ඩෙල්ටා ආසාදිතයන් ඉහලට.. රෝහල් ධාරිතාව පිරී යයි…

July 28, 2021 at 8:40 am | lanka C news
ඩෙල්ටා ආසාදිතයන් ඉහලට.. රෝහල් ධාරිතාව පිරී යයි…

මේ දිනවල හඳුනාගන්නා කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසකට ඔක්සිජන් ලබාදීමේ ප්‍රවණතාවය ඉහළගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ අද වන විට රෝහල් කිහිපයකම කොරෝනා ආසාධිතයන් ඉහළ ගොස් සැලසුම් කර තිබූ රෝහල් ඉඩකඩ බොහෝ දුරට සම්පූර්ණ විය ඇති බවයි.

එමෙන්ම මේ දිනවල හමුවුණ ආසාදිතයන් ගෙන් වැඩි ප්‍රමාණයකට රෝග ලක්ෂණ බොහොමයක් පෙන්නුම් කරන බවද ඔහු පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ නියැදිවලින් සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් හමුවන බවත් රටපුරා සෙසු ප්‍රදේශවලද ඩෙල්ටා ප‍්‍රභේදය අඩු වැඩි ලෙස ව්‍යාප්ත වී ඇති බවද ඔහු කියා සිටී.

41,161 views

6 Comments to “ඩෙල්ටා ආසාදිතයන් ඉහලට.. රෝහල් ධාරිතාව පිරී යයි…”

  1. ගුරු මගුල් තවම මහපාරේ. මුන්ට ඕනේ පිනා පඩි සංස්කෘතියක්. තව අවුරුද්දක් පිනා පඩි. කොමිස්3% සහ උම්බෑ ටෙලිෆෝනය උසි උසි.. ස්ටාලිං ඩයස්පෝරාවේ කොටස්කරුවන් උසි උසි

  2. Darmadasa says:

    ඔය පෙලපාලි උද්ගෝෂන සංවිධාන කල කාලකණ්නිව වාහාම අත්අඩංගුවට ගන්න.ඔය කාලකණ්නි නිසා කොරොනා වසංගතය වියාප්ත වීම වැඩිවෙලා.ඔය වගේ කාලකණ්නින්ව වසංගතයෙන් අසාධ්‍ය වෙලා මකබෑවිලාම යනවනම් රටට ලොකු යහපතක් උදාවේවි.

  3. කුඹුක්කණ් says:

    ඇස්ට්‍රාසෙනිකා මගුල ගහපු උන්ට ඩෙල්ටා ආසාදනය වැඩී.

    බටහිර ඇලොපති සේල්ස් රෙප් ලා විසින් මේ රටේ ඩොලර් මිලියන ගනනින් නාස්ති කර බටහිර මිත්‍යාවට ඇදගෙන ගිහිං මිනිස්සු ලෙඩ කර ඇත,

    හෙට අනිද්දා සයිනොෆාර්ම් වලට අනුවර්ථනය වූ කොරෝනා ලංකා ප්‍රභේදය මතු වෙනු ඇත.
    එදාට පයිසර් ඕනෙ කිය කිය නටපං

    බටහිර ආදිපත්‍ය මගින් පෝෂණය කොට පවත්වාගෙන යන කොරෝනා , බටහිර දැනුම නැමති මිත්යාව ඉගෙනගත් උගතුන් විසින් සංරක්ෂණය වනු ඇත.

  4. Jagath says:

    සැප්තැම්බර් විතර වෙනකොට ලංකාව අමු සොහොනක්‌ වේව් කියලා ගොඩක් අය කියනවා. 😭

  5. මොංගල් says:

    කොරෝන හැදිලා එන උන් හොයල බලන්න ස්ටාලින්ගේ උන්ද ලපයගේ උන්ද කුරුටු ගාන උන්ද ටැලිපෝන් උන්ද කියල ලෙහෙසියෙන් වෙන් කරලා උත්ගොෂණ මෙහෙයවපු මහා උන්ගේ ගෙවල් වලට ගිහින් දැම්මම ඉවරයි. ඕනේ දෙයක් කරගන්න. පුදුම කාලකන්නි මෙච්චර විනාසයක් වෙලා තියෙද්දී ආණ්ඩුව රට ගොඩ ගන්න දගලනවා.මුන් එක විනාස කරන්න දගලනවා. මුළු ලෝකෙම නැතුව ඇති මේ වගේ බුරුවො ටිකක්.

  6. කිරිමල්දෙනිය​ says:

    කැන්ඩෝස් එක වෙල්ගම ගේ නේද විපක්‍ෂය මේකට වග කියන්න ඕනී..
    මීට අට පාස් මන්තිරි..

Main News