ඩොලර් නෑ.. කන්ටේනර දහසක් වරායේ හිරවෙලා.. ආර්ථිකයට දරුණු පහරක්…

November 25, 2021 at 10:40 am | lanka C news
ඩොලර් නෑ.. කන්ටේනර දහසක් වරායේ හිරවෙලා.. ආර්ථිකයට දරුණු පහරක්…

විදේශ විනිමය අර්බුදය මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් දහසක් පමණ වරායේ සිරවී ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ.

අත්‍යවශ්‍ය ආහාර වල මිල අසීමිත ලෙස වෙළෙඳ පොළේ ඉහළ යාමට එම හේතුව බලපා ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

එනිසා ඒවා නිදහස් කර ගැනීම සඳහා වහාම කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු පවසා ඇත.

පරිප්පු, ලූණු, සීනි, අල, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය අඩංගු බහලුම් මෙසේ වරායේ හිර වී ඇත්තේ මෙරට පවතින ඩොලර් හිගය හේතුවෙනි.

ඩොලර් හිගය ඉතාම බරපතළ තත්ත්වයකට පත්ව ඇති බවත් එය ආර්ථිකයටද දරුණු පහරක් එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.

34,193 views

14 Comments to “ඩොලර් නෑ.. කන්ටේනර දහසක් වරායේ හිරවෙලා.. ආර්ථිකයට දරුණු පහරක්…”

  1. ඩොලර් කාක්කා says:

    යකෝ මුන්ට ඩොලර් ටිකක් අච්චු ගහන්න බැරිද ?

  2. sahan says:

    ඕක ඉතින් අපිත් දන්නවා.. ඔයටික කියන්නද ඔයා ඔතන ඉන්නේ..

  3. saman says:

    මොනවා උනත් හොරකම්, කොමිස් පොඩ්ඩක්වත් අඩු කරන්න එපා. තව ටික කාලයයි තියෙන්නේ.

  4. Dileepa Rupasinghe says:

    උඹේ Rs. 2500න් මොකුත් කරගන්ඩ බැරිවෙයිද ?

  5. cobra says:

    මේ වසර 2ට ගහ ගත්ත කොමිස් වලින් ගෙවලා නැව් වල බඩු අරන් අත්‍යවශ්‍ය ආහාර වල මිල අඩු කරපල්ලා ..ජනතාව තවත් ගොනාට අන්දන්න හිතන්න එපා ..මිනිස්සුන්ගෙත් ඉවසීමේ සීමාවක් තියනවා …ඔබේ සොරාගත් ඩොලර් කොහෙද ?ඒ මුදල් වලින් ගෙවන්න

  6. JOHN says:

    ආර්ථිකයටද දරුණු පහරක් එල්ල කර ඇත්තේ ආණ්ඩුව මිසක් ජනතාව නොවේ …අර ද්විත්ව පුරවැසි මුදල් ඇමතිගෙන් ඉල්ලා ගන්න ඔහු ලග ඩොලර් ඕනෑ
    තරම් ඇති ..

  7. සිංහල බන්ඩා says:

    මාසෙකට කලින් ඔය විදිහට රසායනික පොහොර ගෙන්නුවා නම් වෙන්න සාගතයෙන් ගැලවෙන්න තිබුනා.

  8. Susantha says:

    පැන්ඩෝරා එකෙන් කියපු කෝටි 35,000 ගෙනාවනම්, ච්චි යවපු රොකට් එකට කියලා චීනෙ බැංකුවේ දාපු මිලියන 60,000 ගෙනාවනම් ඩුබායිවල තියෙන මැරියට් හෝටලේ විකුනලා ඒ සල්ලි ටික ගෙනාවනම්, ඇමෙරිකාවෙ තියෙන සුපර්මාර්කට් චේන් එක විකුනලා, මන්දිර 4 විකුනලා ඒ සල්ලි ගෙනාවනම්, KP ගෙන් මන්කොල්ලකාපු LTTE සල්ලි ටික ගෙනාවනම් චීනෙටත් ඩොලර් නයක් දෙන්ඩ පුලුවන් වෙයි නේද ගෙම්බමූන බකපන්ඩිතයෝ.

  9. සිංහල බන්ඩා says:

    මාසෙකට කලින් ඔය විදිහට රසායනික පොහොර ගෙන්නුවා නම් වෙන්න සාගතයෙන් ගැලවෙන්න තිබුනා. එසේ නොකොලේ නැනෝ වලින් හොරා කන්නය්.

  10. කබර දුන්බල says:

    අපි ද යකෝ ආණ්ඩුව කරේ?

Main News