ට‍්‍රම්ප් අපේ-අපි ට‍්‍රම්ප්ගේ.. මහින්දලා හිලරිගේ.. ඩොනල්ඩ් ට්‍රම්ප් සමාන ජනපති මෛත‍්‍රීටයි..

November 11, 2016 at 4:06 am | lanka C news
ට‍්‍රම්ප් අපේ-අපි ට‍්‍රම්ප්ගේ.. මහින්දලා හිලරිගේ.. ඩොනල්ඩ් ට්‍රම්ප් සමාන ජනපති මෛත‍්‍රීටයි..

අභිනව ඇමරිකානු ජනපති ලෙස ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මහතා තේරී පත්වීමත් යහපාලන ආණ්ඩුවේ ටොප්ටෙන් හොරු හෙළිකරන ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සංදර්ශනය හා රණවිරුවන් උද්ඝෝෂණයට මුවාවූ අවස්ථාවාදීන් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ මතය පැහැදිලි කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අධ්‍යාපන ලේකම් බෝසෙත් කළහෙපතිරණ යන අය එම අවස්ථාවට සහභාගීවූහ.

මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත්  සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා විසින් අභිනව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය ලංකාව තුළ භුක්තිවිදීමේ සුජාත උරුමය ඇත්තේ  ජාතික හෙළ උරුමය ඇතුළු ජාතිකවාදී කණ්ඩායමට මිස ජාතිකවාදයට මුවාවී ජාතික මංකොල්ලයක නිරතවූ ඒකාබද්ධ විපක්ෂයට නොවන බව ප්‍රකාශ කර සිටින ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා,

අද මුහුණු පොතේ සහ අන්තර් ජාලය තුළ ඩොනල් ට්‍රම්ප්ට කුරහන් සාටක පළදවන්න පරාජිත ඒකාබද්ධ විපක්ෂයේ ගෝලබාලයන් ලොකු උත්සහයක් දරනබව පෙනී යනවා. හිටපු ජනාධිපතිතුමත් මාධ්‍ය හමුවේ ට්‍රම්ප් මහතාට සුභ පතනවා අපි දැක්කා. ඒත් මොවුන් කුරහන්සාටක පැළඳවිය යුත්තේ ඩොලන්ඩ් ට්‍රම්ප්ට නොව හිලරි ක්ලින්ටන් නෝනාට බව අප විසින් අවධාරණය කර සිටිනවා.  ඇමරිකානු ජනපතිවරණ සටනේදී මහා රාජ්‍ය බලයක් සහ මාධ්‍ය බලයක් ඇතිව පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් දියත් කලේ හිලරි ක්ලින්ටන් විසිනුයි. ඇයට හිටපු ජනපතිවරුන් දෙදෙනකු වන බිල් ක්ලින්ටන් සහ බැරැක් ඔබාමා යන දෙදෙනාගේම සහය හිමිවුනා. ඒ වගේම අල්ජසීරා, සී.එන්.එන්. වැනි ප්‍රබල ජාත්‍යන්තර මාධ්‍යයන්හි සහය හිමිවුනේත් හිලරි නෝනට මිස ට්‍රම්ප් මහතාට නොවේ.

ඒ නිසා ඊයේ දින ප්‍රකාශයට පත්වූ මැතිවරණ ප්‍රතිඵලය සමාන කර හැක්කේ 2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලැබුනු ජනවරමට පමණයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහා ධන බලයක් යොදා ගනිමින් රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය දේපල භාවිතා කරමින් මැතිවරණයට ඉදිරිපත් වුනත් එවැනි හැකියාවක් නැතිව සිවිල් සංවිධාන ඇතුළු මේ රටේ දූෂණයට එරෙහි ජනමත නායකයින්ගේ දායකත්වය පමණක් ලබාගනිමින් 2015 ජනපතිවරණය ජයග්‍රහණය කරන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හැකිවුනා.  ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තම ජයග්‍රහණයෙන් පසුව ස්තූතිය ඵලකරේ තමන්ට සහය වූ විශ්‍රාමික හමුදා නිළධාරීන්ට, ඇමරිකානු දේශප්‍රේමීන්ට, හිතවත් ව්‍යාපාරික ප්‍රජාවට හා පවුලේ ඤාති හිතමිත්‍රාදීන්ට පමණයි. ඉන් පැහැදිලි වන්නේ ඔහුට තමන්ගේ පක්ෂයේ සෘජු සහය නොලැබී ඇතිබවයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තත්වයත් ඒ වගේමයි. එතුමා ජනපතිවුනෙත් ශ්‍රි.ල.නි.ප.යේ සහය ඇතිව නෙවෙයි.

