ඩොලර් නෑ.. විදේශ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල කිහිපයක් වසා දමයි..
December 17, 2021 at 3:00 pm | lanka C news
රජය විසින් මුදල් සීමා කිරීම යටතේ විදේශ රාජ්‍යයන්හි ක්‍රියාත්මක වන තානාපති කාර්යාලයක් සහ කොන්සියුලර් කාර්යාල දෙකක් වසා දැමීමට තීරණය කර තිබේ.
විදේශ සේවය සදහා කරන මුදල් කප්පාදු කරමින් රජයේ වියදම් අවම කිරීමට ගෙන ඇති පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.
මෙසේ වසා දැමීමට තීරණය කර ඇත්තේ නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජර්මනියේ සහ සයිප්‍රසයේ කොන්සයුලර් කාර්යාල දෙකයි.
මීට අමතරව තවත් තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල කිහිපයක්ම වසා දැමීමට රජයේ අවධානය යොමුව තිබේ.
එසේ වසා දමන තානාපති කාර්යාල අදාළ රටවල සබඳතා පවත්වාගෙන යාම සඳහා ආසන්න රටවල ඇති තානාපති කාර්යාල වෙත පැවරීමට ද තීරණය කර ඇත.
I am more than happy.