ඩෙල්ටාටත් බය නෑ… ගුරු දෙවිවරු අදත් විරෝධතා..

August 9, 2021 at 3:50 pm | lanka C news
ඩෙල්ටාටත් බය නෑ… ගුරු දෙවිවරු අදත් විරෝධතා..

ගුරු වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුලකරගනිමින් අද (09) යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිටින් ආරම්භ කල විරෝධතාවක් සහ රථ පෙලපාලිය යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අසලින් අවසන් කළ බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසා සිටියේය.

යාපනය ඇතුලු උතුරු පලාත් ගුරු හා විදුලිපති වරුන්ගේ සංගම් නියෝජිතයින් හා ලංකා ගුරු වදුහල්පති ඒකාබද්ද වෘත්තීය සමිති සන්ධාන නියෝජිතයින් පිරිසක්ද මෙම විරෝධතාවන් සඳහා සහභාගී වී සිටියිහ.

එහිදී යාපනය වීරසිංහ ශාලාව ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා කරුවන් විසින් විරෝධතාවය අතරතුර රථ පෙලපාලියක්ද සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.

කෙසේ වෙතත් විරෝධතා රථ පෙලපාලිය වීරසිංහම් ශාලාව ඉදිරිපිටින් ආරම්භ වී ගමන්කරන අතරතුරදී ඒ සඳහා සහභාගී වූවන්ට යාපනය පොලිසියේ දැඩි බාධාවන් එල්ල වූ බවටද ලංකා ගුරු සංගම් නියෝජිතයින් පැවසූහ.

එහිදී පොලිස්  නිළධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරෝධායන නීතීන් ආරක්ෂා කරමින් සෞඛ්‍යාරක්ෂිතව ගමන් කරන ලෙසට තරයේ අවවාද කිරීම හා සෞඛ්‍යරක්ෂිත පියවර අනුගමනය නොකරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවටද දැනුම් දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

47,434 views

30 Comments to “ඩෙල්ටාටත් බය නෑ… ගුරු දෙවිවරු අදත් විරෝධතා..”

  1. Tharu says:

    අනාගත දරුවන්ගේ අධ්‍යාපනය සුරැකීමට ජීවිතය පරදුවට තියා සටන් කරන ගුරු විරුවනි ඔබට රටේ ආචාරය.

    • පුස්කොළ says:

      ඔබ ඇඳලා…
      ඔබ තඩිම ගොනෙකුට ඇඳලා….
      ජවිපාවාගේ බොයන්න දැකලා…
      ඒ ඉන්නේ ගුරුවරුන්ය හිතලා…
      ඔබ දැන් ඉන්නේ… ගොනාට ඇඳලා…
      ගොනාට ඇඳලා…//

    • fass says:

      අවුරුදු 26 ක්‌ බලාගෙන ඉඳලා, කිසි වසංගතයක් තිබුනේ නැති ගිය ආණ්ඩුව කාලේ කට වහන් ඉඳලා දැන් ඉල්ලනවා පඩි වැඩි කරපල්ලා කියලා. මුන්ව පෙළපාලි ගෙනියන්නේ රට වියාකූල කරන්න මිසක් මොකෙක්ගෙවත් සෙතකට නෙවෙයි.

Main News