ඒ වගේම මෙහිදී හිලරිගේ පරාජය අපට තවත් ආකාරයකට වැදගත් වනවා. අපට මතකයි 2009 වසරේ අපි රටක් විදියට කොටි පරදවන්න අවසන් සටන ක්‍රියාත්මක කරද්දී හිලරි නෝනා අපට බාධා කලා. ඇගේ මෙහෙයවීමෙන් නීෂා බිස්වාල්, සමන්තා පවර් වගේ අයත් අපට එරෙහිව නොයෙකුත් බලපෑම් කලා. ඒ නිසා හිලරිගේ පරාජය හුදු ඇගේ පරාජයක් පමණක් නොවේ නීෂා බිස්වාල්, සමන්තා පවර් ඇතුළු කණ්ඩායමේ පරාජයයි.

ජාතිකවාදය පිලබඳව විශාල කතාබහක් පසුගිය කාලයේ ඇතිවුනා. ශ්‍රී ලංකාවේ සිංහල ජාතිකවාදී කණ්ඩායම නියෝජනය කරන එකම දේශපාලන පක්ෂය වන්නේ ජාතික හෙළ උරුමය පමණයි. මේ රටේ මහා ජාතිය වන බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ජාතික හැඟීම වන ශ්‍රී ලංකා රාජ්‍යයේ ජාතික ආරක්ෂාව, පැවැත්ම හා සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී සිටින්නේ අප පමණයි. අප පක්ෂය ආරම්භ කරනවිට ජාතිකවාදය යනු ඉතා ගර්හාවට ලක්වුනු චින්තනයක් ලෙස සලකපු ඇතමුන් අපට ජාතිවාදීන්, යුධකාමීන්, ආගමික උන්මත්තකියින් ලෙස හැඳින්වූ බව අපට මතකයි.

එදා අපිට සලකපු විදියටම මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වුනු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාවත් ජාතිවාදියෙක්, ආගමික උන්මත්තකයෙක්, යුධවාදියෙක් ලෙස හඳුන්වලා ඔහුව තලාපෙලා පාගාදමන්න ලෝක ජනමාධ්‍ය ඇතුළු බොහෝ පිරිස් උත්සහ කළා. නමුත් ඒ සියලු  බලවේග පරාජය කරමින්  ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනපතිවයා ලෙස තේරී පත්වුනා. දැන් මේ සිදුවීමෙන් ඉතා වැදගත් පණිවිඩයක් ලබාදෙනවා. ඒ තමයි මින් ඉදිරියට ලෝකය පෙරට ගෙනයන දේශපාලන දර්ශනය වන්නේ ජාතිකවාදයයි කියන පණිවිඩයයි. ඒ වගේම ඒතුළින් ඕනෑම රටක ඒ රටේ ජීවත්වන මහා සමාජයේ සිතුම් පැතුම් හා ඔවුන්ගේ ඕනෑ එපාකම් සහ අපේක්ෂාවන් නියෝජනය නොකරන දේශපාලන නායකයින්ට පැවැත්මක් නැති බව ඔප්පුවෙලා තියෙනවා. ඒ නිසා අද අපේකමට ගරහන සිංහල ජාතිකවාදයට ගරහන හා මේ රටේ බහුතර සමාජය නින්දාවට ලක්කරන දේශපාලන නායකයින්ටත් ඇමරිකානු ජනපතිවරණයෙන් උගත හැකි පාඩම් බොහොමයක් පවතින බව අප ප්‍රකාශ කළයුතුයි.

