ඩොලරයට රට ඇතුළේ මිල ගණන් 3ක්…

September 5, 2021 at 3:50 pm | lanka C news
ඩොලරයට රට ඇතුළේ මිල ගණන් 3ක්…

රට තුළ විනිමය අනුපාත තුනක් ක්‍රියාත්මක වන බව ඒ ගැන සිදු කළ විමර්ශනයකදී හෙළිදරව් විය.

ඉන් පළමුවැන්න අමෙරිකානු ඩොලර් සඳහා මහ බැංකුව නියම කරන විදේශ විනිමය විකිණීමේ නිල අනුපාතයයි. දැන් එය ඩොලරයකට රු. 204/-ක් පමණය. දෙවැනි විනිමය අනුපාතය ක්‍රියාත්මක කර ඇත්තේ පෞද්ගලික වාණිජ බැංකු විසිනි. එම බැංකුවලින් නිවේදනය කර ඇති පරිදි ඩොලරයක් විකුණන්නේ රු. 226/-ත් 228/-ත් අතර මිලකටය.

මෙම විනිමය අනුපාත දෙකටම අමතරව කොළඹ චැතැම් වීදිය ඇතුළු කළුකඩ වෙළෙඳපොළේ ඩොලරයක් අලෙවි වන්නේ රු. 240/-ත් රු. 250/-ත් අතර මිලකටය. මෙම නිල නොවන මූල්‍ය වෙළෙඳාම සඳහා බලපත් ලැබූ ව්‍යාපාරිකයෝද සිටිති.

එහෙත් ඔවුන් මෙයට පෙර ඩොලර් අලෙවි කළේ මහ බැංකු අනුපාතයට වඩා රුපියල් දෙක තුනක් මිල ඉහළ නංවමිනි.

රටේ වාණිජ බැංකුද මහ බැංකු අනුපාතයට සාපේක්ෂව රුපියලක දෙකක මිල වෙනසක් ඇතිව ඩොලර් අලෙවි කළේය.

පවත්නා ඩොලර් හිඟය නිසා රට තුළ මේ වන විට ඩොලර් අලෙවියට විනිමය අනුපාත තුනක් ක්‍රියාත්මකය. එසේම අනාගත වෙළෙඳපොළ සඳහා (Forward Market) ඩොලර් අලෙවිය සිදු කිරීමේදී විවිධ ඉහළ මිල අනුපාත වාණිජ බැංකු විසින් නියම කර තිබේ.

– Deshaya

46,752 views

9 Comments to “ඩොලරයට රට ඇතුළේ මිල ගණන් 3ක්…”

  1. කැලණියේ නයා says:

    පර සුද්දගෙ ඩොලරෙ අපිට එපා අපිට තියෙනව අපේ හෙළ රුපියල් අපිට ඕන හැටියට තොග ගානින් අච්චු ගහනව හෙට අනිද්දට පාන් ගෙඩියක් ගන්න රුපියල් වලින්ම දාහක් ගෙවද්දි කෝමද හෙළාබිමානේ අනික සුද්ද ඩොලර් එකක් දීල ගන්න බඩුවට අපේ හෙළ රුපියල් දෙසිය පනහක් අපි දෙනව අන්න එහෙමයි හෙළ යක්ක පුත්තු එක්කහු වෙලා සිස්ටම් චේන්ජ් කලේ.

  2. Jude perera says:

    Eka ratak doler jathi thunak

  3. api donanna ඩොලර් says:

    ආණ්ඩුව බොරු dollar rate එකක් තියාගෙන ඉන්න එක අතාරින්න ඕනේ. අපනයන කරුවන් විතරක් නෙවි. විදේශ විනිමය ගෙනෙන කාටවත් අමාරුවක් නැහැ බොරුවට dollar මාරු කරන්න. ආණ්ඩුව dollar එකට හරි මිලක් දුන්නොත් මේ තත්ත්වය කළමනාකරණය වෙනවා. එහෙම වුනොත් රටේ dollar ප්‍රශ්නයට පොඩි පිළිතුරක් හරි ලැබෙනවා. කළු කඩවලට වඩා බැංකු පද්ධතියට dollar ලැබෙනවා. දැන් ලංකාවෙන් dollar යවන්නේ (ඉම්පෝර්ට් වලට) කළු කඩෙන්. එන dollar එන්නෙත් කළු කඩේට.

  4. Banda says:

    Tell this to Cabraal. This is why this Government doesn’t want to go to IMF for assistance. Because one of the main conditions of IMF will be depreciation of LKR and Expenditure reduction.

  5. General says:

    Dollar yataghanawa

  6. lol says:

    dan sapada ?

  7. 3% ට බය බයියා. says:

    නීතියත් එහෙම තමයි .

  8. නව යොවුන් රාණි says:

    Exporters ලා ට පිරටරින් එන ඩොලර් වලට වාණිජ බැංකු වලින් මහබැංකුවේ අනුපාත වලට වඩා වැඩි ගානක් දෙනවා. හැබැයි LC ඕපන් කරන්න වාණිජ බැංකුවල ට ගියොත් කියන්නේ ඩොලර් නැහැ ඩොලර් පිටින් ගෙන්න කියලා. මේකට හේතුව තමයි එළියේ ඉන්න කලුකඩ මේ ඩොලර් බැංකු වලින් වැඩි ගානට ගන්න එක. ඒ කරලා එළියේ ඩොලර් එක දැන් විකුණනන්නේ 245-250 අතරේ.
    පහුගිය මාසේ ම central bank exchange rates වල USD එක 200 ට පහලින් fix කරලා තිබ්බේ. මෙහෙම උනහම speculation නිසා මිනිස්සු ඩොලර් හංගනවා පස්සේ වැඩි ගණනට විකුණන්න.

  9. Jagath Silva says:

    Avulak nehe. Api afganistanayen nayak gannnawa

Main News