කණ්ඩායම මෙහිදී පෙන්වා දුන් අතර, රෝගය පාලනය කිරීම සදහා ජනතාව බලගැන්වීම ද උචිත බව සදහන් කර සිටියහ. තව ද වෙනත් රටවල ඩෙංගු රෝගය පාලනය කිරිම සදහා ගත් ක්‍රියාමාර්ග පිළිබදව ද එම නියෝජිත කණ්ඩායම මෙහිදී කරුණු ඉදිරිපත් කරන ලදි.
2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 80,000 ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 245 කි. සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ ජනතාව තම පරිශ්‍ර පිරිසිදුව තබාගැනීම තුළින් ඩෙංගු රෝගය පැතිරයාම පාලනය කර ගත හැකි බවයි. දිවයින පුරා ඩෙංගු රෝගීන් ඇතුලත් කර ඇති රෝහල් 18 කට සහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල 02 කට හෙද හෙදියන් 940 ක් මෙි වනවිට තාවකාලිකව මුදාහැර ඇත. ඔවුන් අතර සිසු හෙද හෙදියන් ද සිටිති. වෛද්‍යවරුන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල ද, උපකරණ ද, අවශ්‍ය තරම් ලබා දී ඇත. කොළඹ ජාතික රෝහලේ ඩෙංගු රෝගීන් සදහා නව වාට්ටු දෙකක් ලබන සදුදා (10) සිට ක්‍රියාත්මකය. ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දකුණු පළාත තුල ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම අඩුවෙමින් පවතින බවයි.
මෙි අතර ඩෙංගු රෝගීන්ට ලබාදෙන ඩෙක්ස්ට්රැන් 40 ඖෂධය අවශ්‍ය තරම් තොග ලබාදීමට තායිලන්ත රජය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පොරොන්දු වී ඇත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත කණ්ඩායම ද එම ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදෙන ලදි.
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
Dengu wageda saitm ~ Rajitha Senarathne / Executive Director of SAITM !
සයිටම් ඇමති කෙනෙක් වෙනුවට සව්යුක්ය ඇමති කෙනෙක් හිටිය නම් ජනතාවට මෙහෙම වෙන්නේ නෑ.
දැන් මේ මරණ 245 කියන්නේ මාස ගානක ඉඳලා නේද ?
හැබැයි සෑම ගමකම ඩෙංගුමරණ හැමදාම තියෙනවා .
එක්කෝ ගණන කරන්න බැහැ එක්කෝ මරණ සංක්‍යාව මාද්යට තහනම් කරලා !!!
සෞක්‍ය ඇමති කරන්නේ මිබ්නිස්සුන්ට බනින එක .
මේක වසංගත තත්වයක් වෙලා ඉවරයි .
ඉස්පිරිතාල වලටයි මදුරු කොයිල් කොම්පැනි වලටයි ලොකු ලාබ.
මිනිස්සු ජීවිතේ බේරාගන්න වෙනත් විකල්ප බෙහෙත් හොයාගෙන යනවා .
දැන් ඇත්තටම රජයක් තියෙනවාද ??
This is how srilanka is becoming a well developed country