ඩෙටනේටර් හා ජෙලට්නයිට් කූරු තොගයක් සමග අයෙකු අත්අත්අඩංගුවට…

February 11, 2019 at 4:40 pm | lanka C news
ඩෙටනේටර් හා ජෙලට්නයිට් කූරු තොගයක් සමග අයෙකු අත්අත්අඩංගුවට…

මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී ජෙලට්නයිට්කූරු කිලෝ 3ක් හා ඩෙටනේටර් ඇතුලු උපකරණ තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු ඊයේ (10) සවස අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව කියා සිටියේය.

උතුරු මැද නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් හා මන්නාරම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසියකදී සවුත්බාර් ප්‍රදේශයේදී සැකකරුවෙකු යතුරුපැදියකින් අදාල ජෙලට්නයිට්කූරු තොගය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ලග තිබී කිලෝ 03 ක් බරැති ජෙලට්නයිට් කූරු 30ක් අඟල් 03 ක් දිගැති ආරක්‍ෂිත වෙඩි නුල් 19 ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 19 ක් හමු වී ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 36 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු, යතුරු පැදිය  සහ ජෙලට්නයිට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට නාවික හමුදා නිලධාරීන් පියවර ගෙන ඇත.

අදාල පුපුරණද්‍රව්‍ය තොගය මගින් නීති විරෝධීව මුහුදේ මසුන් මැරීමට ධීවරයින් බාවිතා කරන බවට නාවික හමුදාව වෙතට තොරතුරු ලැබී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

265 views
Main News