ඩෙල්ටා එද්දී එන්නත්කරණය රොකට් වේගයෙන්.. ඊයේ පමණක් ලක්‍ෂ 5 පනී…

July 30, 2021 at 7:48 am | lanka C news
ඩෙල්ටා එද්දී එන්නත්කරණය රොකට් වේගයෙන්.. ඊයේ පමණක් ලක්‍ෂ 5 පනී…

දිනක් තුළ ලබා දුන් COVID 19 එන්නත් මාත්‍රා ප්‍රමාණය පළමු වරට ලක්ෂ 5 සීමාව පසු කළ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඊයේ දින තුළ පමණක් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 515,830 කි.

ඒ අනුව සයිනොෆාම් පළමු මාත්‍රාව 418494, සයිනොෆාම් දෙවන මාත්‍රාව 56738, ෆයිසර් 38430, මොඩර්නා 2168 ලෙස ලබා දී ඇත.

ශ්‍රී ලංකාව තුළ COVID 19 එන්නත් මාත්‍රා ලක්ෂ 112ක් ලබා දී ඇත.

21,073 views

5 Comments to “ඩෙල්ටා එද්දී එන්නත්කරණය රොකට් වේගයෙන්.. ඊයේ පමණක් ලක්‍ෂ 5 පනී…”

  1. dev says:

    Jaya wewa
    Thank you chaina for providing helps

  2. Dr. Rathnayake says:

    අරහෙන් මෙහෙන් හම්බෙන හැම එක එකම විදගෙන විදගෙන යන එක සාර්ථක එන්නත්කරණයක් නෙවේ. ඒවායේ ඵලදායිතාවය බැලිය යුතුයි. මැරෙන ගානෙවත් ආසාධිතයන් ගානෙවත් අඩුවක් වෙලා නෑ. 30 ට අඩු එන්නත නොගහන පිරිස අතරේ මරණ 0 යි. ඒ පිරිසට එන්නත් ගහන්න එපා. මේවා මේ තාම පරීක්ෂණ මට්ටමේ තියෙන නොදියුණු එන්නත්. රුසියාව වගේ දියුණු රටවලත් 20% යි එන්නත් කරගෙන තියෙන්නේ. අනික මෙහෙම පරික්ෂණ මට්ටමේ තියෙන එන්නතක් බලෙන් විදින්න රජයට කිසිම අයිතියක් නෑ. මේ එන්නතේ අතුරු ආබාධ අවුරුදු 2,3 කින් බලාගන්න පුළුවන්.

  3. Anishka says:

    පුස් එන්නත් කොච්චර ගැහුවත් මරණ අඩුවක් නෑ.