ඩෙංගු විශිෂ්ඨ සේවය නිසා අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක් වෙලා…

July 1, 2017 at 8:02 am | lanka C news
ඩෙංගු විශිෂ්ඨ සේවය නිසා අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක් වෙලා…

ඩෙංගු පාලනයට රටවැසියන් හමුදාවක් ලෙස ක්‍රියා කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ පැවැති දිස්ත්‍රික් පරිසර සමුළුවෙි දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

“ඩෙංගු වසංගතය කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කවල බහුලව පැතිර යනවා. මෙහිදී වෛද්‍ය විද්‍යාත්මක පැත්ත මෙන්ම කසල කළමණාකරණය සහ පිරිසිදු බව ඉතාම වැදගත්. කසල කළමණාකරණය නිසි පරිදි සිදු නොවීම මීට ප්‍රධාන හේතුවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගී සත්කාරක සේවා නිසි පරිදි සිදු කරනවා. අද වනවිට ඩෙංගු මරණ සංඛ්‍යාව සියයට දශම 3 දක්වා අඩු වී තිඛෙනවා. ඩෙංගු රෝග ප්‍රතිකාර සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට පවා ලක් වී තිඛෙනවා. නමුත් පවතින වසංගතයට මුහුණ දිය යුතුයි.

කැලිකසල ඉවත් කිරිම, ජලය රැදෙන ස්ථාන ඉවත් කිරිම මෙහිදී ප්‍රධාන වෙනවා. පරිශ්‍ර පරීක්ෂා කිරීම සහ දඩ මුදල් වෙනුවෙන් රජය නීති රීති පවා වෙනස් කළා. ජනාධිපතිවරයාගේ සෘඡු අධිීක්ෂණය යටතේ මහජනතාව දැනුවත් කිරීමෙි රැස්වීම් ආරම්භ කර තිඛෙනවා. රෝගීන් වැඩි වශයෙන් ඇතුලුවන අයි.ඩි.එචි උණ රෝහල සහ මිීගමුව රෝහල සංවර්ධනය කරනවා. ඩෙංගු මදුරුවා දෂ්ඨ කරන්නේ දවල් කාලයේ දීයි.

ඩෙංගු වසංගතය පාලනය කිරිම සදහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලේ දී ත්‍රිවිධ හමුදාව හා පොලීසිය විශිෂ්ට රාජකාරියක් ඉටු කරනවා. අයි.ඩි.එචි උණ රෝහලේ තාවකාලික වාට්ටු සංකීර්ණයක් හමුදාව විසින් ඉදිකළා. මිගමුව රෝහලේ ද තාවකාලික වාට්ටු සංකීර්ණයක් හමුදාව විසින් ඉදිකරනවා. එය සති දෙකකින් අවසන් වෙයි. කිසිවෙකුට කළ නොහැකි රාජකාරියක් ඉටු කරනවා. ඊට ප්‍රණාමය පුද කළ යුතුයි. මෙම වසංගතයෙන් රට බෙිරා ගැනීම සදහා රටවැසියන් සියළු දෙනා හමුදාවක් ලෙස කටයුතු කළ යුතුයි.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

71 views
Main News