ඩොලර් නෑ.. ඖෂධ හිගයක්..- SPC දැනුම් දේ…

January 1, 2022 at 11:20 am | lanka C news
ඩොලර් නෑ.. ඖෂධ හිගයක්..- SPC දැනුම් දේ…

ඩොලර් හිගතාවය නිසා අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනතුරු අඟවා ඇත්තේ ඉදිරි මාස තුන හතර ඇතුළත රජයේ රෝහල්වල ඖෂධ සහ ශල්‍යාගාරවල භාවිතා කරන ද්‍රව්‍ය හිගයක් ඇති වීමේ අවදානමක් ඇති වී තිබෙන බවයි.

මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ වරයා විසින් ඖෂධ නිශ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමිනි.

දැනටමත් ණය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ණයවර ලිපි 72කට ගෙවීම් කළ නොහැකි වී ඇතැයි ද සමහර ණයවර ලිපි කාලය ඉක්ම වා ඇති බවත් එම ලිපිය මගින් දැනුම් දී ඇත.

දැනටමත් තම ගබඩා වල ඖෂධ පවතින්නේ එදා ඉතා අඩු මට්ටමක බව ද නීතිගත සංස්ථාව පෙන්වාදී තිබේ.

ඉදිරි මාස කිහිපය තුළ එම තොග අවසන් වීමේ අවදානම මග හැරීමට හැකියාවක් නොමැති බව ද එම ලිපියේ සඳහන්ව ඇත.

28,078 views

12 Comments to “ඩොලර් නෑ.. ඖෂධ හිගයක්..- SPC දැනුම් දේ…”

  1. Saman kumara says:

    රාජිතයා මේක කලින් කිව්වානේ…..කෝ ජයසුමන….හොර ආචාරියා

    • Ranjith says:

      සත 92 පෙත්ත රුපියල් 98 ට සංස්ථාව ට ගත්තේ රාජිත. ඕකා නැව් 8 ක්‌ ගත්තේ දත් ගලවලද? බෙහෙත් ගෙන්වන්න ඉබ්‍රහිම් ගේ මස්සිනාට දීල ගහපු ගේම් කවුරුත් දන්නවා.

  2. Gamarala says:

    තව වසර දෙකක් මුන්ව තියා ගත්තොත් මුලු රටම ඉවරයි ඉක්මනින් පන්නමු.

  3. Gamarala says:

    දැන් සැපද?

    ඉදිරි මහ මැතිවරණයේ දී මහින්ද අගමැති කරවීම වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තීරණය කළ බව එහි ලේකම් රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න වරක් පැවසීය.

    ඔහු මේ බව කීවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

  4. Gratiaen. says:

    Omg. Then what will happen to millions of senior citizens and people who are suffering from various ailments such as Heart ailments, Terminal diseases, Diabetes etc and who are living on medicines?

  5. SPC එකට සල්ලි නැතුව නොවෙයි
    US dollars නෑ

    දැන් කබ්බා කියන්නෙ 3.5 billion තියෙනවා කියලා දීපන්කො ටිකක්.

    අර jet එක යවල අපි බෙහෙත් ටික ගේන්නම්

  6. Gamarala says:

    චන්න දැන් කෝටිපතියෙක් උනේ කොහොමද?

  7. සුනඛ පෝතක.. says:

    ඔය සංස්තාව නම් කැවේ අර විශේෂඥ වියතයි..
    කං කොට නිළමේ ප්‍රමුඛ පල් හොර මනේජර්ලා සෙට් එකයි තමයි.
    බිබිලේ මහත්තය හිටිය නම් ඔලුවේ අත ගහ ගන්නව.

  8. badu vipula says:

    කොන් ද කපන දොස්තරයා ඕක ඇවර කරලා පැන්නා..
    රජයේ ඔඩිටින් , තොග ගණනය පවා නැති කරලා..
    ප්‍රයිවට් ඔඩිට් ෆර්ම් වලින් කෙලියා සුපිරියට​..

  9. sam says:

    ඉස්සරහට සල්ලි තිබුනත් රුපියල් වලින් ලංකාව ජිවත් වෙන්න සුදුසු පරිසරයක් නැති වේවි. සල්ලි තිබුනත් බෙහෙත් නැති වේවි $$ නැති නිසා. හොරු මංකොල්ල කාරයෝ වැඩි උනාම සංචාරක කර්මාන්තයත් අනතුරේ. යමක් කමක් තියෙන මිනිස්සුන්ටත් පෝලිම් වල ඉන්න වේවි

Main News