ඩොලර් නැතිව වරායේ තෙල් නැවක් හිරවෙලා.. නොගෙවුවොත් තෙල් සමග ආපසු යයි..

July 15, 2021 at 10:00 am | lanka C news
ඩොලර් නැතිව වරායේ තෙල් නැවක් හිරවෙලා.. නොගෙවුවොත් තෙල් සමග ආපසු යයි..

වත්මන් ආණ්ඩුව ඩොලර් අර්බුදයකට ලක්ව සිටින බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස ඩොලර් ගෙවාගන්න බැරුව කොළඹ වරායට පැමිණි තෙල් නැවක් හිර වෙලා තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඩොලර් නොගෙව්වොත් මේ නැව තෙල් ටිකක් අරගෙන යන්න යාවි යැයිද රටේ වත්මන් ආර්ථික අර්බුදය ගැන විශේෂ ප‍්‍රකාශයක් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

වත්මන් ශ‍්‍රී ලංකාව විදේශ විනිමය හිඟවීම ප‍්‍රධාන කොටගත් ආර්ථික අර්බුදයක සිරවෙලා ඉන්නවා. මේ වන විට අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් කෝටි 400 යි. වසර මැද භාගයේදී බැඳුම්කර ණය ලෙස ඩොලර් කෝටි 100ක් ගෙවීමෙන් පසු භාණ්ඩාගාරයේ ඉතිරි වන්නේ ඩොලර් කෝටි 300ක සංචිතයක් පමණයි. එයට අමතරව තෙල් සංස්ථාව නොගෙවූ ඩොලර් බිල්පත් වටිනාකම ලෙස ඩොලර් කෝටි 130කුත් සිරවී තිබෙනවා.

අපේ වාණිජ බැංකුවල අද ඩොලර් නෑ. අපේ බැංකු ණය වෙලා සිටින්නේ. ඒ සංඛ්‍යා ලේඛන පිට කරලා නෑ. නමුත් ලැබෙන නිල නොවන ආරංචි අනුව එය ඩොලර් කෝටි 300ක පමණ මුදලක්.

ඒ අනුව දැනට අපට ගෙවන්න තියෙන මුළු ණය මුදල ඩොලර් කෝටි 430ක්. නමුත් අපි සතුව තිබෙන්නේ ඩොලර් කෝටි 300ක මුදලක් පමණයි. රට සතුව තිබෙන ඩොලර් කෝටි 300නුත් තව ඩොලර් කෝටි 100ට වඩා වසර අවසන්වීමට ප‍්‍රථම ණය වාරික ලෙස ගෙවුවහම රටේ භාණ්ඩාගාරයේ මොනවද ඉතිරි වෙන්නේ. රටේ දැන් මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙලා හමාරයි.

රටට භාණ්ඩ ආනයනය කරන්න මුදල් නැති නිසා ආණ්ඩුව ආනයන සීමා පැනවූවා. පොහොර ගේන්න මුදල් නැති නිසා කාබනික පොහොර ගන්න කියා ගොවියාට කිව්වා. ආණ්ඩුව ගොවියාට කාබනික පොහොරවලට යන්න කියන්නේ පොහොර ගේන්න මුදල් නැතිකම මත මිස වෙනත් හේතුවක් මත නොවෙයි.

ඩොලර් ගෙවා ගන්න බැරුව කොළඹ වරායට පැමිණි තෙල් නැවක් හිර වෙලා තිබෙනවා. ඩොලර් නොගෙව්වොත් මේ නැව තෙල් ටිකත් අරන් යන්න යාවි. එම නිසා ආණ්ඩුව ඩොලර් සොයමින් සිටිනවා මේ තෙල් ටික නිදහස් කර ගන්න.

‘කොවිඞ්’ මර්දන එන්නත ලබාදීම අවුරුදු 30ට වැඩි අයට පමණක් කියා නිර්දේශ කර ඇත්තේ හැම කෙනාටම එන්නත් ගෙනත් දෙන්න ආණ්ඩුවට මුදල් නැති නිසයි. මෙවැනි බරපතළ අර්බුදකාරී තැනක රට හිරවෙලා සිටිනවා.

