ඩෙල්ටා සීග‍්‍රයෙන් පැතිරෙමින්.. වහා දැඩි සංචරණය සීමා දමන්නැයි දන්වයි…

August 4, 2021 at 10:22 pm | lanka C news
ඩෙල්ටා සීග‍්‍රයෙන් පැතිරෙමින්.. වහා දැඩි සංචරණය සීමා දමන්නැයි දන්වයි…

අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ කොළඹ ගම්පහ කළුතර පළාත් වල ඩෙල්ටා ප‍්‍රභේදය සීඝ‍්‍රයෙන් පැතිරයමින් ඇති බවයි.

මෙම තත්ත්වය මත සංචරණ සීමා දැඩිව පැනවූයේ නැත්නම් රටක් ලෙස මෙය පාලනය කිරීම ඉතා අපහසු බව ද ඇය පෙන්වා දෙයි.

මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම සංචරන සීමා පැනවිය යුතු බවද ඇය අවධාරණය කළාය.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ පවතින තත්වය සමාලෝචනය කර සමබරව ගෙන යාමට නොහැකි වුවහොත් එම තීරණය ගැනීමට අනිවාර්යෙන්ම සිදු වනු ඇති බවය.

129,456 views

6 Comments to “ඩෙල්ටා සීග‍්‍රයෙන් පැතිරෙමින්.. වහා දැඩි සංචරණය සීමා දමන්නැයි දන්වයි…”

  1. Jayaratne says:

    Please lock down for a month. Otherwise the vaccination programme will also collapse.

  2. මහජනතාව says:

    ගම්මාන ඇතුලේ මේ සෞඛ්‍ය නීති රෙගුලාසි වැඩිය ක්‍රියාත්මක වන්නෙ නැහැ. විශේෂයෙන්ම ආගමික ස්ථානවල..
    ( දැනටමත් ඇතැම් පන්සල්වල මහ සද්දෙට ලවුඩ්ස්පීකර් දමාගෙන කඨිනය වෙනුවෙන් විවිධ පිංකම් සහ සංවර්ධන කටයුතු කරනවා. )

    • SL says:

      ආ ඇත්තට.. උඹ ලංකාව වටේම තියෙන පන්සල් වල කටින පින්කම් බලන්න ඉර්දියෙන් වදිනවද ?

      වස් සමාදන් උන ගමන් මොන පන්සලේද හරකෝ කටින පින්කම් ………………..තව ඉගෙන ගෙන වරෙන්.

  3. Kaduwa says:

    ගුරුවරුන් විදියට පෙනී සිටිමින් කාලකණ්ණි හැතිකරේ අනවශ්‍ය විදියට විරෝධතා පෙලපාලි සංවිධාන කරලා දැන් මුලු රටම අගාධයකට දාලා. මුන්ගෙන් ඉගෙන ගන්න ලමයි යවන්න එපා. මුන්ගෙන් ඉගෙන ගත්තොත් කවදාවත් අධ්‍යාපනයක් පිහිටන්නේ නැහැ. අලුතින් ශිෂ්ටසම්පන්න ගුරුවරුන් බදවාගන්න ඕනෑ.

  4. SPFernando says:

    දේසපාලන පක්ෂ ලංකාවෙ තියෙන කම් මොනම දෙයක් වත් හරි යන්නෙ දෙපැත්ත පෙරල පෙරල අනාගත පරම්පාරාවට බාර දෙනවා

Main News