ඩෙල්ටා එනවා.. ස්වයං ලොක්ඩවුන් වෙන්න..- ඇමති චන්න ජනතාවට කියයි…

August 15, 2021 at 3:05 pm | lanka C news
ඩෙල්ටා එනවා.. ස්වයං ලොක්ඩවුන් වෙන්න..- ඇමති චන්න ජනතාවට කියයි…

රට වසා දැමීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දෙන්නේ නම් එය සිදු කිරීමට රජය සූදානම් බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් රටේ වෛද්‍ය විශේෂඥයන් මෙතෙක් නිලවශයෙන් එවැන්නක් දැනුම් දී නැති බවද ඔහු පවසයි.

රජය සියලූ තීන්දු තීරණ ගන්නේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත බවත් ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය සැමවිටම බැඳී සිටින බව ඔහු කියා සිටියි.

නමුත් දේශපාලන පක්ෂ වල බළල් අත් වී සිටින විසින් ඇතැමුන්ට කුමන අයුරකින් හෝ ආණ්ඩුව පෙරළීමට අද උවමනා වී ඇති බවද පැවසූ අමාත්‍යවරයා ඒ පහත් උත්සාහයට කිසිවිටෙක ඉඩ නොතබන බවද පැවසීය.

සෞඛ්‍ය අංශ වලින් රට වසා දමන්නැයි නිර්දේශ නිල ලෙස ලැබෙන්නේ නම් එය ක්‍රියාවට නැංවීමට නොපැකිළෙන නමුත් එදිනෙදා ආදායම් ලබමින් ජීවත්වෙන පුද්ගලයන් අමතක කිරීමටද රජයට කිසිසේත්ම නොහැකි බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා පවතින තත්ත්වය පිළිබඳව නිරන්තරවම විශේෂ සැලකිල්ලකින් සිටින බවත් පැවසූ ඔහු කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ස්වයං සංචරන සීමා පනවා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශීය මාධ්‍යවේදීන් අමතමිනි.

46,874 views

23 Comments to “ඩෙල්ටා එනවා.. ස්වයං ලොක්ඩවුන් වෙන්න..- ඇමති චන්න ජනතාවට කියයි…”

  1. Manoj says:

    දැන් මිනිසුන් එකා පිට එකා මිය යන්නේ ස්ටර්ලින් පොකුරේ ප්‍රතිපල. ස්ටර්ලින් පොකුර සෑදීමට පූර්ණ අනුග්‍රහය දැක්වූයේ 3% කන්ඩායම සහ සජිත්ගේ අපත සෙට් එක .ඔහුන් මේ මරණවල වගකීම බාරගත යුතුයි.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      වැඩක් නෑ බන් ගොන් බයියෝ උබ තනියම විකාර දෙඩෙව්වට. ස ෆේල් කියල බයියෝම දැන් කියනව.

      • Dp says:

        ඔය ස ෆේල් කියලා කෑගහන්නේ රජ වාසලේ පිනා වගේ උන්. මේක ලෝක වසංගතයක් ආණ්ඩු මාරු වෙවී මුදල් කාබාසිනියා කරපු රටකට මේ වගේ ව්‍යසනයක් දරාගන්න බෑ.

  2. Citizen says:

    The best and the wise thing to do now is for these politicians to say nothing because that makes people so angry.

  3. LalithM says:

    දැන් කොහෙද ඔය කියන ආණ්‌ඩුව තියෙන්නේ. රජපවුලේ කෑම මේසෙද?

  4. කුඹුක්කණ් says:

    එන්නත්කරණය නිසා මිනිසුන්ගේ ස්වභාවික ප්‍රතිශක්තිය හීන වී , ඩෙල්ටා වැනි ප්‍රභේද සඳහා නිරාවරණය වී ඇති බව පෙනේ. එම නිසා සියලු බටහිර වෛද්‍යවරුන් තමන් කරගෙන ගිය වැක්සීන් මාරකටින් එකෙන් ජනතාවට කල මේ විනාශය ගැන, ජනතාවගෙන් සමාව ගෙන , ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි කරන ආයුර්වේද , දේශීය ප්‍රතිකාර ක්‍රමයකට ජනතාව පෙල ගැසීම සිදු කල යුතුය.

    • Suranjan says:

      පැනි ටිකක් .කේ ගාගෙන අනිත් පැත්ත හැරිල නිදා ගනින් …

      මුන්නම් සාප..

  5. KG says:

    Mun kiyana specialistla awitha ara seetha ammandi,prasanna gunasena lokkai wenna athi..katawal witharai..weda nehe..hari specialistsla nam kiyanne wahapan kiyala minissu beraganna..mun hithanne api mun wage punnakku kana dhaara bayyo kiyala..hipaatuwo

  6. Truth says:

    Delta awilla godak kal anduwa silent

Main News