ආණ්ඩුව බොහෝ රටවලින් මුදල් ගන්න හැදුවත් ඒවා ලැබුණේ නැහැ. කෙටිකාලීනව සුළු මුදලක් සහන ණයක් ලෙස ලැබුණත් එය මේ අර්බුදයෙන් ගැලවෙන්න ප‍්‍රමාණවත් නැහැ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දිනක තීන්දු කළා ඩොලර් කෝටි 6500 ක් තමන්ගේ සාමාජික රටවල් 190 අතර බෙදා දෙන්න. එමගින් අපටත් ඩොලර් කෝටි 80ක් පිනට ලැබෙනවා. ඒ මුදල මදි අපේ රටේ ආර්ථිකය ඉදිරියට ඇදගෙන යන්න. ඒ නිසා තවත් මුදල් සොයන්න වෙනවා.

ආණ්ඩුවට මුදල් හොයා ගන්න විකල්ප ක‍්‍රම නැතිනම් මම යෝජනා කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡුා කරලා, රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න අවශ්‍ය මුදල් සොයා ගන්න කියලායි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබුණාම ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවලිනුත් අපට මුදල් ලබා ගන්න පුළුවන් වේවි.

නැතිනම් ලබන වසර මැද භාගය පමණ වන විට අපේ විරැකියාව වැඩි වෙන්න පුළුවන්. ඒ අනුව අපේ ජනතාවගේ බඩගින්න වැඩි වෙන්න පුළුවන්. මෙම බරපතළ ගැටලූව මුල් කර ගනිමින් පවතින මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටින්න මම අපේක්ෂා කරනවා. මොකද රටේ මූල්‍ය කටයුතු පාලනය කරන්නේ පාර්ලිමේන්තුවෙන්. මහ බැංකුවත්, භාණ්ඩාගාරයත් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවට යටත්ව මිසක් ඊට ඉහළින් සිට නොවෙයි. එම නිසා පාර්ලිමේන්තුවට මේ ගැන ප‍්‍රශ්න කරන්න තිබෙන වරප‍්‍රසාදය අනුව මම මේ විවාදය ඉල්ලා සිටිනවා.

චමින්ද සිල්වා
– divaina

67,383 views

14 Comments to “ඩොලර් නැතිව වරායේ තෙල් නැවක් හිරවෙලා.. නොගෙවුවොත් තෙල් සමග ආපසු යයි..”

  1. චන්ද දායක says:

    රෝහිත ලඟ ඇති වෙන්න සල්ලි තියෙනවා.අතින් ගෙවලා හරි ඇතුලට ගයි.

  2. saman says:

    එහෙම වෙන්න ඉඩ දෙන්න තරම් අපි මොඩයො නෙවේ. කපිතාන් බැස්ස ගමන් ගිහින් අල්ල ගන්නවා.

    • Ranil says:

      Maha Bankuva, Bhandaagaare Parlimenthuvata yatath nisaa thamai man agamethi kaale ekata ithihaase kisima kaaleka kisima kenek nokarapu vidiyata suddetama DUDDAYAK deela mata salakapu mage yaaluvata saelakuve.

  3. සමන් says:

    ලංකාව මෙච්චර තෙල් බොන්නේ හිටපු ,දැන් ඉන්න පාලකයින්ගේ බූරු වැඩ .නිසා ලංකාව වැනි ධන ආර්ථිකය ක් නැති රටකට මේ තරම් පුද්ගලික වාහන මොකට ද?
    හැම මිනිහෙක්ම වැඩට යන්න ඕනේ තමන්ගේම වාහනයක කියන රටේ තියෙන සංකල්පයම වැරදි.
    පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම අනිවාර්යයි.ඒකට බස් ගැමුණු වගේ හරක් ටත් හරි නීති පද්දතියක් දාන්න ඕනේ .
    එහෙම කලොත් මෙච්චර තෙල් ගෙන්වන්න ඕනෙත් නැහැ

    පක්ෂ ,විපක්ෂ ගොන් නාම්බෝ ටික මේවා ගැන හිතන්නේ නැහැ .රටම බොරු විගඩම් වලින් චූන් කරන දේවල් තමා කියන්නේ.

