ඩොලර් නෑ… විශේෂඥ වෛද්‍ය පුහුණුවට වෛද්‍යවරුන් රට යැවීම නවතී…

July 30, 2022 at 8:02 am | lanka C news
ඩොලර් නෑ… විශේෂඥ වෛද්‍ය පුහුණුවට වෛද්‍යවරුන් රට යැවීම නවතී…

මෙරට බලපෑ ඇති විදේශ විනිමය හිඟය හේතුවෙන් විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍යවරුන් විදෙස්ගත කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් මේ සම්බන්ධයෙන් පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනය දැනුවත් කර තිබේ.

නමුත් වැටුප් සහිත රැකියාවක් සමග විදේශ පුහුණුව සඳහා පිටත් වන වෛද්‍යවරුන්ට කිසිදු බාධාවක් නොමැති බව ද එමඟින් දැනුම් දී ඇත.

විදේශ වෛද්‍ය පුහුණුව සඳහා යාමට ගුවන් ටිකට්පත් ලබා ගත් වෛද්‍යවරුන්ට එම මුදල් ආසන්න දිනයක ආපසු ගෙවීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

10,609 views

5 Comments to “ඩොලර් නෑ… විශේෂඥ වෛද්‍ය පුහුණුවට වෛද්‍යවරුන් රට යැවීම නවතී…”

  1. Sunil says:

    මෙතන ලොකු ප්‍රශ්නයක් නෑ
    වැඩි දෙනෙක් වෛද්‍යවරු යන්නෙ එහෙ ගෙවන රැකියා වලට අවුරුදු 1 හෝ 2 ( 4000+ £ UK)
    මේකෙන් හොද විදේශ විනිමයක් ආව.
    හැබැයි දැන් එහෙම යන අය දිගටම නවතියි.

  2. Rasika Herath says:

    මේ ගොලන්ට ලංකාවේ පුහුණුව දෙන්න ජාත්‍යන්තර පිළිගැනීමට අනුකුලව . රටේ සල්ලි විනාශ නොකර

  3. සවාධීන says:

    ඉතාමත් හොද තීරණයක්. නිවාඩු දෙන්නත් ඵපා. මුන් අපේ සල්ලි වලින් ඉගනගෙන අපේ ලෙඩුන්ගෙන් අය කරන්නේ අධික මුදල්. ඵක දවසකට බදු රහිත ආදායම රැ ලක්ෂ 3 ත් 4 අතර.

  4. K says:

    This doesn’t affect the general public much. When they return after training they received at the expense of taxpayers, they spent 90 % of the time on private practice and only 10% in government hospitals.

Main News