ඩොලර් නෑ.. ගල් අගුරු සැපයුම්කරුවන් කිසිවෙකු නෑ.. නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතින ලකුණු..

January 10, 2022 at 10:00 am | lanka C news
ඩොලර් නෑ.. ගල් අගුරු සැපයුම්කරුවන් කිසිවෙකු නෑ.. නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතින ලකුණු..

මෙරට ඇති වී තිබෙන ඩොලර් හිගතාවය මත ගල් අඟුරු ආනයනය සීමා වීමේ දැඩි අවදානමක් ඇතිව තිබේ.

විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ගල් අඟුරු ආනයනයට බාධා පැමිණීම මත නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිඳ වැටෙනු ඇති බවයි.

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍ර තුනක් ඇති අතර ගල් අඟුරු ආනයනය සීමා වුවහොත් එම ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බව ද ඔහු පැවසීය.

බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සීමා වුවහොත් මෙරට බරපතළ විදුලි අර්බුදයක් හටගනු ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඩොලර් හිගය සහ ණයවර ලිපි විවෘත නොකිරීම හේතුවෙන් ශ‍්‍රි ලංකාවට ගල් අඟුරු සැපයීමට සැපයුම් කරුවන් කිසිවෙකු ඉදිරිපත් නොවන තත්ත්වයක් උද්ගත වී තිබේ.

15,242 views

8 Comments to “ඩොලර් නෑ.. ගල් අගුරු සැපයුම්කරුවන් කිසිවෙකු නෑ.. නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතින ලකුණු..”

  1. ගුන්දල බණවර්ධන says:

    ඇටනම ලස්සෙ පූට්ටු කැලණි පාලම් නාගධාතු කාබනික බෛ රැල දුන්නෙ කොහොමද ඉතින් 🤣🤣🤣🤣 හොඳම වැඩේ උඹලට

  2. 0.00069 BIYYO says:

    SOU 1/2 DORRE GALYI !!!

  3. Amal says:

    ෙඩාලර් ෙහාරට මාරැ කරන අය ලග ඹ්නතරම් තියනවා ඇයි ෙම්තැත් වහන්න බැරි?

  4. ෙඩාලර් ෙහාරට says:

    දැනට නොරොච්චෝලේ විලිය ඒකකයක් නිෂ්පාදනටා රුපියල් අච්චර යනවා. නය වාරිකෙට මාසෙකට මෙච්චර යනවා. නිව් ෆොට්‍රස් සමාගම කැමති වුනොත් ටික කාලෙකට (ජීවිත් කාලෙටම) ඕක බදු අරන් ඒකකය අර ගණන් දෙකේම එකතුවට වඩා අඩුවට දෙන්න, මැරෙනකම්ම.

  5. LalithM says:

    අර රොකට් රෝහිතල මහින්ද මාමල වියදම් කරන විදිහට එයාල ගාව ඩොලර් ඇති ඕන තරම්. ඉල්ලලා ගල් අඟුරු ගේමු.

  6. Jehan says:

    සරල ගණිතය රටට ඩොලර් එන්නෙ නැත්තෙ ඩොලර් යන්න දෙන්නෙ නැති නිසා. ඩොල ර්ලංකාවෙන් එලියෙ තිබ්බාම එක එකාට වඳින්නෙ නැතිව තමන්ගෙ ගෙවීම් කරන්න පුලුවන්
    ඕක නොතේරී නගේ ඉදගෙන මෙහේ ප්‍රින්ටරෙ වැඩ රැපියල් ගහන්න

  7. Ravi says:

    අර මේකේ ඉන්න දාර වහල්ලුන්ට මේ වගේ නිව්ස් පේන්නැද්ද මන්දා?

Main News