    • 🤣🤣🤣🤣🤣 says:

      බැරිද කපිතාන් අත මාරුවක් කර ගන්න
      ඇමතිල පිනට කාලම ඇඟේ තෙල ඔන්න
      පොම්පය ගෙන ඒ ටික නැවට ඇද ගන්න
      අපිට ඔය නැවේ තෙල්ටික අනේ දී යන්න

  4. බින්න බහින සුදු අයියා (B.B.S.A) says:

    ඔයා කියන කතාව හරි ඇති.. නමුත් ඔය තැනට එන්න සීඝ්‍ර පිම්මක් ඔයත් දුන්නනෙ 2015-2019 කාලෙ… දැන් ජනාදිපති/ අගමැති පුටුව ගන්න මනුස්සය නිකන් ඉල්ලන් කන රස්සාවක වැඩට යනව වගේ එකක් කරන්නෙ… හිර වෙලා ප්‍රෙශර් වෙලා ස්ට්‍රෙස් වෙලා මැරෙන්න වෙනව.. මෙහෙන් ඩොලර් නෑ. පොහොර නෑ එතකොට පලදාව නෑ. අරෙහෙන් අපනයන අඩු වෙනව සංචාරක කර්මාන්තෙ හදන්න ඕනි.. තව ඒ අස්සෙ වෘත්තීය සමිති උද්ඝෝෂණ කරනව… හෙට අනිද්ද චන්දෙ ඉල්ලල මොකා ගියත් ඌට 1948 ඉදන් දැන් වෙනකම්ම හිටපු උන් කරපු වැරදි හැම එකකින්ම දුක් විදින්න වෙනව..

  5. අමරබන්දු රූපසිංහ says:

    චිකේ ඔයා කතා කරන කැත.
    අර අර්ජුන් ඩබල එක්ක දුන්න ගේම ගැන වගේ වගක් නැතිව.
    ඒක තමා ලොකුම හේතුව අද තියන ආර්ථික ප්‍රශ්නය උග්‍රවීමට.
    එහෙම දෙයක් උනේ නැතිද? මතක නැතා?

    මදෑ ඔය ජරා දේශපාලන සිස්ටම් එක වෙනස් කරන්න ටාසන් කෙනෙක් කියල හිතන් තවත් හිටං කෙනෙක් පත්කරගෙන අපිට උන දේ.

  6. Jude perera says:

    අපි බය නෙහෙ රාත්තාරන් ඉන්නවනෙ

  7. Sena says:

    ජාත්‍යන්තර වෙළදාම ගැන් අබමල් රේනුවකවත් දැනුමක් ඇති අයෙක් කරන කතාවක් නොවෙයි.LC එකක් නොමැතිව පෙට්‍ර්ල් නොවෙයි සරුංගලයක් වත් නැවකින් රටකින් රටකට ගෙන යා නොහැකියි.හිටපු අගමැති රනිල් මහතා හිතා සිටින්නේ උදේ පාන්දර මාලු කාරයා ගෙවල්වල ගේට්ටුව ලගට විත් මාලු විකුණන වා වාගේ තෙල් අපනයනය කරන රටවල් තෙල් නැව් රටවල් වලට ය්නනවා වාගේ කියා ද ?

    • පස්වන සරත් (විශ්‍රාමික) says:

      මේ නොදන්නවට අහන්නේ. දැන් මාළු ගේන්නෙත් තෙල් නැව් වලද මල්ලි.

  8. Dham says:

    LC එකක් විවෘත නොකොට තෙල් ආනයනය කල නොහැක්.ලංකාවේ වරායට තෙල් නැවක් ආවයි කියන්නේ එම තෙල් වලට ඩොලර් ගෙවා ඇති බවයි.

    • පස්වන සරත් (විශ්‍රාමික) says:

      ඉතින් මල්ලි සල්ලි ගෙවල නම් තෙල් ටික බාන්න එපයි.
      නොදන්නා මගුල් වලට පනින්නේ නැතුව ඔය තියෙන විදියට සැමනුයි පරිප්පුයි කාල නිදාගනින් මල්ලියෙ.

  9. Dengu Nona says:

    Hirawelaa aththe grees nathuwa wennathi, poddak athullalaa dunnoth Basil Goyiyaa okath gilee!!

  10. Sunil C.B says:

    Mhatuma mulinma whaga kiwa utui. Bhadum karaya N phasku praharaya. Dhan I don’t know 😕why

Main News