ඩොලර් නැතිවුනොත් කන්න නැතිව ජනතාව මිය යාවි.. රජයේ සේවක වැටුල් කපන්න වෙයි.. බඩු මිල තවත් ඉහල යයි.. මගෙ දෙමවුපියන්ට බනින් එපා..

August 24, 2021 at 10:22 pm | lanka C news
ඩොලර් නැතිවුනොත් කන්න නැතිව ජනතාව මිය යාවි.. රජයේ සේවක වැටුල් කපන්න වෙයි.. බඩු මිල තවත් ඉහල යයි.. මගෙ දෙමවුපියන්ට බනින් එපා..

අද වන විට රටේ ආර්ථිකය තුන් ආකාරයකින් විනාශ වී කඩා වැටී ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

රාජ්‍ය මුදල් අර්බුදය මෙන්ම විදේශයන් සංචිත හිගයද මේ වන විට දැඩිව බලපා ඇති බව ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකාව අපනයන ද්‍රව්‍ය නිෂ්පාදනය කර පිටරට යැවීම නොකළහොත් විදේශ විනිමය නැතිව ජනතාව ඖෂධ, කෑමබීම නැතුව මිය යනු ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

රට වසා දමන තරමටම පාලනයකින් තොරව බඩු මිල ඉහළ යනු ඇති බවත් පැවසූ ඒ මහතා එවන් අවස්ථාවල ම තමන්ගේ මව් පියන්ට දොස් පවරන්න එපා යැයි ද ඉල්ලා සිටියේ ය.

දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනක දී ඒ මහතා මෙම අදහස් පල කලේය.

අද වන තෙක් රජයේ සේවකයන්ට කිසිදු කප්පාදුවකින් තොරව වසර එකහමාරක් වැටුප් ගෙවා ඇති නමුත් ඉදිරියේදී ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇතිවුවහොත් වැටුප් කප්පාදුවක් වුවද සිදු කිරීමට ඉඩ ඇතැයි ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

75,598 views

43 Comments to “ඩොලර් නැතිවුනොත් කන්න නැතිව ජනතාව මිය යාවි.. රජයේ සේවක වැටුල් කපන්න වෙයි.. බඩු මිල තවත් ඉහල යයි.. මගෙ දෙමවුපියන්ට බනින් එපා..”

  1. shyamalie says:

    ජනතාව ඔබලාව ඔතනට යැව්වේ ඔය වගේ සිල්ලර කතා අහන්න නෙමෙයි. ඔබලා රටේ අහාර හිඟයක් ඇති නොවන ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි.

    දැනටත් රටතුල අහාර වගාවට අදාළ කෘෂිකර්මාන්තය ක්‍රියාත්මකයි ලංකාවේ මූලික අහාර අවශ්‍යතා සඳහා ඩොලර් අවශ්‍ය නොවේ, අවශ්‍ය වන්නේ, දේශීය කෘෂිකමන්තය නිසි ප්‍රතිපත්තියක් මත මෙහෙයවීමයි.

    People have elected you people not to listen such lay speeches. You people should handle the agriculture sector properly to reduce food shortage issue. For basic food still SL does not need dollars, but need good policies.

  2. යහපාල says:

    පිනට පඩි ගන්න ගුරු වරුන්ගේ පඩිය ඉස්සෙල්ලම කපා දැමිය.

  3. Darshana abayakoon says:

    නෑ නෑ උබලගෙ දෙමව් පියොන්ට බැනල වැඩක් නෑ. බනින්න ඔනේ උබලවගෙ ගොබ්බයො කරේ තියන් ගිහින් චන්දේ දුන්න එවුන්ගෙ දෙමව්පියන්ට.

  4. saman says:

    wahama bdu sahan dun hichachiyanta (ex:sinii,)ayakara ganini!

  5. පස්වන සරත් (විශ්‍රාමික) ජ. න්. ගි says:

    ඉරාජ් අස්වෙලානෙ. දැන් සේරෝම හරියයි.
    ඩොලර් ලැබෙයි.
    කෑම සුලභ වෙයි.
    කොරෝන නන්නත්තාර වෙයි.

Main News