ඩොලර් නෑ.. ඖෂධ වර්ග 80ක හිගයක්…

January 11, 2022 at 12:02 am | lanka C news

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80 ක පමණ හිගයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයෙය් සභාපති රවී කුමූදේශ් මහතා පැවසීය.

මෙම වසරට (2022) අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තුවලට අදාල ඖෂධ මිලදී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80 ක් පමණ මිලදීගැනීමට නොහැකිවන තත්වයක් නිර්මාණය වී ඇති බව කී කුමුදේශ් මහතා සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදගා ඖෂධ ඇස්තමේන්තු කලින් වසරේ ජනවාරි මස සිට සකස් කරන බව ද සඳහන් කළේය.

නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම අගෝස්තු මස ආරම්භ වී තෝරාගන්නා සමාගම් සදහා ණයවර ලිපි නිකුත් කර මාස හතරක පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සදහා වැයවන බැවින් ජනවාරි මාසය වනවිට ඖෂධ රට තුළට ළගා වීම සිදුවන බවත් කෙසේ වෙතත් 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තෙක් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4ක පමණ ප්‍රමාද වී ඇති බවත් කුමුදේශ් මහතා කීය.

– lankadeepa

8,822 views

8 Comments to “ඩොලර් නෑ.. ඖෂධ වර්ග 80ක හිගයක්…”

  1. Dial says:

    මූං නේද මැරෙන්න හැදුවේ රට වහන්න වහද්දි factory ඇරියම ඒවා වහන්නේ නැතුව වැඩක්ව නෑ ඒවත්හ වහන්න කියලා… දැන් ආර්ථිකේ වැටුනම එනවා කිබුල් කදුළු හලන්න

  2. Upul Attanayake says:

    Ravi Kudesh kiyanne Patta Truthful porakne.
    Rajitha Muge Boss.
    Aye dekak nehe Beheth nehe onna kiuwwa

  3. රාවණා බලුකාය says:

    පර සුද්දන්ගේ බෙහෙත් වෙනුවට හැමෝටම අපේ හෙළු වෙජ්ජුන්ගේ හෙළු ඔෂු දීපල්ලා..

  4. චන්ඩි කොල්ලා says:

    මේ යකා හැමදාම අරක නෑ මේක නෑ ලබන මාසේ 2000ක් මැරෙනවා කිය කියා නහයෙන් අඬ අඬා හිටපු ගමන් මේ අමාරු කාලේ වරජනත් කරන හිකනලෙක්!

  5. මරුවා says:

    කෝටි දෙකෙන් කෝටි එකහමාරක් මැරෙන්න ලෑස්ති වෙයල්ලා

  6. Araliya says:

    Meya MLT kenekda? PHARMACIST kenekda? Nathinam SIYALLA DATH lesa penee sitina bboruwekda? Ehema th nethinam politics walata KADE yannekda? Nethinam mata SALLI LEBENAWA NAM OONA EKAK KIYALA kadakappal weda karana NGO Karayek da?

  7. Chathura Gunarathna says:

    Me dawas wala lokuma prashne dollar thama eth monawa hari karala beheth nam gei. eh gana baya wenna deyak nah.

  8. Sunil Perera says:

    beheth genweema gana nam baya wenna deyak Nah Moko eh kriya patipatiya welawata ganata wenawa. nikan muhuda hathgauwak thiyagena amuda gahanna oni nah.

Main News