ඒ එක්කම අද අපි මෙහිදී තවත් කරුණු දෙකක් ගැන අපේ අදහස ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. එහි පළමුවැන්න තමයි ඒකාබද්ධ විපක්ෂ විසින් ඊයේ දිනයේ පෙන්වු මාධ්‍ය සංදර්ශනය සම්බන්ධයෙන් අපේ අදහස ඉදිරිපත් කිරීමයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් යහපාලන ආණ්ඩුවේ දූෂණ අක්‍රමිකතා ගැන හොයන්න කමිටුවක් හදාගෙන ඊයේ දිනයේදී යහපාලන ආණ්ඩුවේ දූෂිතයින්ගේ ටොප් ටෙන් ලැයිස්තුවක් එළිදක්වනවා කිව්වා. නමුත් එවැනි දෙයක් සිදුවනවා අප දුටුවේ නැහැ. අනෙක මේ කමිටුවේ ඉන්න සමහර උදවියට දූෂණ චෝදනා බොහොමයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතරින් සැලුන් දොරෙන් එළියට එනවා වගේ එෆ්.සී.අයි.ඩී.යට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අනෙකුත් දූෂණ මර්ධන ආයතන වලට යන නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අළුත්ගමගේ වගේ දූෂිතයෝ පෙරට ඇවිල්ලා ඉන්නවා. අපි කියන්නේ නෑ මේ ආණ්ඩුවේ දූෂණ වංචා ගැන කථාකරන්න එපා කියලා. නමුත් මේ ආකාරයට දූෂණ චෝදනා ලැබූ අයට තමන්ට එරෙහි පරීක්ෂණ අවසන් කෙරෙන තුරු මේ ආණ්ඩුවේ දූෂණ  අක්‍රමිකතා ගැන කථාකරන්න සදාචාරාත්මක හෝ ශීලාචාර අයිතියක් නැතැයි කියන එක අප සිහිපත් කරන්න කැමතියි.

දෙවන කාරණය තමයි ආබාධිත රණවිරුන් පෙරට දමාගෙන ඔවුන් මුලාවට පත්කරලා මේ යහපාලන රජයට එරෙහිව රණවිරුවන්ව උසිගන්වන එකයි. ඒ තුළින් දේශපාලන වාසි ගන්න උත්සහ කරන එක. අවුරුදු අටක් බලයේ ඉදලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ අය ලබානොදුන් විශ්‍රාම වැටුප ලබාදීමට අතිගරු ජනපතිතුමා කටයුතු කර තිබියදීත් රණවිරුවන් මුලාවට පත්කරලා අසත්‍ය වපුරලා ඔවුන් තුල රජය කෙරෙහි සැකසංකා ඇතිකරලා මේ රජය රණවිරුවන්ට නොසලකන රජයක් බව පෙන්වීමට උත්සහ දරණ අවස්ථාවාදී පිරිසගේ එම අවස්ථාවාදී ක්‍රියාව අප දැඩිව හෙළ දකින බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

මෙම මාධ්‍ය හමුව අවසානයේදී එම්.ජී. ගුණරත්න නැමති හිටපු හමුදා සෙබලාට ගනේමුල්ල පොලිස් ස්ථානයේදී සිදුවූ අසාධාරණයක් පිළිබඳව මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමටද නිශාන්ත වර්ණසිංහ මහතා විසින් ඉඩකඩ ලබාදෙන ලදි.

– මාධ්‍ය ඒකකය
ජාතික හෙල උරුමය

*******

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ‘ක්ලින්ටන් ගෝලීය සංසදයේ 2016 වාර්ෂික හමුව’ සදහා ඇමරිකාවේදී සහභාගී වූ අවස්ථාවේ පින්තූර තිහිපයක් පහත වෙයි. මෙම හමුව පැවැත්වුනේ හිලරි ක්ලින්ටන් ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස නම් කල පසු  වන අතර මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක් ලෙසද එය යොදා ගැනුනි.

