ඩෙවොන් ඇල්ල පාරේ සිට නැරඹුවත් බදු ගනී.. කොල්ලුපිටියේ ගාස්තුවත් පරදයි..

March 4, 2019 at 8:02 am | lanka C news
ඩෙවොන් ඇල්ල පාරේ සිට නැරඹුවත් බදු ගනී.. කොල්ලුපිටියේ ගාස්තුවත් පරදයි..

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂනයට ලක් වි ඇති හැටන් දිඹුල සුන්දර ඩෙවොන්  දිය ඇල්ල නැරඹිමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින් කොටගල ප්‍රාදේශිය සභාව මගින් කිසිදු පොදු පහසුකමත්වත් ලබා නොදි අයතා ලෙස මුදල් අය කිරිම හේතුවෙන් එම සංචාරකයන්  දැඩි අසිරුතාවයට පත් වි ඇත.

සුදු අධිරාජ්‍යවාදින් මිට වසර ගණනාවකට ප්‍රථම එවකට නුවරඑලිය හැටන් මාර්ගය ඉදි කිරිමේදි ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට කුඩා නැරඹුම් මධ්‍යස්ථානයක්ද ඉදි කර තිබුණි.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිනකට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ගමන් කරන අතර එම සැම සංචාරකයෙකුම නැරඹුම් මධ්‍යස්ථානයේ සිට හා  ප්‍රධාන මාර්ගයේ සිට ඩෙවොන් දිය ඇල්ල නරඹා එහි ඡායාරුප ගැනිම සිදු කරනු ලබයි.

එම මර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ද තම වෙහෙස නිවා ගැනිමට නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අභියස රථ වාහන ගාල් කර විවේක ගැනිමක්ද සිදු කරනු ලබයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ අලුතින් ස්ථාපනය කරන ලද කොටගල ප්‍රාදේශිය සභාව මගින් පුවත් පතක දැන්විමක් පල කරමින් ඩෙවොන් දිය ඇල්ලේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමට ටෙන්ඩර්පත් කැදවා එම ටෙන්ඩරය තලවකැලේ ප්‍රදේශයේ තරුණයෙකුට වාර්ෂික බලපත්‍රයක් මත රු ලක්ෂ 1 ½ කට එම ලබා දි ඇත.

ටෙන්ඩරය ලබාගත් තරුණයා පළමු පැය සදහා බස් රථයකට රු 100 ක්ද ,වැන් රථයකට රු 50 ක්ද , ත්‍රිරෝද රථයකට රු30 ක්ද යතුරුපැදියකට රු 25 ක්ද බැගින් අය කරන අතර පැයකට වඩා නැරඹුම් මධ්‍යස්ථානය අසල සහ ප්‍රධන මාර්ගය අබියස ගාල් කර තබන  සැම වාහනයෙකින්ම එම මුදල දෙගුණ තෙගුණ කර අය කරනු ලබයි.

එම නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අභියස සුළු වේලාවට පවා  ගාල් කරන වාහනවලින් ටෙන්ඩර්පත් ලබාගත් අය විසින් මුදල් අය කරනු ලබයි.

ඇතැම් අවස්තාවල ප්‍රවේශපත්‍ර නිකුත් කරන අය විසින්  බස් රථයට අයකරන මුදල වැන් රථ වලටද අය කරන බව එම මාර්ගයේ ගමන් ගන්නා  වාහනවල රියදුරන්ද කියා සිටියි.

කිසිදු පොදු පහසුකමක්වත් ලබානොදි  කොටගල ප්‍රාදේශිය සභාව මගින් ප්‍රධාන මාර්ගයේ සිට සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට මෙසේ මුදල් අය කිරිම අසාධාරණ බව එම මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම රියදුරන්ද වැඩි දුරටත් කියා සිටියි.

ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට දෙස් විදෙස් සංචාරකයන් රැගෙන වාහන වලින් සහ එම ස්ථානයේ රථ වාහන ගාල් කරන වාහන අයිතිකරුවන්ගෙන් මෙසේ මුදල් අය කිරිම සම්බන්ධයෙන් අප කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපති රාජමණි ප්‍රසාද් (ලංකා කම්කරු කොන්ග්‍රසය ) අප කල විමසුමකට ඔහු කියා සිටියේ කොටගල ප්‍රාදේශිය සභාවට ආදායමක් ලබා ගැනිමේ අදහසින් ඩෙවොන් දිය ඇල්ල අසල නැරඹුම් මධ්‍යස්ථානයේ  රථ වාහන ගාල් කරන අයගෙන් මුදල් අය කිරිමට පියවර ගත් බවයි.

ඉදිරියේදි එම ස්ථානයේ පොදු පහසුකම් ඇති කිරිමට පියවර ගන්නා බවද ප්‍රාදේශිය සභාවේ සහභාපති වරයා කියා සිටි.

– හැටන් රංජිත් රාජපක්ෂ

177 views

13 Comments to “ඩෙවොන් ඇල්ල පාරේ සිට නැරඹුවත් බදු ගනී.. කොල්ලුපිටියේ ගාස්තුවත් පරදයි..”

  1. Walli says:

    Same situation at the Ravana falls. Stopped 2minutes for pee at the Bush and the guy came with 50Rs ticket. These local authorities are eating all the funds from central government and change from public for additional expenses. Must put them on firing squad…..

