ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ආනයන හිරවෙයි…

September 20, 2021 at 3:50 pm | lanka C news
ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ආනයන හිරවෙයි…

මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ගෑස් ගැන්වීම සඳහා මෙරට ඩොලර් හිගය දැඩිව බලපා ඇතැයි ඒවා ආනයනය කරන ව්‍යාපාරිකයන් සඳහන් කරති.

ඩේලි මිරර් පුවත්පත වෙත අදහස් පළ කරමින් ඔවුන් පෙන්වා ඇත්තේ රට තුළ පවතින ඩොලර් හිගය ආනයනය සඳහා දැඩි ලෙස බලපා ඇති බවයි.

එමෙන්ම මෙරට ගෑස් හිගයයට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල සමග රුපියල අවප්‍රමාණ වීම ද දැඩිව බලපා ඇති බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කර ඇත.

කෙසේ නමුත් මෙම තත්ත්වය ඔක්තෝබර් මස පළවෙනිදායින් පසු අවසන් වී යනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පුවත්පත සඳහන් කර තිබේ.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ ශ‍්‍රී ලංකාව වෙත ලබා දෙන ලද භාණ්ඩ සදහා මුදල් ලැබීම ප‍්‍රමාද වන නිසා යලි සැපයුම් නැවුගත කිරීමට සැපයුම්කරුවන් පසුබා ඇති බවයි.

43,736 views

16 Comments to “ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ආනයන හිරවෙයි…”

  1. දැන් සැපද ? සනිපද ? says:

    රනිල් මහත්තයා නිකමට වගේ කිව්වේ ඩොලර් එක රු 300 කිට්ටු කරනවා මේ විදියට ගියොත් කියලා. කබ්රාල් ලොක්කා ආපු ගමන් නම දාලම තව ,රු බිලියන 60 එළියට දැම්මා.
    දැන් ඩොලර් එක තද කරන් ඉන්නවා 200. එක බැංකුවක් එක ඩොලර් එකක් දෙන්නේ නැහැ මලාට. හෙට අනිද්දට ලැට් වල හාරලා ගෑස් අරන් උයලා, මන්නාරමෙන් තෙල් අරන් වාහන දුවන්න වෙන්නේ.
    සුදු අලි නඩත්තු කරන රටේ මේ වගේ හිඟා නොකා හිඟා කන්න වෙන්නේ.

  2. කැපුවත් පොහොට්ටුවට says:

    දැන් බඩගින්නෙ මැරුනු කවුරුහරි ඉන්නවද?

    • ගෞම් ඊයාරාජ් says:

      ලංකාවේ වගේ රටක බඩගින්නේ මැරෙන සම්භාවිතාව පට්ට අවමයි , කොස් ගෙඩියක් ,දෙල් ගෙඩියක් , එලොලු ටිකක් ,වැව් මාළුවෙක් , වතුර ටිකක් ලබාගන්න ස්වාභාවික මුලාශ්‍ර එමටයි. මුන් නෙමේ මොකා ආවත් පරම සත්‍ය ඒකයි. ඒ කියන්නේ මේ රටේ දායාදයන් ඔස්සේ , මෝඩ පාලකයන් පාලනය කරත් ජනතාව ආරක්ශා කරනවා කියන කතාන්දරේ විතරයි. හැබැයි වහල්ලූ හිතන්නේ අනිත් පැත්ත.ක්‍රෑහ් තුහ්..

Main News