38 views

21 Comments to “ට‍්‍රම්ප් අපේ-අපි ට‍්‍රම්ප්ගේ.. මහින්දලා හිලරිගේ.. ඩොනල්ඩ් ට්‍රම්ප් සමාන ජනපති මෛත‍්‍රීටයි..”

  1. kate says:

    As Sam said, don’t waste your time to give comments to this useless “Gon Haraka” He just speaks for NGO dollars like Harak Wijesooriya.

  2. ලංකා පුත්‍ර says:

    මේක නම් දැන් හෙළ කරුමය ම තමයි . මෙලෝ රහක් නැහැ . සිංහල හැගීම් විකුණා ගෙන කෑවා .

  3. gorrila says:

    රනිල් මෙත්‍රි රජය ඔබාමා ක්ලින්ටන් ඇතුලු ඩිමොක්‍රටික් පක්ෂය බලයට පත්වෙනබව ඉතසිතින් ප්‍රාර්තනා කරපුබව රහසක් නෙවෙයි. පහුගිය ආණ්ඩු පෙරලියට ඔබාමාගේ ආණ්ඩුවත් සිඅයීඒ එකත් දීපු සහයෝගය ඉතාවිශාලයි. කොහොම උනත් ඩිමොක්‍රටික් පක්ෂයේ බුරු පාලනය අවසන් වෙච්ච එක හොදයි. ලෝකෙට හොද කාලයක් උදාවෙන බව කියයුතුයි. ලංකාවටත් හොද කාලයක් එයි මේ කාලකන්නි යමපාලනය ඉක්මනින්ම අවසන් කරගත්තොත්. හෙල උරුමෙටයි පාටලීටයි කියන්න තියෙන්නේ තමුසෙලා වැඩබැරි ටාසන්ල ටිකක් විතරක් නෙමෙයි සිංහල ජාතියට ද්‍රෝහිවුන පිරිසක් ඉලන්ග චන්දෙන් බලාගමු.

  4. යුක්තිය says:

    මෙතන වර්තමානය කෙසේ වෙතත් නිශාන්තට ඌ ට්‍රම්පි ගෙ කියන්න සාධාරණ හේතුවක් කියන්න තිබ්බොත් තියෙන්න පුලුවන් මෙන්න මේක, ට්‍රම්ප් දැනුත් වයසෛ ටිකක්.. සල්ලි කාර මිනිහ, ගෑනුන්ටත් කැමතියි… නිශාන්ත ඉපදෙන්න මාස 10කට කලින් ට්‍රම්ප් ලංකාවට එන්න එන්න ඇති. සල්ලි වලට බලය තියෙන තැනට රිංගන නිශාන්තල වගේ උගෙ මහ ගෑනිත් ට්‍රම්ප් මගේ මම ට්‍රම්ප්ගෙ කියගෙන යන්න ඇති. එහෙම බැලුවොත් විතරයි ට්‍රම්පගෙ නිශාන්ත වෙන්නෙ.ජාන සම්බන්තාවයක්.ඒව ඔය එලියට පනින්නෙ… my3 හිලරිත් එක්කම අම්ම කෙනෙක් වෙන්න බලා පොරොත්තු උනේ… දැන් මූ කියනව ඒකෙ නොපිට. මූ කියන හේතු අමු අමුවෙ බොරු … සාධාරණව බැලුවොත් අරක තමයි හේතුව මූ ට්‍රම්පගෙ වෙන්න..

  5. Kolitha says:

    Jaathika mala karumegaththu ambaruwo tikak…munta wama dakuna maaruwela.

  6. අතුරේයන රතන says:

    එලු නිශාන්ථට අමු කැවිලද? නැත්නම් වයර් මාරුවෙලාද?

  7. සිරිමල් බංඩාර says:

    බැරිවෙලාවත් 2009 මැයි මාසෙ හමුදාව පැරදිලා කොටි දිනුවනම් මූ කියයි “ප්‍රබා අපේ, අපි ප්‍රබාගෙ” කියල.
    නොදකින් මෙහෙමත් කාලකන්නි!

