ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ඇණැවුම් නවතී.. කන්ටේනර 1000ක් වරායේ හිරවේ…

August 1, 2021 at 12:00 pm | lanka C news
ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ඇණැවුම් නවතී.. කන්ටේනර 1000ක් වරායේ හිරවේ…

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා මෙරට වාණිජ බැංකු මගින් ඩොලර් ලබානොදීම හේතුවෙන් දැනටත් වරායට පැමිණ තිබෙන භාණ්ඩ ගොඩබෑම නතරවී තිබේ.

ඒ හේතුවෙන් ජූලි මාසයේ සිට භාණ්ඩ ඇණවුම් නතර වී ඇතැයිද වාර්තා වෙයි.

මෙම තත්වය මත රටේ ඉදිරි කාලයේ දී ආහාර ද්‍රව්‍ය හිගයත් ඇතිවීම වළක්වා ගැනිම සඳහා වහා මැදිහත් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් අත්‍යවශ්‍ය ආහාර හා වෙළඳ භාණ්ඩ ආනයන කරුවන්ගේ වෙළෙඳ සංගමය ඉල්ලා සිටියි.

සංගමය සඳහන් කරන්නේ ජූලි මාසයේදී ඇනැවුම් කළ අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර දහසකට ආසන්න ප්‍රමාණයක් වූ වරායේ හිරවී ඇති බවයි.

ඒවා නිදහස් කර ගැනීම සඳහා ඇනවුම් කරුවන්ට ගෙවීම් කළ යුතු වුවද ඊට අවශ්‍ය ඩොලර් වාණිජ බැංකු වලින් නිකුත් නොකිරීමෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවද ඔවුන් පෙන්වාදෙයි.

මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය වන අල, ලූණු, පරිප්පු, සීනි, මිරිස්, සුදුළුනු ආදිය ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 80ක් පමණ වැයවෙයි.

44,646 views

7 Comments to “ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ඇණැවුම් නවතී.. කන්ටේනර 1000ක් වරායේ හිරවේ…”

  1. Susantha says:

    Kanda nathiwunaata kamak na inda ratak thiyenawaa e athi

  2. Red Line says:

    ඩොලර් ඉතිරිකර ගැනීමට බටහිර IMF,World Bank අණ ඉදිරියේ වාහන ආනයනය,පොහොර ආනයනය ඇතුළු ආනයනයන් නතර කිරීමට රටට හා ජනතාවට නියෝග නිකුත් කරන අතරම..IMF, WB අණ ඉදිරියේ දණින් වැටී කොන්ද බිඳගෙන ණය වාරික හා පොලී වශයෙන් එම ඉතිරි කරගන්නා ඩොලර් පාලකයන් විසින් රටින් පිටකරමින් සිටින ආකාරය ත්‍රාසජනක හා ඛේදජනක විහිළුවකි.
    ආණ්ඩුව,විපක්ෂය,විපක්ෂයේ පක්ෂ,225 ඇතුළු සමස්ත වෙස්මිනිිස්ටර් පාර්ලිමේන්තු නඩයද අනෙකුත් ජාතිමාමක,වාමංශික හා ප්‍රගතිශීලී යයි කියා ගන්නා බොරුකාරයින්ද ජනතා විරෝධී,මාතෘභූමි විරෝධි මෙම අපරාධය කිසිම වාදවිවාදයකින් තොරව,ප්‍රශ්ණ කිරීමකින් තොරව,විරෝධයකින් හෝ ප්‍රතිරෝධයකින් තොරව කෙරීගෙන යන්නට ඉඩ හැර ජනතාවගෙන් සඟවා ඇති ආකාරය ඔබ වටහාගන්න.
    බටහිර ඩ්‍රැකියුලාවන් විසින් ආණ්ඩුව,විපක්ෂය,විපක්ෂයේ පක්ෂ,225 ඇතුළු සමස්ත වෙස්මිනිිස්ටර් පාර්ලිමේන්තු නඩයද අනෙකුත් ජාතිමාමක,වාමංශික හා ප්‍රගතිශීලී යයි කියා ගන්නා නාඩගම්කාරයන්වද යොදාගෙන ණය වාරික හා පොලී වශයෙන් මිනිසුන්ගේ රුධිරය අදිමින් සමස්ත ජාතියම නිරක්ති‌‌යට පත්කර ඇත.
    ලාංකික ජනතාවට තමන්ගේම නූතන,විද්‍යාත්මක දේශපාලන ව්‍යාපාරයක් ‌තවමත් නොමැතිකම මේ තත්වයට හේතුවයි.

  3. Yankee Dicky says:

    End results of 1978 constitution and due to that open economy policy and luxury life styles of politicians and so called rich people!

  4. අපි ගොන්නු නොවේ....! says:

    අපි චන්දෙ දුන්නෙ බඩ ගැන හිතල නෙවේ රට ගැන හිතල.

  5. මිතුරා says:

    tools තියනවා නේද

  6. Taraka says:

    එච්චර ඩොලර් නැත්තන් කාලා කාලා මැච් දෙකක් දින්නට 100000 US$ දුන්නෙ , අමු කැවිලාද?

  7. සකු says:

    මේ අස්සෙ රජයෙ සේවකයන් පඩි වෙඩි කරල ඉල්ලන්න නේ කුමන්ත්‍රණයක් .

Main News