ඩොලර් නැතිවුනොත් ජනතාව කන්න නැතිව මැරෙයි.. බෙහෙත් නැතිව මැරෙයි..

August 19, 2021 at 3:28 am | lanka C news
ඩොලර් නැතිවුනොත් ජනතාව කන්න නැතිව මැරෙයි.. බෙහෙත් නැතිව මැරෙයි..

විදේශ විනිමය නැතිව මෙරටට ඖෂධ ආනයන කර ගැනීමට නොහැකි වනු ඇති බවත් ජනතාවට කන්න නැතිව මැරෙන්න වනු ඇති බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එනිසා කුමන තත්වයක් යටතේ වුවද ආනයන අපනයන ක්‍රියාවලිය හා පොදු හුවමාරුව දිගටම පවත්වාගෙන යා යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

මෙරටින් අපනයන කරන ද‍්‍රව්‍ය රට නොවුවහොත් අවශ්‍ය කරන විදේශීය විනිමය රට තුළට ගෙන ඒමට හැකියාවක් නැති වනු ඇති බවත් පැවසූ ඔහු එසේ වුවොත් ජනතාවට අවශ්‍ය බෙහෙත් හෝ ආහාර නැතිව මිය යනු ඇති බව ද කියා සිටියේය.

පවතින තත්වය යටතේ ඕනෑම වෙළඳසැලක් වසා දැමිය හැකි නමුත් ආනයන අපනයන ක්‍රියාවලිය හා පොදු හුවමාරුව නතර නොකරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

රට වසන තරමට බඩු මිල වැඩි වෙන එක නවත්ත බැරි බවත් එනිසා කඩසාප්පු තමන් වසා දැමුවද ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නොකරන නමුත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවත් පිටකොටුව කිසිම හේතුවක් නිසා වසා නොදමන බවත් ඔහු තවදුරටත් පැවසීය.

53,697 views

43 Comments to “ඩොලර් නැතිවුනොත් ජනතාව කන්න නැතිව මැරෙයි.. බෙහෙත් නැතිව මැරෙයි..”

  1. Senevi says:

    Ehenam mona magilakatada huththo wahana siya ganak genne. Rata athule car sale wala thawa koi tharam wahana thiyenawada eikuna ganna baruwa. Ewa ganillako

  2. අල්ලා says:

    ඒක ඇත්ත… එහෙම වුනොත් වසංගතෙන් මැරෙනවට අමතරව හාමතේ මැරෙයි…

  3. Sayumi says:

    ඩොලර් හිඟ නිසා කන්න නැතු මළත්. බෙහෙත් නැතුව නම් මැරෙන් නෑ. අනික දැන් බිලියන් ගණන් ඩොලර් ගෙවලා එන්නත් ගෙනත් දුන්නත් පලක් නෑ.මැස්සො වගේ මිනිස්සු මැරෙණවා.දොස්තරලා කරගන්න දෙයක් නැතුව ලතෝනි ගහනවා කොරෝනා නිට්ටාවට සුව කළහැකි ඖෂධ ගණනාවක් අපේ පාරම්පරික හෙළ වෙදැදුරන් සතුව තියෙද්දි, බෙහෙත් කරන්න අවසර නැතිකම නිසා නිරපරාදේ රටේ මිනිස්සු මාරයා ඩැහැගන්නවා.

  4. බම්බුවේ ආර්ථික විද්‍යාව says:

    බම්දුල ඔය ඇමතිකම දීපන් ගොනෙකුට

Main News