ඩොලරය රුපියල් 165 පනිනු ඇතැයි පුරෝකතන.. කොළඹ කොටස් පහල බහී..

March 25, 2018 at 5:30 pm | lanka C news
ඩොලරය රුපියල් 165 පනිනු ඇතැයි පුරෝකතන.. කොළඹ කොටස් පහල බහී..

රට තුල ඇතිව තිබෙන බරපතල ආර්ථික අර්බුදය නිසා ඉදිරියේදී ඇමරිකානු ඩොලරයක් රුපියල් 165 දක්වා ඉහල යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

මන්ත‍්‍රිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය සිකුරාදා වන විට ඩොලරයක ගැනුම් මිල රුපියල් 154.11ක් වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 157.88කි.

මේ අතර කොළඹ කොටස් වෙලදපලද සිකුරාදා දිනයේදී සමස්ත මිල දර්ශකය ඒකක 6500 දක්වා පහත වැටී තිබින.

65 views

10 Comments to “ඩොලරය රුපියල් 165 පනිනු ඇතැයි පුරෝකතන.. කොළඹ කොටස් පහල බහී..”

  1. jayamal says:

    අපොයි දෙය්යනේ මෙහෙම ගියොත් මේ රට ගොඩ ගන්න මොන සක්කරයටවත් බැරි වෙයි.

  2. Lebbe says:

    මම නම් අසයි ඩොලරය 200 ක් වෙනවා නම්. අපේ චන්දෙ ගත්තට පස්සෙනේ මුන් අපිට කිව්වේ කොස් කොළ ක්රෝටන් කොළ කන්න කියල. හෙට අනිද්දා වෙන කොට කියයි. පුන්නකු තමයි අපේ ජාතක ආහාරය කියල ඩෙසර්ට් එකට තණකොළ කන්න කියල. මම ජහ පාලනේට චන්දෙ දුන්න ලක්ෂ 62 දෙනාගෙන් එක බුරුවෙක්.

    • Dushantha says:

      පොඩ්ඩක් ඉවසලා ඉඳපන් බං . හූ ඈම් පී එක ආර්ථිකේ හදලා ගනියි . රනිල්ගෙ යාළු සුද්දො ඈවිත් ආයෝජනේ කරපු ගමන් ආර්ථිකේ ගොඩ. ඊට පස්සෙ හෑමෝටම කුළියාපිටියෙ වොක්ස්වගන් කොම්පෑනියෙ හදන කාර් අරන් බ්‍රේස්ලට් දාලා චුයින් ගන් කකා හිටියහෑකි.

      • jayamal says:

        ඔව් ඔව් තව ටිකක් ඉවසලා ඉන්න වසර 3 ක් බලා හිටියා වගේ හෙට අනිද්දා රනිල් ෆ්‍රී වයි ෆ්යි ත් දුන්නට පස්සෙ තරුන ලමයි සතුටු වන විට වයසක අයට තරහ යන හැටිත් බලන්න බැරියෑ !

        දින 100 න් අලුත් රටක් කියලා ජන 8 අපේ මේ අසරන ජනතාව රවටලා දැන් ඉතින් එදිනෙදා කන බොන ටිකත් නැතුව හූල්ල හූල්ලා ඉන්න හැටි ජනතා සල්ලිම හොරා කාලා මේ සුර සැප විඳින ඇමතිලාට නායකයින්ට පෙනෙයිද?

  3. Dubba says:

    මේක මහින්දගේ කාලේ වෙච්චි වැරද්දක්. ඒ කාලේ ඉඳන්ම අපිට කොස් කොලයි පුන්නක්කුයි කැව්වානම් මේක මෙහෙම වෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව මරිජුවානා වවල මේක නිවැරදි කරන්නයි යන්නේ.

  4. Gadol says:

    එක්සත් ජාතික පක්ෂයට බැංකු සුද්ද කරන්න පුළුවන් කියලා නම් දැන් ඔප්පු වෙලා ඇති බවත් ලංකාවේ බැංකු විතරක් නොව දැන් ඔය එක්සත් ජාතික පක්ෂයේ යාලුවෝ එකතු වෙලා තායිවාන් බැංකුත් සුද්ද කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

  5. Love nature says:

    දොරටු පාලයා රජවී රට පාලනය කරනකොට මෙහෙම වෙනවා ..

  6. Love nature says:

    එජාප – ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව බලයට පත්වී වසර 3 කාලයක් ගත වනවිට රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ඇද දමා ජනතාව මත බදුබර පැටවීම සම්බන්ධයෙන් රනිල් – මෛත්‍රී ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව ලැජ්ජාවට පත් විය යුතුය,

  7. SARA says:

    I like it, My next holiday in sri lanka is going to be cheaper.

  8. weeru says:

    Diffidently It will reach to 200.00 Rs end of this year.

Main News