ඩොලරයක් රුපියල් 200 ඉක්මවීම ඉතා ඉක්මනින්..

June 21, 2018 at 5:30 pm | lanka C news
ඩොලරයක් රුපියල් 200 ඉක්මවීම ඉතා ඉක්මනින්..

සිංගප්පූරුව සමග ශ‍්‍රී ලංකා රජය අත්සන් කර ඇති ගිවිසුම ක‍්‍රියාත්මක කලහොත් ඇමරිකානු ඩොලරයක් රුපියල් 200 ඉක්මවීම කිසිවෙකුට නතර කල නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජනාධිපතිවරය ඇතුළු වත්මන් රජයට මෙම අවදානම ගැන අබවල් රොණක අවබෝධයක් නැති බවද ඔහු කියයි.

රාජපක්‍ෂ රජය පැවති වසර 10ක කාලය පුරාවටම ඩොලරය ඉහල ගියේ රුපියල් 30කින් පමණක් බවත් වත්මන් ආණ්ඩුව යටතේ අවුරුදු තුනහමාරකට ඩොලරය රුපියල් 31කින් ඉහල ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමකමින් ඔහු මෙම අදහස් පල කලේය.

83 views
Main News