ඩෙනරේටර් 20ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට..

March 15, 2018 at 8:02 am | lanka C news
ඩෙනරේටර් 20ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට..

මොරවක වැලිව ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාදකයකදී ත්‍රී රෝද රථයක තිබී පුපුරන ද්‍රව්‍ය සමග පුද්ගලයකු ඊයේ (14) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි.

පසුගිය දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ සිදුවීම් සැලකිල්ලට ගෙන පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ නියෝගයකට අනුව ප්‍රදේශවල විවිධ ස්ථාන වල ක්ෂණික මාර්ග බාදක යොදා වැටලීම් සිදුකිරීමට උපදෙස් පොලිස් ස්ථාන වලට ලබා දී ඇත.

එලෙස මොරවක වැලිව ප්‍රදේශයේ යොදා තිබු මාර්ග බාදකයේ සේවයේ දී සිටි පොලිස් නිලධාරීන් සැක කටයුතු ලෙස පැමිණි ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී ඩෙටනේටර් 20ක්,අඩි19 දිගැති ඩෙටනේටර් කෝඩ් (සේවා නූල් )රෝල් 19ක්,ඇමෝනියා 26.5kg අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත් වුයේ මොරවක අළුවන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

සැකකරුගෙන් මේ වන විට පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන අතර ඔහු විසින් වැඩබිමකින් සොරකම් කොට අලෙවි කිරීමට සුදානම් වී ඇති බව පොලිසිය අනුමාන කරයි.

– ප්‍රියංකර ගමගේ

7 views

One Comment to “ඩෙනරේටර් 20ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට..”

  1. Roshan says:

    this cannot be stolen. definitely this is to create more violance in the country. “tall thin national dressed minister” behind this.

Main News