ඩෙංගු පැතිරීමක් නෑ.. ඩෙංගු බෙහෙත් හිගයකුත් නෑ.. දොස්තර සංගමය බොරු කියන්නේ..- සෞඛ්‍ය අමාත්‍යංශය

June 4, 2017 at 8:02 am | lanka C news
ඩෙංගු පැතිරීමක් නෑ.. ඩෙංගු බෙහෙත් හිගයකුත් නෑ.. දොස්තර සංගමය බොරු කියන්නේ..- සෞඛ්‍ය අමාත්‍යංශය

ඩෙංගු රෝගීන් සදහා ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් 40 (Dextran 40) නැමැති ඖෂධය අවශ්‍ය තරම් තොග රෝහල් වලට ඛෙදාහැර ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා පවසයි.

ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මාධ්‍යයට කර ඇති ප්‍රකාශය සාවද්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

හදිසි ආපදාවන්ට ලක් වී ඇති දිස්ත්‍රීක්කවල දැනට ඩෙංගු රෝගයේ පැතිරයාමක් දක්නට නොමැත. ගංවතුර බැසයාමෙන් පසු ඩෙංගු රෝගය පැතිර යා හැකි බැවින් ඒ සදහා අවශ්‍ය ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය තොග රැස්කර තබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී තීරණය කරන ලදි. ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා තායිලන්තයෙන් ඩෙක්ස්ට්‍රෑන් 5000 ක් කඩිනමින් ගෙන්වීමට එම රැස්වීමෙි දී තිරණය කරන ලදි.

ඊට අමතරව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා තවත් ඩෙක්ස්ට්‍රෑන් ඖෂධ ගෙන්වීමට ද කටයුතු යොදා ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

0 views

3 Comments to “ඩෙංගු පැතිරීමක් නෑ.. ඩෙංගු බෙහෙත් හිගයකුත් නෑ.. දොස්තර සංගමය බොරු කියන්නේ..- සෞඛ්‍ය අමාත්‍යංශය”

  1. Gemunu says:

    වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තනිකරම දේශපාලන අතකොලුවක් වී අවසන්. රජයක් විදිහට ඇයි මහජනතාව දිහා නොබලන්නෙ.

  2. daham says:

    ayi kiyanne natthe danata stock eka kochchara thiyenawada. hospitals walata kochchara bedaa harala thiyenawada kiyala. ekenma penawa neda dosthara sangamaya kiyanne aththa kiyala.

  3. Sri lankan says:

    Peoples bank eke suduwella branch eke 4 denekuta dengue…

Main News