ඩෙල්ටා පැතිරුණේ සංචාරකයන් නිසා නොවේ..

August 16, 2021 at 5:30 pm | lanka C news
ඩෙල්ටා පැතිරුණේ සංචාරකයන් නිසා නොවේ..

ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

*******

මෙරට සංචාරක ව්‍යාපාරය හේතුවෙන් කොවිඩ් වසංගතය පැතිර ගිය බවට නැවතත් විපක්ෂයට සම්බන්ධ පිරිස් හා ඇතැම් පාර්ශව චෝදනා කරනු දක්නට ලැබේ. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ මෙරටට යුක්රේනයෙන් සංචාරකයන් ගෙන ඒම හරහා කොව්ඩ් වසංගතය පැතිර ගිය බවයි. තවත් පිරිසකගේ චෝදනාව වී ඇත්තේ ඉන්දියානු ඩෙල්ටා ප්‍ර භේදය රට තුළ පැතිර යාමට ද සංචාරකයන්ට රට විවෘත කිරීම හේතු වූ බවය. ඇතැමුන් සිය රාජපක්ෂ විරෝධය නිසාම යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම ද ඈදා ගනු දක්නට ලැබේ. මේ නිසා විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙහි නිවැරිදි තත්ත්වය රටට පැහැදිලි කිරීම මගේ වගකීමක් ලෙස සලකමි.

‘සංචාරක බුබුළ සංකල්පය‘ රජයේ හෝ සංචාරක අමාත්‍යංශයේ හිතුවක්කාර ක්‍රියාවලියක් නොවේ. එය දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය බළධාරීන් සමග ද සාකච්ඡා කර සෞඛ්‍ය බළධාරීන් විසින් විටින් විට නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව කොවිඩ් වසංගතයෙන් බිද වැටුණු සංචාරක ව්‍යාපාරයේ  නිරත ව සිටි ලක්ෂ 30 ක් පමණ වන මෙරට ජනතාවට සහන සැලසීම සදහා රජය  ගනු ලැබු පියවරකි.

සංචාරකයන්ට රට නිළ වශයෙන් වීවෘත කිරීමට තීරණය කිරීමෙන් පසු ඒ සදහා නියාමන ව්‍යාපෘතියක් හදුන්වා දුන් අතර එය ආරම්භ කළේ 2020 දෙසැම්බර් 23 වන දිනය. ඒ අනුව මෙම නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ කාලය තුළ සංචාරකයන්  සංචාරක ජෛව බුබුළක් යටතේ මෙරටට ගෙන්වීමට දෙස් විදෙස් සංචාරක සංවීධාන නියෝජිත ආයතනවලට අවස්ථාව හිමි විය. නියාමන ව්‍යාපෘතිය යටතේ යුක්රේනය, කසකස්ථානය ඇතුළු රටවලින් 2258 ක් මෙරටට පැමිණි අතර ඉන් අසාදිතයන් වාර්තා වූණේ 09 දෙනෙකු පමණි.  ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා නිළ වශයෙන් වීවෘත කෙරුණේ 2021 ජනවාරි 21 වන දිනය නියාමන ව්‍යාපෘතිය ආරම්භ වු 2020-12-28 වන දින සිට 2021-08-12 වන දින දක්වා මෙරටට සංචාරකයන් 21,915 දෙනෙකු පැමිණ ඇති අතර ඉන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 220 දෙනෙකි. එයින් 150 දෙනෙකු මේ වන විට සුව වී සිය රට බලා ගොස් ඇති අතර සෙසු පිරිස සෞඛ්‍ය අංශ වල දැඩි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙතෙක් කොවිඩ් අසාදීත යැයි වාර්තා වී ඇති සංචාරකයන් 220 දෙනාගෙන් කිසිවෙකු මෙරට සමාජය හා සම්බන්ධ නොවිණි. සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ක්‍රියවලිය ජෛව විද්‍යාත්මක බුබුළක් ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් ආසාදිතයන් සමාජයට නිරාවරණය වුයේ නැත. දෙවන කොවිඩ් රැල්ල පැතිර යන කාලය තුළ රට සංචාරකයන්ට වීවෘත කර නොතිබු අතර රට සංචාරකයන්ට විවෘත වුයේත් නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුයේත් කොවිඩ් දෙවන රැල්ලෙන් පසුව බව සෞඛ්‍ය වාර්තා තහවුරු කරයි. ඉන්දියානු ඩෙල්ටා ප්‍ර භේදය හා දකුණු අප්‍රිකානු ප්‍ර භේදය ද මෙරට මුලින් ම වාර්තා වී ඇත්තේ ද එම රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදොනකුගෙන් බව ද සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබිණි.

