ඩොලරය 160ට නගී.. රුපියල මස්තබාල්දු වෙයි..

December 6, 2016 at 11:20 am | lanka C news
ඩොලරය 160ට නගී.. රුපියල මස්තබාල්දු වෙයි..

ඉදිරි මාස තුන හතර ඇතුළත ඇමරිකානු ඩොලරයක අගය 160 ඉක්‌මවා යනු ඇතැයි ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

මේ දිනවල විදේශ සේවා නියුක්‌තිකයනුත් ශ්‍රී ලංකාවට මුදල් එවීම අඩුකර ඇති බවද එසේ විදේශ විනිමය තැබීම් ඇතුළු රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය නිසා මෙසේ රුපියලේ අගය දිගින් දිගටම අඩුවෙමින් තිබෙන බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවැසීය.

වරක්‌ මුදල් ඇමැතිතුමා කිව්ව ඇමරිකානු ඩොලරය සතියක්‌ ඇතුළත රු. 130 ට ගේනව කියල. එහෙම ඇමැතිතුමා කිව්වට මහ බැංකුවට ඒක කරන්න බෑ. ඒක වෙළෙඳපොළ බලවේග අනුව තීරණය වන දෙයක්‌. ඊට එරෙහිව මැදිහත් වන ක්‍රමය තමයි සංචිතය සතු ඩොලර් වෙළෙඳපොළට දාන එක. එනම් මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළේ ඩොලර් විකිණීමයි. එවිට විදේශ සංචිතය අඩුවෙනවා. 2014 දී ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක විදේශ සංචිත තිබුණා. දැන් එහෙම සංචිත නෑ. 2015 වසරේ දී පමණක්‌ රුපියල බේරා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක්‌ වෙළෙඳපොළට දැම්මා. ඒත් රුපියල බේරාගත නොහැකි වී ඇති බවත් දැන් ඩොලරයක අගය රු. 150 ද ඉක්‌මවා ගොස්‌ ඇති බවත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.

කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය.

– දිවයින

0 views

3 Comments to “ඩොලරය 160ට නගී.. රුපියල මස්තබාල්දු වෙයි..”

  1. Buddhi says:

    මු කියුව්වොත් කියන්නෙ කෙබරයක්ම තමය්…….

    • somapala says:

      රවියා කිව්වොත් කියන්නෙ කෙබරයක්ම තමයි

  2. අනාථ ජනයා says:

    ලොල්ලොන්ගෙ ආර්තික ඔස්තාද්ලා ඉන්නව බය වෙන්න එපා. ඩොලර් එකට තව වැඩි රුපියල් ලබා දෙනවා

Main News