ඩොලර් නෑ.. ලංකාවට ගුවන් යානා සීමාකරන්න යයි…
December 27, 2021 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ඩොලර් අර්බුදය හේතුවෙන් මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවලට විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවී ඇත.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවලට එන ගුවන් යානාවලට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර්වලින් ගෙවන්නේ නම් පමණි. එසේම එම ගුවන් සේවාවලට ඒවායේ දේශීය නියෝජිතයන් විසින් ඩොලර්වලින් ගෙවිය යුතු මුදල්ද විශාල ප්‍රමාණයක් හිඟ හිට ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට ගුවන් යානා එවීම සීමා කිරීමටත් ගුවන් ගමන් වාර ප්‍රමාණය අඩු කිරීමත් විදේශීය ගුවන් සේවාවන් සලකා බලාගෙන යයි.
මෙකී අර්බුදය මාස පහක් පමණ කල් ක්‍රමයෙන් උග්‍ර වෙමින් පැවතින. මේ සම්බන්ධයෙන් විසඳුමකට යෑම සඳහා බලධාරීන් සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡුා පවත්වන ලද නමුත් එකඟත්වයකට පැමිණීමට හැකිව නැත. මෙසේ ඩොලර්වලින් ගෙවිය යුතුව හිඟ හිට ඇති මුදල් වන්නේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් හා ගුවන් බඩුවලින් අදාළ සමාගම්වලට ගෙවිය යුතු ප්‍රතිශත මුදලයි.
ඩොලර් අර්බුදය මතුවීමට පෙර මෙම මුදල් ඒවායේ හිමිකරුවන්ට ක්ෂණිකව ගෙවන ලදී. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ඉදිරි සංචාරක ප්‍රවර්ධන කටයුතුවලට විශාල බලපෑමක් කරනු ඇතැයි විශ්වාස කෙරේ. මෙරට සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විශාල මුදලක් ආයෝජනය කර ඇත. එහෙත් ශ්‍රී ලංකාවට එන ගුවන් යානා සීමා කිරීමක් සිදුවුවහොත් එසේ ආයෝජනය කළ මුදල් අපතේ යෑමට ඉඩ ඇති බව සංචාරක සේවයේ නියුතු ව්‍යාපාරිකයෝ පවසති.
සතියකට ගුවන් ගමන් වාර දොළහක් ශ්‍රී ලංකාවට වෙන් කළ විදේශීය ගුවන් සේවා සමාගම් මේ වනවිට එම ප්‍රමාණය ගුවන් ගමන් වාර තුනක් දක්වා අඩුකර තිබේ. මේ අතර ඇතැම් ගුවන් සමාගම් ශ්‍රී ලංකාවට ගුවන් යානා එවීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමේ තත්ත්වයක් ද හටගෙන තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පවත්වාගෙන යෑම සඳහා නම් රජය ගුවන් සේවා සමාගම් වෙත ගෙවන ඩොලර් ඒ ආකාරයෙන්ම කිසිදු බාධාවකින් හෝ ප්‍රමාදයකින් තොරව ගෙවිය යුතු බව සංචාරක ක්ෂේත්රයෙහි මතය වී ඇත.
– divaina
ගුවන් ගමන් අළුතින් පටන් ගත්තා මිසක් නතර කරන්නේ නැහැ ඇයි මේ පච