  8. kusalhami says:

    මහ උපාසක පාචගේ අග්‍ර ස්‍රාවක ගෝලයා කියන අන්දමට නම් හිලරි දිනවන්නට සිවාජිලිංගම් ඇතුළු කොටි නඩය ලවා උතුරේ පොල් ගැස්සුවේ මහින්ද මහත්තයාය​.හිලරිගේ කැම්පේන් එකෙහි සම්පූර්ණ බර දැරුවේ විමල් වීරවංශ වැනි ජාති(ක) වාදියෝය​.පාචගේ ගෝලයාට ජාතිවාදයත් ජාතිකවාදයත් පැටලී අනාථ වී ඇත​.පාචගේ ගෝලයා කියන්නේ ඇත්ත නම් සිරිසේනත් මහින්ද මහත්තයා සමග පොල් ගසන්නට එකතු වූවා විය යුතුය​.මන්ද යත් සිවාලිංගම්ලා මෙන්ම සිරිසේන බලාපොරොත්තු වූවේද හිලරිගේ ජයග්‍රහනය බව ඔහු විසින්ම ප්‍රකාශ කර තිබීමත්, මේ මන්ද බුද්ධික පොඩි උපාසකයා හැර රටේම ජනයා සිරිසේනගේ හඬින්මත් එය අසා සිටි බැවිනි.ජර්මන් චාන්ස්ලර් ආන්ජලා සහ එංගලන්ත අගමැතිනි තෙරේසාද,නුදුරු දිනයකදී බලයට පත්වන හිලරිද එක්ව ලොව පාලනය කරනු ඇතැයි සිරිසේන කිව්වා අපට නම් මතකය​.එසේ නොකිව්වා යයි සිරිසේනට කියන්නට පුලුවන​.ඒ සිරිසේනගේ හැටිය​.ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවන්නට පාචගේ කණ්ඩායම පහුගිය ටිකේම හිටියේ අමෙරිකාවේය​.කණ්ඩායම් නායක පාච අමෙරිකානුවන්ගේ ජාත්‍යාලය වඩවා ට්‍රම්ප් ජයග්‍රහණය කරන තුරු ට්‍රම්ප් ටවර් එකෙන් බැස්සේ නැත​.ඔහුගේ ගෝලයෝ අමෙරිකාවේ වීදියක් වීදියක් පාසා ඉලෙක්‍ෂන් කැම්පේන් කලෝය​.කණ්ඩායම් නායක පාච එහි ඉන්නා කාලය තුල වාහනයක සුක්කානමට අත නොතබන්නට වග බලා ගත්තේ සිල් බිඳ ගන්නට ඇති අකමැත්ත නිසාය​.පාච කණ්ඩායම එහි ඉන්නා කාලය තුල නිශා බිස්වාල්,ජෝන් කෙරී,සමන්තා පවර් වැනි මහින්ද මහත්තයාගේ හොඳම යාලුවන් උන්නේ මැදමුලනේය​.යුද්ධය සමයේද ඔවුන් මහින්ද මහත්තයා හා එක්ව යුද්ධය නවත්වන්නට සැලසුම් කලා කියා පාච ට්‍රම්ප් සමග පවසනු රුසියාවේ ව්ලැදිමිර් පූටින්ටද ඇසුනු බව ඔහු චීන නායකයාට කියා තිබුනි.පාචලා හා නෝර්වේ සොල්හයිම්ලා නොසිටින්නට අද ලංකාව කොටියාගේ බූදලයක් වී හමාර බව පාචලාගේ කණ්ඩායමට සහය දක්වන්නට හොර රහසේම අමෙරිකාවට ගොස් සිටි වයිකෝ වයිබර් තාක්‍ෂණයෙන් ජයලලිතා අමතා ප්‍රකාශ කල බව රොයිටර් වාර්තා කර තිබුනි. සෝභිත හාමුදුරුවෝ උගේ කණ පලන්නට එනවා හීනෙන් දුටු පාචගේ අග්‍ර ශ්‍රාවකයා තුන් කාන්සයෙන් දාඩිය දා අවදි විය​.

Main News