ඩොලර් නෑ.. භාණ්ඩ වර්ග 2500ක් ආනයන දැඩිව සීමා කරන ලෙස දැනුම් දෙයි…

August 14, 2022 at 10:00 am | lanka C news
ඩොලර් නෑ.. භාණ්ඩ වර්ග 2500ක් ආනයන දැඩිව සීමා කරන ලෙස දැනුම් දෙයි…

මෙරට ඩොලර් හිගය තවදුරටත් උග්‍ර විය හැකි නිසා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මහ බැංකුව පෙන්වා දී ඇත්තේ මෙරට විදේශ සංචිතවල වන බලපෑම ඉදිරියේ දී තවදුරටත් පීඩාකාරී වන නිසා මෙම ආනයන සීමා කිරීම කඩිනමින් ම කළ යුතු බවයි.

ඉන්ධන ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ආනයනය සඳහා ඩොලර් රඳවා ගත යුතු බැවින් අත්‍යවශ්‍ය නොවන සියලු භාණ්ඩ ආනයනය දැඩි ලෙස සීමා කරන ලෙස මෙමගින් දන්වා තිබේ.

ඒ අනුව ආනයනය නොකළ යුතු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලැයිස්තු තුනක් මුදල් අමාත්‍යාංශයට මහ බැංකු විසින් යවා තිබේ.

එම ලැයිස්තුව ද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 2500 වැඩි ප්‍රමාණයක් ඇතුලත් වන බවද දැනගන්නට ඇත.

86,310 views

11 Comments to “ඩොලර් නෑ.. භාණ්ඩ වර්ග 2500ක් ආනයන දැඩිව සීමා කරන ලෙස දැනුම් දෙයි…”

  1. Essential says:

    Could anybody decides, what is essential and not essential? Some essentials could not be essential to others or the other way around.

  2. Drone Footage says:

    මේ සියලු අර්බුද අතරේදීත් මාසිකව ලංකාව උපයන සහ ලංකාවට ලැබෙන ඩොලර් ප්‍රමාණයක් තිබෙනවා.
    එම ඩොලර් වලට තමන් කරන්නේ කුමක්ද නොපෙන්වා රජයත් එහී ඉහල නිලධාරී පැලැන්තියත් රට උපයන ඩොලර් ජනතාවගේ මූලික අවශ්‍යතා සඳහා යොදවන්නේ නැතිව පිටට පොම්ප කරමින් ඉන්නවා.
    මාසිකව ලංකාවට ලැබෙන ඩොලර් ප්‍රමාණය සහ එම ප්‍රමාණය වැයවුනේ හෝ යෙදවුනේ කෙසේද කියා ඔබලා වහා රටට එලිදරව් කලයුතුයි.
    ජනතාවට පට්ට පල් බොරු කියමින් හොරරහසේ ණය හා පොලී වශයෙන් සහ වෙනත් දේ සඳහා කොපමණ ඩොලර් පිටකරන්නේද?

  3. True Srilankan says:

    රනිල් ජනාධිපති තුමා නූතන දියුණු ලිබරල් ප්‍රතිපත්තිත් එක්ක රට ඉස්සරහට ගෙනයන්න උත්සාහා හරද්දි මූ තවමත් අර බංකොලොත් ගෝතයාගේ බංකොලොත් ‘දේසීය ආර්ථික’ ප්‍රතිපත්ති කියන මල විකාරය ඉසාරහට ගෙනයන්න හදනවා වගේ. මෙච්චර කාලයක් කරපු විදියට රටේ මිනිස්සුන්ට තව දුරටත් ජීවත් වෙන්න විදේශ විනිමය නැති නම් කරන්න ඕන රට ඇතුලට ඩොලර් ගේන්න පුළුවන් විදියේ වැඩ පිළිවෙලක් හදන එක මිසක් ඔක්කොම ආනයන නවත්තලා බතල මඤ්ඤොක්කා ගිලලා, දෙක තලාගෙන බයිසිකල් පාගලා, බෙහෙත් වෙනුවට හෙළු වෙජ්ජුන්ගේ ගොඩ වෙදකම් කරලා ගල් යුගයට යන එක නෙවෙයි. රටට විදේශ විනිමය ගේන්න කරන්න ඕන දේවල් කීපයක්ම තියෙනවා. වැඩියෙන් ආයෝජන ලබා ගන්න පුළුවන් විදියට රටේ දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීම, ලෝකයේ අනිත් රටවල් වල කරලා තියෙනවා වගේ සංචාරක කර්මාන්තය නවීන විදියට දියුණු කිරීම, උගත් වෘත්තිකයන්ට විදේශ රැකියා අවස්ථා ලබා දීම වගේ දේවල්. රට ඇතුලේ නිශ්පාදනයන් වැඩිවෙන්න ඕන තමයි. ඒත් එහෙම කරන්න ඕන අඩු පිරිවැයකින්, ඉහළ ප්‍රමිතියකින්, ඵලදායී විදියට නිශ්පාදනය කරලා අපනයනයෙන් විදේශ විනිමය උපයන්න පුළුවන් දේවල් මිසක් අර ලංකාවේ විදුලි වාහන හදනවා කියලා බාල කෑලි ටිකක් පූට්ටු කරලා බඩකඩිත්තු හුචක්කු හදලා ජපානයේ අළුත්ම Leaf එකක ගාණට මිල නියම කරනවා වගේ ගොන් පාට් නෙවෙයි. ඒ වගේම රටේ විශේෂිත පිහිටීම ප්‍රයෝජනයට අරගෙන වරාය මෙහෙයුම් වලින් පුළුවන් තරම් ආදායම උපයන්න ඕන. අපේ රටට ගැලපෙන්නේ අන්න ඒ වගේ ආනයන – අපනයන ආර්ථිකයක් මිසක් ඔය 70 – 77 කාලෙදි සිරිමා හොම්බෙන් ඇන ගත්තු, 2022 ගෝතයාට රටිනුත් පනින්න වෙච්ච බංකොලොත් ‘දේසීය නිශ්පාදන ආර්ථිකයක්’ නෙවෙයි. නන්දලාල් ලොක්කත් ඕක තේරුම් ගත්තොත් තමයි හොඳ. එහෙම නැතිනම් ඉතින් මිනිහාගේත් ළඟදිම ටිකට් එක කැපෙයි.