සංචාරකයන් මෙරටට ගෙන්වීමේ දී සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක අමාත්‍යාංශය කටයුතු කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි. සංචාරකයන් ගෙන්විම සදහා කටයුකු කරන සියලුම සංචාරක නියෝජිත ආයතනවලට ඊට අදාළව උපදෙස් ලබා දී ඇති අතර එම උපදෙස් නිසි ලෙස අනුගමනය නොකරන ආයතනවලට එරෙහි ව දැඩි පියවර ගන්නා ලෙස ද අදාළ අංශ වෙත මා විසින්  උපදෙස් දී තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ බරපතළම කඩා වැටීමකට ලක් වු ව්‍යාපාරය වන්නේ ද සංචාරක ව්‍යාපාරයයි. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් සංචාරක ව්‍යාපාරයට යළි විවෘත කර ඇති අතර මෙරට ජාතික ආර්ථිකයට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන ක්ෂේත්‍රයක් වන සංචාරක ව්‍යාපාරය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට මුල් තැන දෙමින් ශ්‍රී ලංකාව ද ආරම්භ කළේ එම කර්මාන්තයේ නිරත ජනතාවට යම් අස්වැසිල්ලක් ලබාදීම සදහායි. සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආණ්ඩුව විවේචනය කිරීම පමණක් සිය දේශපාලනය කරගත් විපක්ෂය හා ඔවුන්ට කත් අදින විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් මේ වන විට සංචාරකයන්ට රට විවෘත වීම නිසා කොවිඩ් පැතිරෙන බවට කරන ප්‍රකාශ කිසිදු පදනමක් නැති ද්වේශ සහගත දේශපාලන සම්ප්‍රප්පලාපයන් පමණි. මේ සදහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම ඈදා ගැනීම මගින් ද එය තහවුරු වෙයි.

සංචාරක කර්මාන්තය යලි නගාසිටුවීම සදහා ආණ්ඩුව කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් හා මග පෙන්වීම මත බැවින් මෙවැනි පටු දේශපාලන බේගල් වලට නොරැවටෙන්න යැයි සමස්ථ ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි.

– ප්‍රසන්න රණතුංග

24,258 views

23 Comments to “ඩෙල්ටා පැතිරුණේ සංචාරකයන් නිසා නොවේ..”

  1. ks says:

    මොන බයිලද ඇමතිතුමෝ මේ කියන්නනෙ? රටට ඒ්න්න පුලුවන් ගුවන් තොටුපලින් සහ වරායෙන් .විතරනේ.ඒ් දෙක හරියට පාලනය කලා කම් මේ විාශය වෙනවද? ආණ්ඩුව කරන ඔබලගේ මෝඩ කම්වලට අසරණ මිනස්සු ජීවිතය දෙනව. කට වහන් ඉන්නව දැන්වත්.ඔක්සිජන් මොටද අහපු මෝඩයත් ඔබ තුමාගේ මිනිහෙක් නේද?

    • Dilan says:

      අනිත් රටවල් වල මිනිස්සු මැරෙන අතරේ ලංකාව හොඳට තියන කොට මෙතන බඩ පිනුම්, හිටි පිනුම් ගහපු උන් සේරම දැන් මැරිලද?

  2. TNA says:

    In Canada all parliamentarians are educated and at least having a basic degree. In this wonderful country any body can see the deference. this is the reason as to why we failed and thus a failed nation

  3. Truth says:

    Bison talk

  4. LalithM says:

    සංචාරකයන්ගෙන් නොවේ.සංචාරක වේශයෙන් එන වෛශ්‍යාවන්ගෙන්.

  5. Adhikari says:

    Mata molayak nemei thiyenne mola genapu newak….

  6. Suranjan says:

    මූවගේ බත් කන හරකෙක් ..

    ට.කන්ඩ .න්න .ම්කයා..

  7. බඩ තිබුණට මොලේ නැහැ මේතුමට…

  8. MD says:

    අවසන් මාරාන්තික රැල්ලට සම්පූර්ණයෙන්ම ගුරු හොරු ටික වගකිවයුතුමය.ඵයාල කරගත්ත පව අතිවිශාලයි.ඵ්ක හොඳටම පැහැදිලි වන්නේ නගරයේ හෝටල් සිල්ලර වෙළෙන්දන් පේමන්ට් වෙළෙන්දන් විශාල ප්‍රමාණයක් උද්ඝෝෂණ පැවැත්වු නගරත් පෙලපාලි ගිය මාවත් දෙපසින් රෝගීන් වාර්තා වන නිසයි.

    • patriot pilot says:

      Virus eka rata athulata awe pita ratakin nemei guruwaru ekathu wela hadapu ekakda? wenama thiyena dupathak welath rata athulata ennabari widihata virus eka block karanna bari wuna durwala deshapaaluwo tikak nisa nemei kiyalada kiyanne?

      • MD says:

        ඔයා කියන විධියට අපි ස්වයංපෝෂිත දූපතක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 1-2 රටට ඇතුල්වීම නවත්තලා දාලා ලෝකයේ කෝරෝනා වෛරසය නිට්ටාවට සුවවුනාට පසු අරින්න පුලුවන්.ඵහෙම පුලුවන් ද බැහැනේ පැටියෝ.කොච්චර සම්බන්ධ කම් අපි ජාත්‍යන්තර වශයෙන් පවත්වාගෙන යනවාද.අපේ සහෝදර සහෝදරියන් කී දෙනෙක් ඵ් රටවල රැකියා කරනවද.ඵයාල අසරණ වේලා ගෙන්න ගන්න ලතෝනි දෙනකොට අපිට පුලුවන් ද ඇහුනේ නැ වගේ ඉන්න.අපි ගුවන් යානා යවලා හරි ගෙන්න ගන්න ඕන පැටියෝ.ඵ් ඉන්නේ අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් නැදැයන් හිතවතුන්

  9. King of Ukrain says:

    Yes your Ukranian & Russian bubble brought big thadi bubbles of foreign exchange $s & corona in plentyfull.
    That is why SL has about 50,000 (actual number) dead from Covid & no foreign currency problems.
    What a plonker?
    who cares when $ fill my pockets & some goes to fund foreign travel of another dumwit.
    and of course of close relatives

Main News