ඩෙල්ටා පැතිරෙනවා.. එන්නත්කරණයෙන් පාලනය කරගන්න බෑ..- විශේෂඥ වෛද්‍යවරුන් කියති..

August 19, 2021 at 3:50 pm | lanka C news
ඩෙල්ටා පැතිරෙනවා.. එන්නත්කරණයෙන් පාලනය කරගන්න බෑ..- විශේෂඥ වෛද්‍යවරුන් කියති..

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එන්නත්කරණයෙන් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය කුමාර ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ අද වන විට රටතුල වේගවත් එන්නත්කරන ක්‍රියාවලියක් සිදු වුවත් ඩෙල්ටා ව්‍යාප්තිය සමග ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වන බවයි.

එන්නත් කරණයෙන් ප්‍රතිශක්තිය ඇති වීමට සති හය ඉක්ම වූ කාලයක් ගතවන නිසා ඩෙල්ටා ව්‍යාප්තිය සමග එන්නත්කරණයෙන් ගත හැකි උපරිම වාසිය ගැනීමට නොහැකිව ඇති බවද ඔහු කියා සිටියි.

පවතින තත්ත්වය මත ඉදිරි සතිය තුළ ආසාදිතයන් වාර්තාවීම තීරණාත්මක වනු ඇති බවත් ඔහු පැවසීය.

බලධාරීන් විසින් නිවැරදි තීන්දු නිවැරදි වෙලාවට නොගතහොත් තත්ත්වය මීට වඩා බරපතළ වනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

67,902 views

28 Comments to “ඩෙල්ටා පැතිරෙනවා.. එන්නත්කරණයෙන් පාලනය කරගන්න බෑ..- විශේෂඥ වෛද්‍යවරුන් කියති..”

  1. RAV says:

    මුන් කවුද?
    සැවැන්දරා කිව්වා නම් පිළි ගන්න තිබ්බා

    GR : සැවැන්දරා මගේ බඩ අවුල්
    SS: ගු සමග පදීන්න සර් මම ලෙවකාලා ගන්නම්
    VW : අන්න ජාත්‍යාලය

  2. ජනතාවගේ බදු මුදලින් පඩි ගෙවන සැම කෙනෙකුගෙන්ම යම් කිසි පුතිශතයක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ පනතක් සමිමත කරවා ගෙන රටේ දෙෙනික අඩු ආදායමි ලබන්නන් හට සහන ලබා දිය නොහැකිද? එම අය රජයට බදු ගෙවන බැවින් සමාජයේ දුගී අය රැක ගැනීමට එම බදු මුදලින් වේිතන ලබා ගන්නන් කළ යුතු නොවේද?

  3. Donald Trump says:

    How come a paediatricien make comments like this. Why epidemiologists are quiet in our banana land?

  4. ජො says:

    සති හයක් නම් යන්නේ නෑ දවස් 10-14…කෝමවුනත් දැන් රට වහන්න ඔනි

  5. මේ අර රාජිත කියන පරයා ගේ ඇම්බැට්ටයා නේද. ඒකාලේ බාල බෙහෙත් ගෙනෙනකොට සහ ඒවායෙන් මිනිස්සු මැරෙනකොට මු කොහෙද හිටියේ. අනික රටේ මිනිස්සු ඔක්කොම දන්නවනේ මේ විශේෂ දොස්තරලා උදේ සිට රෑ වෙනකම් කරන්නේ මොකක්ද කියලා. මිනිස්සුන්ගේ සල්ලිටික හුරාකන එක මිස ඉස්පිරිතාලයක වැඩකරන්නේ පැය භාගයකටත් අඩු කාලයක්. මුන්ගේ වෙදකමට වඩා වැඩි යමක් ගමේ ඉන්න වෙදමහත්තයා කරනවා. අදත් මේ කොරෝනා මේ විධිහට පාලනය වෙලා තියෙන්නේ අපේ රටේ තියෙන සිංහල බෙහෙත් ටික නිසා. ලෝකේ දිහා බලපන්. අද ලෝකේ කොයි රටද වහලා තියෙන්නේ. කොරෝනා වලින් අපිටත් වඩා බැටකන රටවල් ඔක්කොම රට අරගෙන යමරෙට වැඩ. මිනිස්සුන්ගේ හික්මීමක් නැතිකමට ප්‍රජාතන්ත්‍රවාදී කියන ආණ්ඩුවකින් කළහැකි දෙයක් නැත. එය එක්දිනකින් වෙනස් කරන්න නම් චීනය, කුබාව වැනි සමාජවාදී රටක් හරි , ඇමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි ධනවාදී රටක් හරි වෙන්ට ඔනෑ. මේ ප්‍රජාතන්ත්‍ර වාදය රටේ තියනකම් සිදුවෙන්නේ මෙහෙම තමයි. ජෙප්පෝ, ප්ලකනිල් කාරයෝ වැනි රටට හානිකරන දේශපාලන කුමන්ත්‍රණ කාරයන්ට දේශපාලනය කරන්ට තමයි ප්‍රජාතන්ත්‍ර වාදේ කියන එක තියෙන්නේ. මුන්ගේ මේ කියන එක පිටිපස්සේ තියෙන්නේ දේශපාලනේ. මුන්ට ඕන රටේ ආර්ථිකේට කෙලවලා බලයට ඒම පමණයි. එදාට මේකේ මුන්ට පක්ෂව කොටන කීබෝර්ඩ් වීරයන්ට කලිසමත් නැතිව තමයි යන්න වෙන්නේ. දැක්කනේ 2015 සිට 2019 දක්වා වුන දේවල්. උන් කල විනාශේ හැටියට අද මේ රට මෙහෙමවත් දුවන එක පුදුමයි. මුන් කියන කියන විදිහට රට වාහන එක කීයටවත් නොකළ යුතුයි.

    • Citizen says:

      ………..පවතින කොරෝනා ව්‍යාප්තිය සලකා බලමින් අවම වශයෙන් සති 3ක කාලයක් සඳහා රට අගුළු දැමීමට පියවර ගන්නැයි ආණ්ඩුවේ දේශපාලන පක්ෂ 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි……

  6. Very Sorry says:

    ඩොලර්බිලියන් ගණන් ගෙවලා එන්නත් දුන්නත් පලක් නෑ.මැස්සො වගේ මිනිස්සු මැරෙණවා.දොස්තරලා කරගන්න දෙයක් නැතුව ලතෝනි ගහනවා

    කොරෝනා නිට්ටාවට සුව කළහැකි ඖෂධ ගණනාවක් අපේ පාරම්පරික හෙළ වෙදැදුරන් සතුව තියෙද්දි, බෙහෙත් කරන්න අවසර නැතිකම නිසා නිරපරාදේ රටේ මිනිස්සු මාරයා ඩැහැගන්නවා.