ඩෙල්ටා සොයන පරීක්‍ෂණ ඉතා සීමිතයි.. සියළු ආසාදිතයන්ට ඩෙල්ටා පරීක්‍ෂණ නොකරයි..

July 28, 2021 at 6:20 am | lanka C news
ඩෙල්ටා සොයන පරීක්‍ෂණ ඉතා සීමිතයි.. සියළු ආසාදිතයන්ට ඩෙල්ටා පරීක්‍ෂණ නොකරයි..

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත පුද්ගලයන් මෙරට සෑම දිස්ත්‍රික්කයකම අඩු වැඩි වශයෙන් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

ජනතාව නිසි ලෙස සෞඛ්‍ය නීති අනුව කටයුතු නොකළහොත් සිව්වන රැල්ලක් ඇති වනු ඇතැයිද ඔහු පැවසීය.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් දැනට 63 දෙනෙකු සොයා ගෙන ඇතත් ඊට වඩා විශාල පිරිසක් සමාජය තුල හිටිය හැකි බවත් ඔහු පවසයි.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් සිටිනා ප්‍රදේශයක රෝගය බෝ වීම ඉතා වේගයෙන් සිදු වනු ඇති බව ද ඔහු කියා සිටියි.

මෙරටින් දැනට හඳුනාගෙන ඇත්තේ ඩෙල්ටා ආසාදිතයන් 68 දෙනෙකු වුවත් මෙරට සෑම ආසාදිතයෙකු වෙනුවෙන්ම ඩෙල්ටා පරීක්ෂණ වෙනම සිදුකිරීමක් ප්‍රායෝගිකව කළ නොහැක්කක් බවත් එනිසා එවැන්නක් සිදු නොකරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

14,074 views

9 Comments to “ඩෙල්ටා සොයන පරීක්‍ෂණ ඉතා සීමිතයි.. සියළු ආසාදිතයන්ට ඩෙල්ටා පරීක්‍ෂණ නොකරයි..”

  1. Jagath says:

    තව මාස 3 මොකද වෙන්නේ බලපල්ලා බෛයි යනේ. 😂

    • toyya says:

      සජියා හිටියා නම් මීට අවුරුදු එක හමාරකට කලින් ඔය වෙන එක බලා ගන්න තිබ්බා නේද බන් ..
      දියන් තව ආතල් සජියා වගේ

      • Jagath says:

        බලන් හිටපන් ටොයියා ලගදීම උඹේ කවූරු හරි කොරෝනා වලින්නැ තිවුන දවසට තමයි තොට රෙවෙන්නේ. 😂😂

      • Jagath says:

        ගොඩක් ටොයියෝ හැමදාම වලකජ්ජ ගහනවා 40-50 කොරෝනා නිසා. උඹ පරිස්සමින් හිටපන්. 😂

  2. Hi says:

    එතකොට කොහොමද ජපුර විශ්ව විද්‍යාල ය sinopharm delta වලට හොදයි කිව්වෙ.

    283 දෙනෙක් පරික්ෂා කලා කියල තමයි කිව්වේ. එහෙනම් ඒ 283 ම delta variant තියෙන කොරෝනා රෝගීන් නොවෙයි පපරික්ෂණයට අරගෙන තියෙන්නෙ.

    මේකෙදි සෞඛ්‍ය බලධාරීන් කියන්න ඕන delta variant එකෙන් වැලකෙන method එක.නැතුව” නිසි උපදෙස්” පිළිපදින්න කියලා නෙවෙයි.
    (මොකද මේක වේගයෙන් පැතිරෙන වාතයෙන් පැතිරෙන එකක් නිසා.)

    මේ අය තමන්ගේ වගකීම කරන්නෙ නැතුව මහජනතාව අමාරු වේ දානවා.

    • Pandiyjayaa says:

      ඉස්සෙල්ලා නිසි උපදෙස් ටික පිලිපැදපන් .. ඊට පස්සේ බලපන් විශේෂ උපදෙස් ගැන ..
      අනේ අපේ රටේ ජනතාව ගැන කතා නොකර හිටපං ..

      • Hi says:

        කියන්න බලන්න delta variant ට අවශ්‍ය උපදෙස් මොනවද කියලා.
        මේ කතා කරන්නෙ delta variant එක ගැන.
        ඔබතුමා ඒ පිලිබඳ ව විශේෂඥ යෙක් නම් කියන්න බලන්න.
        අපේ health officials ලා වැල් බයිලා කියනකොට ඔබතුමාවත් අපිව දැනුවත්කරන්නකෝ.

  3. ගන්ජ බන්ඩා says:

    මොන ඩෙල්ටද? ඒවා සොයන්න වියදම් වන සල්ලි වලින් ගුරාලට ගුරීලට පඩි වැඩි කර ඒ උතුමන් සතුටු කරමු.

  4. Sam Fernano says:

    The only solution for this issue is vaccinating more and more Cinopharm as much as possible. Cinopharm is the only solution.

Main News