    • නලින්ද සිල්වා says:

      ලියා ඇති හුඟක් කරුණු වලට එකඟයි වගේම ප්‍රායෝගිකයි. හැබැයි ඉතින් දැන් ලංකාවේ ආර්ථිකය හොම්බෙන් ගිහිල්ලා එදාවේල ගැන විතරක් හිතන්න වෙලා තියෙන නිසා ආනයනය සීමා කරලා තියෙන විදේශ විනිමය අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට වෙන්කරන්න වෙලා තියෙන්නේ. ඔබ කියන ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරන්න අවංක දේශපාලන මැදිහත්වීමක් අවශ්‍යයි. මේ තත්වය යටතේ එහෙම අවංක, දූෂණයෙන් තොර දේශපාලන නායකත්වයක් පේනතෙක් මානයක නෑ (රාජපක්ෂලා තාමත් රඟනවා) ඉතින් මහබැංකුවත් කරන්නේ දීර්ඝ කාලීන වැඩපිලිවලකට යනවට වඩා එදාවේල පිරිමසා ගැනීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරලා අත හෝදගන්න එකයි.

  4. Sam says:

    This Nande only knows how to ban things.

  5. Duty Free says:

    Katunayake guwan thotupole, duty free shops tikath wahanna wenawa.

  6. තොරතුරැ සැපයීමට වහාම වට්ස්අප් අංකයක් යහිත ක්‍රමවේදයක් ස්ථාපිත කළයුතුයී,.! says:

    මහබැංකුවේද අනුමැතිය ලැබු සංවිධානගත ඡාළ ඡංගමදුරකතනයට බාගතහැකි ඇප් උපයෝගී කරගනිමින් ලංකාවේද නියෝඡිතයන් උපයෝගීකරගනිමින් රඡයට හිමිවියයුතු මුදල් වක්‍රාකාරව කොළ්ලාකන බවට නිරීකෂණය වන අතර දැඩිලෙස නිදිකිරා වැටෙනා මහබැංකව චෝදනා කරන්නෙමු,.!
    වරක් සැළසුම් සකස්කර නිදිකිරා නොවැටී සක්‍රීයව යාවත්කාළීන වීමේ ක්‍රමවේදයක් මහබැංකුව වහාම ස්ථාපිත කළ යුතුයි,.තොරතුරැ සැපයීමට වහාම වට්ස්අප් අංකයක් යහිත ක්‍රමවේදයක් ස්ථාපිත කළයුතුයී,.!
    රටට ප්‍රේෂණය කරනා විදේශ මුදල් සඳහා අනවශ්‍ය පුද්ගළයන්ගේ අතරමැදී මැදිහත්වීම වහාම තීකෂණලෙස නිරීකෂණය කරමින් සක්‍රීයළෙසම වළකාලිය යුතුයි,.!
    රාඡ්‍ය තතාන්ත්‍රීක වරප්‍රසාද භුක්තිවීදීම ඇති පූර්ණ නිදහස් නිවහල් අයිතිය ලංකා රාඡ්‍යයේ සමස්ථ ඡනතාවට අවස්ථාව වහාම නිර්මාණය කළ යුතුයි,.!
    වංචාවට දූශණයට වහල්මානසිකතවයට යටවී ඡනතාව තළා පෙළා නොදමා,. සවෙෙරී ලංකා රාඡ්‍යයේ රාඡතාන්ත්‍රීක වරප්‍රසාද සමස්ථයට ළබාදීමට රැසියානු රාඡ්‍ය සමඟ වහාම ලංකා රාඡ්‍ය අඛන්ඩ බොරතෙල් ලබාගැනීම වහාම ගිවිසගැනීමට අවශ්‍ය කටයුතු විධායක ඡනාධිපති ප්‍රමුක වගකිවයුත්තන් වහාම ක්‍රීයාත්මකවනලෙස අවධාරණය කරන්නෙමු,.!

  7. AJ Weere says:

    Where is the list of 2500 items?
    Are solar panels included in the list?
    AJ

  8. Kumar says:

    Whats the use if this idiot. He only says no $$$$$

  9. JR says:

    කොච්චර සීමා කලත් පරිසරයටත් අහිතකර, අනවශ්‍ය බාල ප්ලාස්ටික් බඩු කඩවල් දවසෙන් දවස වැඩි වෙන්නෙ කොහොමද?? තහනම් කරල විතරක් වැඩක් නෑ.. හොර පාරෙන් ගෙන්නන ඒව නවත්තන්නැතුව…

  10. ASELA says:

    පසුගිය කාලේ තෙල් ගේන්න ඩොලර් නැහැ කියලා දැන් තෙල් ගේන්න ඩොලර් ලැබුනේ රාජපක්ෂලාගේ විදේශ රටවල තියෙන ඩොලර් වලින් නේද ?

Main News