ඩෙවොන් රක්ෂිතයේ ගින්නක්… හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය පුරා දැඩි දුමාරයක්…

March 25, 2020 at 2:06 am | lanka C news
ඩෙවොන් රක්ෂිතයේ ගින්නක්… හැටන් නුවරඑලිය  ප්‍රධාන මාර්ගය පුරා දැඩි දුමාරයක්…

හැටන් දිඹුල ඩෙවොන් රක්ෂිතයේ (24)  පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

ඩෙවොන් දිය ඇල්ල අසලින් පස්වරු 5.30 ට පමණ හටගත් ගින්න මේ වන විට එම ගින්න වන වගා රක්ෂිතය කරා පැතිර යමින් පවති.

ගින්නෙන් මේ වන විට අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති අතර ,  පැතිර යන ගින්න පාලනය කිරිමට මෙතෙක් කිසිවෙක් ඉදිරිපත් වි නොමැත.

රක්ෂිතය තුල සිව්පාවුන් ගණනාවක් ජිවත් වන බවත්, ගින්න හේතුවෙන් සතුන්ගේ ජිවිතවලට පවා තර්ජනයක් සිදු වි ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව දිඹුල පොලිසිය සැකකරයි.

ගින්න පැතිර යන ස්ථානයේ ඩෙවොන් කොවිලද පිහිටා ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,420 Viewers

One Comment to “ඩෙවොන් රක්ෂිතයේ ගින්නක්… හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය පුරා දැඩි දුමාරයක්…”

  1. ළිහිණි says:

    ඒ අවට සිටින දෙමළ ජාතිකයින් ගැන පරීක්ෂණ කරන්න ..ඉඩම් අල්ලා ගැනීමට වතු දෙමල කොලනි සෑදීමට දෙමල ජාතිවාදී දේශපාලුවන් කරන වැඩ මේවා

Main News