  2. SL says:

    ප්‍රාදේශීය සභා වලට එන්නේ ගමේ බෝක්කුවට වෙලා ඉඳගෙන පාරේ යන හැම එකාටම පනාව දාල නැතිනම් හැම මල ගෙදරකටම ගිහින් බුලත් කොටලා ගමේ ම කාලේ කාපු එකෙක් මිසක් ,නිසි අධ්‍යාපනයක් ලබල,රටට දයට කරන්න ඕනේ මොකක්ද කියල දන්නා උන් නෙවි .ඉතින් උන්ගෙන් මේවගේ වැඩ ඇරෙන්න වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න බැහැ. උදාහරණයක් විදියට ,දැන් එක ප්‍රාදේශීය සභාවකවත් මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්නයක් වන කසල බැහැර කිරීමට විදිමත් වැඩපිළිවෙලක් තියෙනවද ? ..මේක මහා අමාරු වැඩක් කියල හිතුවට සරල විදියට විසඳුමක් දෙන්න පුළුවන් ,පරිසරයට හානි නොකරම කරන්න පුළුවන් දෙයක් .කානුවක් ,බෝක්කුවක් හදල චන්ද ගන්නවා ඇරෙන්න එහෙම දෙයක් කරන්න මුන්ට තේරෙන්නේ නැහැ,ප්‍රාදේශීය සභාව රටට බරක් !

  3. Gayantha says:

    කවුරු හරි උසාවි ගිහින් තහනම් නියෝගයක් ගත්තා නම් හරි. මෙලෝ වැඩක් නොකර මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කනවට.

  4. Gunaruwan says:

    Othna witharak newyi Galle kotuweth dan kisima pahasukam nathuwa athulu wana deshiya wahana walin pawa ticket kadanna patan aran. Puduma ratak meka.

  5. Nava says:

    තමිල්නාඩුවෙන් ලාබෙට සුද්දන්ගෙ කුලී වැඩට ඇවිල්ල අපේ රටේ ඇල්ල බලන්න අපෙන් බදු ගන්නව නරක නෑ අපේ රටේ නායකයන්ගෙ නොන්ජල් කමෙයි ගොන් තකතීරු කම් වලයි විපාක විදිහට

    • ගිගිරි says:

      සහතික ඇත්ත. මේ රටේ මිනිසුන්ට උපතින්ම උරුම දේවල් බලන්න දුංකොල වවන්න ආපු වහලුන්ට බදු ගෙවහල්ලාකො වෙන වැඩ නැතුවට. හැමෝම එකතුවෙලා එක සතයක් නොගෙවා ඉමු.

  6. kumdhar says:

    හරි ක්‍රමය වන්නේ, පහසුකම් ඇතිකර ගාස්තු අයකිරීමට ආරම්භ කිරීමයි. මම රැකියාව කරන UAE එහෙම තමයි කරන්නේ.
    අම්මප, මේ ප්‍රාදේශීය සභාව පුදුම එකක් !

  7. ගමරාළ says:

    මේ පාලන ක්‍රමය හොරු බිහිකිරීම සහ මෝඩ සූත්‍ර නීති හදා සොබාදහම පවා කම්පා කරන වැඩ කරන්නෙ.. දැන් බලන්න සීගිරිය වාහන් කිලෝමීටර් ගනන් ඈත නවත්ව ටිකට් කඩලා කරන විකාර.. හෝටන් තැන්න ගන්න දෙයක් නැති කරලා හම්බ කරන තිප්පලවල් කරන්.. ඉස්සර් කොච්චර සුන්දර ප්‍රදෙශද. කානු කපල් අගල් කපල විනාශ කරල. මම නම් ඔය තැන් වලට යන එක නතර කලා. හැමෝම කලානම් හරි

  8. priyantha says:

    galle fort same.no tender notice & collect money from parking vehicle by woman.

  9. priyantha says:

    same situation at galle fort.charge for parking vehicle by woman without tender notice.

  10. Waruna Ratnayake says:

    නැරඹීම අවශ්‍ය පුද්ගලයාට එය නැරඹීමට නොහැකි ලෙස වාහන නවතා තිබීමත්, මත්පැන් පානය වැනි කටයුතු සිදුවන නිසාත් මෙවැනි ස්ථානයේ පමණක් නොව රට පුරාම සෑම ස්ථානයකම වාහන නැවත්වීම සඳහා මුදල් අය කල යුතුය.
    අනවශ්ය ලෙස දඩාවතේ යන මෝටර්සයිකල් සහ රථ වාහන ලංකාවේ සෑම නගරයකම දැකිය හැකි අතර එය වළක්වාලීමට මෙලෙස මුදල් අය කිරීම සුදුයු බව යෝජනා කරමි. අනෙකාගේ ගමන් මග හා නැවතුම් ස්ථාන අහුරා කාලසිමවකින් තොරව වාහන නැවත්වීම මෙසේ මුදල් අයකිරීමෙන් වලක්වා ගතහැකි අතර නැවත්වීමට අවශ්යෙ පුද්ගලයාට අවශ්යී තාව සඳහා ද නැවත්වීමට ඉඩක් නොමැති වීම මෙයින් වලකා ලිය හැක.
    නිසි ක්රටමවේදයකට අනුව අනෙකාගේ මග නොඅහුරා , සීමිත කාලයකට පමණක් නැවත යන ක්රයමයක් මෙයින් ඇතිවන අතර එසේ කිරීම නිසා ලොව අනෙක් රටවල මෙන් අප රටේද විනයක් ඇති කිරීමට හැකියාවක් ලැබෙනු ඇත.

Main News