ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..

August 17, 2021 at 8:40 am | lanka C news
ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..

ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහෝමයක තොග මිල ගණන් රුපියල් 50-60 ත් අතර මිලකින් වැඩිවී ඇතැයි පිටකොටුවේ ආනයනකරුවන් කියා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ විශේෂයෙන් වාණිජ බැංකුවල පවතින ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම ඉතා අපහසු වී ඇති බවයි.

මේ වන විට ඇමරිකානු ඩොලරය රුපියල් 203 සිට 213 දක්වා මිල ගණන් යටතේ පැවතෙන බවත් ඩොලර් ලබා ගැනීමද ඉතා අපහසු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

පවතින තත්ත්වය මත ඉදිරියේදී වෙළඳපොලේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක් ඇතිවීම වළක්වාගත නොහැකි වනු ඇති බවද ආනයනකරුවන් කියා සිටිති.

77,045 views

18 Comments to “ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..”

  1. 3% ට බය බයියා. says:

    ඩෝසර් නැතත්,කන්න බොන්න නැති වුනත්,කොරෝනාවෙන් මැරුනත් අපි රාජපක්ෂලාගේ වහල්ලු බව මතක තියා ගන්න.2025 අපි79 ලක්ෂයකින් බැසිල් හාමු මහත්තයාව ජනාධිපති කරනවාමයි .

  2. මහ මොළකරු says:

    ඇමරිකානු ඩොලරය රුපියල් 203 සිට 213 ගන්න පුලුවන් නම් අපිට අරන් දෙන්න. අද රුපියල් 230 ටත් ඩොලර් ගන්න අමරුයි.

  3. නාමරත්න says:

    පිටරට ඉන්න අපේ අය ඩොලර් 100 ගානේ ‌‌ක්ෂනිකව ගෙදර අයට හෝ යහළු මිත්‍ර ආදීන්ට එව්වානම් ගොඩ, රට වෙනුවෙන් එතෙර පක්ෂ ශාඛා සූදානම්ද?

  4. Chandana says:

    බයවෙන්න දෙයක් නැහැ. ඩේසි ආච්චි ඩොලර් ගෝනියක් ගෙනත් අපිව ගොඩදාන එක සුවර්.

  5. sumudu says:

    මේ අවස්ථාවේ වාණිජ බැංකු අධික ලෙස අයතා ලාබ ලැබීම ඉතාම නින්ධිතයි .

Main News