ඩොලරය පහල ගියේ රනිල් ආ නිසා නොවේ.. මෙන්න ඇත්ත…
May 14, 2022 at 10:00 am | lanka C news
එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන රුපියල් අගයෙහි සුවිශේෂී පහළ යාමක් 13 දිනයේ දී වාර්තා විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 364.98 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු සියල්ලක්ම පාහේ අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රු. 365 ක් ලෙසින් වාර්තා කර තිබුණි.
පසුගිය මාර්තු 09 දා සිට ශ්‍රී ලංකා රුපියලේ අගය පා කිරීමට ගත් තීරණයත් සමඟ විදෙස් මුදල් ඒකක හමුවේ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණයට ලක්වීමක් දක්නට ලැබුණි.
මෙම පසුබිම තුළ පසුගිය බදාදා (11) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ විනිමය අනුපාතිකයේ අභ්‍යන්තර අස්ථාවරත්වය කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වන බවයි.
මේ අනුව විනිමය අනුපාතිකයේ පවතින අධික අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් 2022.05.12 දින නිකුත් කරන ලද චක්‍රලේඛය මගින් පහත සඳහන් ක්‍රියාමාර්ග නිකුත් කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
- මහ බැංකුව විසින් විනිමය වෙළෙඳපොළේ පෙර දින බර තැබූ නිත්‍ය එතැන් අනුපාතය මත පදනම්ව අන්තර් බැංකු ගනුදෙනු සඳහා USD/LKR මධ්‍යම අනුපාතිකය ප්‍රකාශයට පත් කරනු ඇත.
- මෙහිදී අවසර ලත් USD/LKR විචලන ආන්තිකය ද මහ බැංකුව විසින් නිවේදනය කරනු ලැබේ. (එය + හෝ – ලෙස යොදා ගත හැකිය.)
- මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වානිජ බැංකුවලින් ඉල්ලා සිටින්නේ පාරිභෝගික ගනුදෙනු සඳහා අදාළ වන ගාස්තු තීරණය කිරීමේදී සාධාරණ ආන්තික පමණක් යොදා ගන්නා ලෙසයි.
- ඉදිරි අනුපාතිකයන් (Forward rates) ද අන්තර් බැංකු නිත්‍ය අනුපාතිකය (Inter bank spot rate) සමඟ සමපාත විය යුතුය.
- බලපත්‍රලාභී වානිජ බැංකුවල ගාස්තු සහ කොමිස් ව්‍යුහය සාධාරණ, විනිවිද භාවයෙන් යුතු විය යුතු අතර ගනුදෙනුවේ වටිනාකමට සමාන රුපියලේ අගය අනුව 3%ක් නොඉක්මවිය යුතුය.
- ඒ අනුව අද (2022.05.13) දින සඳහා මධ්‍යම අනුපාතය රු. 360.00 සිට (+/-) රු. 2.60 ක අවසර ලත් වෙනසක් සහිතව විය යුතුවේ.
– biz.adaderana
ඉතින් යකෝ එහෙනම් මෙචර දවස් ඕක නොකරේ මොකද? ඔයිට වැඩිය අඩු අගයක් ඕක තිබී නැතේ ඇයි
අනේද කියන්නෙ දැන් ඉතිං හොඳ දෙයක් උනොත් ඒව රනිල්ගෙ නෙවෙයි, කෙලවුනොත් රනිල්ගෙ
කොහොමහරි වැඩේ ගොඩ යා ගෙන එන කොට රනිලයට කුණු බැනුම් අහ ගෙන යන්න වෙනවා , උට කරන්න ඕන මොකක්ක da හරියට තෙරුනට උනේ මොක්ක කියල ජනතාවට කියන්න තේරෙන්නේ නැ. අන්තිමට උ විතරක් මහා බැංකුව බිඳ කියල නේ කිව්වේ.
ඉතින් බන් හරි මිනිස්සු එන්න ඕන වැඩක් කරන්න .කබ්බො රාලලා හරි යන්නෙ නෑනෙ
Do the banks have sufficient USD to sell at these rates ?
It happened because mahinda left
Please donot hasten to get the credit or to boast. Do something more substantial and quantitative so that the people would feel it and then get the credit.