ඩොලර් නෑ.. ප‍්‍රබල රටවල් 03ක ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල වසා දමයි.. ඉතිරි 60 දුවන්නත් සල්ලි නෑ…

March 21, 2022 at 10:00 am | lanka C news
ඩොලර් නෑ.. ප‍්‍රබල රටවල් 03ක ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල වසා දමයි.. ඉතිරි 60 දුවන්නත් සල්ලි නෑ…

ඩොලර් හිගය හේතුවෙන් විදේශ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයක් වසා දැමීමට තීරණය කර ඇත.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය ලබන 31 වැනිදා සිට ඒ අනුව වසා දැමීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ විදේශ විනිමය අර්බුදය හේතුවෙනි.

එම රටවල එම වසාදමන කාර්යාලවල රාජතාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ආසන්නයේ පිහිටි රටවල තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල වෙත පැවරීමට කටයුතු කර ඇත.

ශ‍්‍රී ලංකාව ෙම් වනවිට විදේශ රටවල දූත මණ්ඩල හැට තුනක් පවත්වාගෙන යන අතර මෙම කාර්යාල වසා දැමීමත් සමග එය 60 දක්වා අඩු වෙයි.

ඩොලර් හිගය හේතුවෙන් එම දූත මණ්ඩල කාර්යාල 60 ද පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ආරංචි මාර්ග වාර්තා කරයි.

40,383 views

12 Comments to “ඩොලර් නෑ.. ප‍්‍රබල රටවල් 03ක ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල වසා දමයි.. ඉතිරි 60 දුවන්නත් සල්ලි නෑ…”

  1. සිංහයා 🦁 says:

    පළමුව වැසිය යුතු ජනාධිපති අගමැති විපක්ෂ නායක මැති ඇමති නිල කාරයාල නේ බන් මොකටද පිස්සන්ට පඩි ගෙවන්නේ කිසිම සේවයක් රටට නැති 🎭

  2. Poor Citizens says:

    All embassy/high commission offices should be closed because they don’t do and any productive work for the country and just waist public money for their comforts/ benefits and other privileges since most are relations/friends of politicians in power.

    • Naagha says:

      Waist nemeyi ban. “Waste”

    • මහජනයා says:

      To Poor Citizens,
      සහතික ඇත්ත !
      ඒ මදිවට…
      මහජන මුදලින් සුපිරි පිං පඩි සහ සුපිරි පහසුකම් ලබාගෙනත් ලංකාවේ අයට අන්තිම පහත් විදියට සලකන සක්කිලි මිනිස්සු එම්බසිවල වැඩ කරන්නේ කියලත් ආරංචියි !!

  3. Saman says:

    දේශපාලක පවුල් පිටින් ,රටට දෙයක් නොකර ,ගත්තු ආතල් රටත් එක්කම ඉවරයි

  4. අපි ගොන්නු නොවේ...! says:

    යහපාලන ආන්ඩුව හම්බන්තොට වරාය චීනෙට විකුණලා එදා වේල හොයා/ත්තා වගේ…මත්තල එයාර්පොට් එක ඇමරිකාවට විකුණලා ඩොල්ර් හොයන් අවුරුදු 5 ගත කරානම් කාගෙන්වත් බැනුම් නෑනෙ…

    • SKF says:

      ඔව් බන් උබ ගොනෙක් නෙවේ. මී හරකෙක්.

    • Silva says:

      මත්තල එයාපෝට් එක ඇමරිකාවට අරන් මොනා කරන්නද? උබෙ වයිෆ්ව ගෙනත් සුද්දන්ට පෝලිම් දාන්නද?

  5. Ratavesiya says:

    Oya diyawannawe gubbeeyamath wasaa demmoth ratata wisala danas kandayak ithiri wewi.dolaruth ithiri wewi ratath jathiyath araksha wewi palamuwa kalauththe hora apradha wanchakara duchitha kalakanni gubbeeyam yama sampurnayenma wasa demiya uthumaya

  6. Gayan says:

    පිටරට තානපති වරුන් නම් කොහොමත් වැඩක් නෑ…ඕකූන් කරන වැඩක් නැහැනේ..පිංපඩි ගිලින හිඟන හැත්ත

Main News